Home Sinhala අතපත්තුගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ්‍රී ලංකාව පල්ලමට

අතපත්තුගේ අවාසනාවන්ත දැවී යාමෙන් ශ්‍රී ලංකාව පල්ලමට

90

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු දෙවන විස්සයි ක්‍රිකට් තරගය අද (30) සිඩ්නි හිදී නිමා වූයේ ශ්‍රී ලංකාවට කඩුලු 9ක දැවැන්ත පරාජයක් හිමිකර දෙමිනි. 

ඒ අනුව විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියේ තවත් තරගයක් ඉතිරිව තිබිය දී ම 2-0ක් ලෙස තරගාවලිය ජය ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත වෙනස් කරයි

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම….

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සිඩ්නි තණතීරුව මත පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේ හොඳ ලකුණු පුවරුවක් වෙත යාමේ අදිටන ඇතිවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අතපත්තු හා යසෝදා මෙන්ඩිස්ගේ සබඳතාවය එක් ලකුණකට සීමා කරමින් මෙන්ඩිස් ලකුණු නොලබාම දැවී ගියේය. 

එතැන් සිට ක්‍රියාත්මක වූ ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන් ශ්‍රී ලංකා පිතිකාරිණියන්ට දැඩි පීඩනයක් එල්ල කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කඩුලු කිහිපයක්ම බිඳ වැටෙන්නට විය.

පළමු තරගයේ දී ශ්‍රී ලංකා ලකුණු සටහන ගෞරවාන්විත  මට්ටමකට රැගෙන යමින් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත අලුත් කළ චමරි අතපත්තු මේ තරගයේ දී අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී යාම ශ්‍රී ලංකා ඉනිමේ සහ තරගයේ ප්‍රධාන හැරවුම්  ලක්‍ෂයක් විය. 

4 පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා ගත් අතපත්තු එම ලකුණු ප්‍රමාණය රැස්කර ගැනීම සඳහා පන්දු 25ක් වැය කළේය. එම කඩුල්ල දවා ගැනීමේ සම්පූර්ණ ගෞරවය ජෝර්ජිය වර්රම් හට හිමි විය යුතු අතර ඇය කවර් කලාපයේ සිට එක්වර පන්දුව රැගෙන කඩුල්ල වෙත එල්ල කරන ලද්දේ දක්ෂ පන්දු රැකීමක නිරත වෙමිනි. 

ශ්‍රී ලංකා මැදපෙළ හා පසුපෙළ පිතිකාරිණියන් එකපෙළට ක්‍රීඩාගාරයට හරි යන විට තරමක් මට්ටමකට පිටියේ ස්ථාවර වෙමින් සිය පරිණතභාවය පෙන්නුම් කළ ශෂිකලා සිරිවර්ධන පන්දු 25ක් තුල ලකුණු 189ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත් විය. 

ඒ ඉනිම සඳහා 4 පහර 2ක් අන්තර්ගත වූ අතර එලීසා පේරි විසින් සිරිවර්ධනගේ කඩුල්ල දවා ගත්තේය. අවසානයේ ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 8ක් දැවී රැස්කර ගැනීමට සමත් වූයේ ලකුණු 84ක් පමණි. පන්දු යැවීමේ දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රියාත්මක වූ පේරි ලකුණු 21කට කඩුලු 2ක් දවාගෙන දස්කම් දැක්විය.

ප්‍රවීණ ක්‍රිකට් කළමනාකරුවෙකු අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම් කළමනාකාරවරයෙකු වන මයිකල් ද….

ලකුණු 85ක පහසු ඉලක්කයක් හඹා ගිය ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තාවන් පන්දුවාර 9කුත් පන්දු 4ක් අවසානයේ සිය නියමිත ඉලක්කය පහසුවෙන්ම සපුරා ගන්නා ලදි. එලයිසා හීලි හා පළමු තරගයේ දී ශතකයක් ලබා ගත් බේත් මූනි ඕස්ට්‍රේලියානු ඉනිම ආරම්භ කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 38ක සබඳතාවයක් ගොඩනැංවූ අතර උදේශිකා ප්‍රබෝධනි විසින් එම සබඳතාවයට තිත තැබුවේ ලකුණු 21ක් ලබා සිටි හීලි දවා ගනිමිනි. 

කෙසේ නමුත් මූනි හා එක්වූ එරින් බර්න්ස් දෙවන කඩුල්ල සඳහා නොදැවුණු ලකුණු 49*ක සබඳතාවයක් ගොඩනංවමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන යන ලදි. 

තරගයේ වීරවරිය – බෙත් මූනි 

Result


Sri Lanka Women
84/8 (20)

Australia Women
87/1 (9.4)

Batsmen R B 4s 6s SR
Chamari Athapaththu run out (Georgia Wareham) 16 25 2 0 64.00
Yasoda Mendis b Tayla Vlaeminck 0 4 0 0 0.00
Anushka Sanjeewani b Megan Schutt 7 14 1 0 50.00
Harshitha Madavi b Georgia Wareham 12 17 1 0 70.59
Shashikala Siriwardene c Megan Schutt b Ellyse Perry 19 25 2 0 76.00
Hansima Karunarathne run out (Alyssa Healy) 0 2 0 0 0.00
Nilakshi de Silva b Nicola Carey 2 8 0 0 25.00
Oshadi Ranasinghe b Ellyse Perry 7 14 0 0 50.00
Ama Kanchana not out 16 11 3 0 145.45
Inoshi Priyadarshani not out 1 1 0 0 100.00


Extras 4 (b 0 , lb 2 , nb 1, w 1, pen 0)
Total 84/8 (20 Overs, RR: 4.2)
Fall of Wickets 1-1 (0.5) Yasoda Mendis, 2-18 (4.5) Anushka Sanjeewani, 3-38 (9.3) Chamari Athapaththu, 4-45 (11.2) Harshitha Madavi, 5-45 (11.4) Hansima Karunarathne, 6-50 (14.1) Nilakshi de Silva, 7-66 (17.3) Shashikala Siriwardene, 8-75 (19.3) Oshadi Ranasinghe,

Bowling O M R W Econ
Tayla Vlaeminck 3 1 13 1 4.33
Megan Schutt 3 1 15 1 5.00
Ellyse Perry 4 0 21 2 5.25
Erin Burns 2 0 8 0 4.00
Nicola Carey 4 1 9 1 2.25
Jess Jonassen 1 0 8 0 8.00
Georgia Wareham 3 0 8 1 2.67


Batsmen R B 4s 6s SR
Beth Mooney not out 28 25 2 0 112.00
Alyssa Healy c Nilakshi de Silva b Udeshika Prabodhani 21 15 2 1 140.00
Erin Burns not out 30 18 6 0 166.67


Extras 8 (b 0 , lb 4 , nb 0, w 4, pen 0)
Total 87/1 (9.4 Overs, RR: 9)
Fall of Wickets 1-38 (4.2) Alyssa Healy,

Bowling O M R W Econ
Udeshika Prabodhani 3 0 12 1 4.00
Inoshi Priyadarshani 1 0 15 0 15.00
Chamari Athapaththu 2.4 0 23 0 9.58
Oshadi Ranasinghe 2 0 20 0 10.00
Shashikala Siriwardene 1 0 13 0 13.00



දෙරට අතර පැවැත්වෙන තෙවැනි විස්සයි විස්ස තරගය අනිද්දා (2) සිඩ්නි හිදීම පැවැත්වෙන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වේ. තරගාවලියේ සියලුම තරග වාර්තා, නවතම පුවත් සහ ලකුණු සටහන් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<