ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ එංගලන්ත කාලසටහන නිකුත් වෙයි

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ එංගලන්ත සංචාරය 2023

275

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත තරග සංචාරයේ නිල තරග කාලසටහන නිකුත් කර තිබෙනවා.

මෙම වසරෙ අගෝස්තු 31 වැනිදා ආරම්භ වීමට නියමිත මෙම තරගාවලිය සැප්තැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබෙන අතර තරගාවලිය සඳහා එක්දින තරග තුනක් සහ විස්සයි විස්ස තරග තුනක් ඇතුළත් වනවා.

විස්සයි විස්ස තරගාවලියෙන් මෙම සංචාරය ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන අතර පළමු තරගය අගෝස්තු 31 වැනිදා Central County ක්‍රීඩාංගණයේ දීත්, දෙවැනි තරගය සැප්තැම්බර 02 වැනිදා The Cloud County ක්‍රීඩාංගණයේ දී සහ අවසන් තරගය සැප්තැම්බර් 06 වැනිදා The Incora County ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇති.

සැප්තැම්බර 09 වැනිදා Unique Riverside හි පැවැත්වීමට නියමිත එක්දින තරගයෙන් එක්දින තරගාවලිය ආරම්භ වන අතර දෙවැනි තරගය සැප්තැම්බර 12 වැනිදා සහ අවසන් තරගය සැප්තැම්බර 14 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

මෙම එක්දින තරගාවලිය ICC කාන්තා ශූරතාවය යටතේ පැවැත්වෙන නිසා දෙපිලටම මෙය ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් මේ වන විට සුපර් ලීග් තරගාවලිය යටතේ ජය ගෙන ඇත්තේ එක් තරගයක් පමණයි.

එක්දින ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට වැදගත් වෙන මම තරගාවලියේ එංගලන්ත ක්‍රීඩිකාවන් තරග හයකට සහභාගී වී තරග තුනක් ජයග්‍රහණය කර තුනක් පරාජයට පත්ව ඇති අතර එම නිසා ඔවුන්ට ද මෙම තරගාවලිය ඉතා වැදගත් තරගාවලියක් වෙනවා.

තරගාවලියේ කාලසටහන

  • අගෝස්තු 31 – පළමු විස්සයි විස්ස තරගය
  • සැප්තැම්බර 02 – දෙවැනි විස්සයි විස්ස තරගය
  • සැප්තැම්බර් 06 – තෙවැනි විස්සයි විස්ස තරගය
  • සැප්තැම්බර් 09 – පළමු එක්දින තරගය
  • සැප්තැම්බර 12 – දෙවැනි එක්දින තරගය
  • සැප්තැම්බර 14 – තෙවැනි එක්දින තරගය

මෙම තරගාවලිය ඇතුළු කාන්තා ක්‍රිකට් පිටියේ සියලු තොරතුරු සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<