ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවති පළමු එක්දින ක්‍රිකට් තරගය අද (11) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්විණි. එහිදී ස්ම්රිතී මන්දානාගේ දක්ෂ හා ඉවසිලිවන්ත පිතිකරණය නිසා කඩුලු 9ක් දැවැන්ත ජයක් ලබා ගැනීමට ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා – ඉන්දීය කාන්තා ක්‍රිකට් තරගාවලියට සියල්ල සූදානම්
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන …
කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චමරි අතපත්තු ගාලු ක්‍රිකට් තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ හොඳ ලකුණු පුවරුවක් වෙත ගොස් ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් ලබා දීමේ අරමුණින් වුවත්, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට එය සිතූ පරිදි පහසුවෙන් සිදුකර ගැනීමට නොහැකි විය.
ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකාරිණියන් යුගලය වූ ප්‍රසාදිනී වීරක්කොඩි හා නායිකා අතපත්තු හට පළමු කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවීමට හැකි වූයේ ලකුණු 8ක සබඳතාවයක් පමණි. ශසිකලා සිරිවර්ධන හා නිපුනි හංසිකා යන මැදපෙළ පිතිකාරිනියන් හට ශ්‍රී ලංකා ඉනිම වැටෙමින් තිබූ අවදානමෙන් මුදවා ගැනීමට නොහැකි වූ අතර ඩිලනි මනෝදරා ලකුණු 12ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා මැදපෙළ කඩුලු බිඳ වැටීම තරමක් දුරට පමාකර ගත්තේය.
4 පහර 2ක් සමඟින් ලකුණු 33ක් ලබාගත් ශ්‍රී ලංකා නායිකාව වන වමතින් පිත්ත හසුරුවන අතපත්තු ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභී ක්‍රීඩිකාව විය. පසුපෙළින් පිටියට පැමිණි ශ්‍රීපාලි වීරක්කොඩි ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වූ 4 පහර 6න් අඩකටම හිමිකම් කියමින් තවත් වටිනා ලකුණු 26ක් ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ තැබුවේය.
ඉන්දීය පන්දු යවන්නියන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 35යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන්ම දැවී ලබාගත්තේ ලකුණු 98කි. පන්දු යැවීමේ දී දකුණතින් මද වේගපන්දු යවන මන්ෂි ජෝෂි ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තාය.
තවත් රටකට තාවකාලික ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරමක්
මේ මස 15 වැනිදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වන ආසියානු කුසලාන ක්‍රිකට් …
ලකුණු 99ක පහසු ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ ආරම්භක වමත් පිතිකාරිණියක් වන ස්ම්රිතී මන්දානා ඉන්දීය ඉනිමේ පළමු පන්දුවේ සිටම පහසුවෙන්ම ශ්‍රී ලංකා පන්දු යවන්නට මුහුණ දෙමින් ලකුණු රැස්කරන්නට විය. පන්දු 76ක් පුරාවට වර්ණවත් වූ ඇයගේ ඉනිමට 4 පහර 11ක් හා 6 පහර දෙකක් අන්තර්ගත විය. මන්දානා හට සහය වෙමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 96ක සාර්ථක සබඳතාවයක් එක් කිරීමට සිය දායකත්වය දැක්වූ පුන්මා රවුට් සිය කණ්ඩායමේ ජයග්‍රහණය පෙනෙන මානයේ තිබිය දී දැවී ගියේ ලකුණු 24කටයි. ඇයගේ කඩුල්ල ඉනෝක රණවීර විසින් දවා ගන්නා ලදි.
පන්දුවාර 19යි පන්දු 5ක් අවසානයේ එක් කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහි ඉලක්කය පසුකරයාමට ඉන්දීය කාන්තා කණ්ඩායම සමත් වූ අතර ඉනිම පුරාවට නොදැවී ක්‍රීඩා කළ ස්ම්රිතී මන්දානා ලකුණු 73*ක් ලබාගෙන තරගයේ වීරවරිය බවට පත්වූවාය.
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩිකා ටානියා භාතියා හා දයාලන් හේමලතා මේ තරගයේ දී ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ජාත්‍යන්තර එක්දින වරම් දිනාගත්තාය.
ශ්‍රී ලංකාව – 98 (35.1): චමරි අතපත්තු 33, ශ්‍රීපාලි වීරක්කොඩි 26, මන්ෂි ජෝෂි 3/16.
ඉන්දියාව – 100/1 (19.5): ස්ම්රිතී මන්දානා 73*, පුන්මා රවුට් 24.
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින ක්‍රිකට් තරගය අනිද්දා (13) ගාලු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී පැවැත්වෙන අතර එම තරගය ද ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















