Home Sinhala චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත වෙනස් කරයි

චමරි අතපත්තු ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත වෙනස් කරයි

443

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වුණු පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (29) සිඩ්නි හිදී නිමා වූයේ ශ්‍රී ලංකාවට ලකුණු 41ක පරාජයක් හිමිකර දෙමිනි. ඒ අනුව විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඕස්ට්‍රේලියාව සමත් විය.

සුපිරි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා කාන්තාවන් කැන්ගරුවන් පරාජය කරයි

සංචාරක ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හා ඕස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර…

කෙසේ නමුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ඉතිහාස පොත අලුත් කරමින් නායිකා චමරි අතපත්තු විසින් පන්දු 66ක දී ලබා ගත් සුපිරි ලකුණු 113 නිසා ශ්‍රී ලංකාව ගෞරවාන්විතව තරගය අවසන් කිරීමට හැකි වූ අතර එය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් විස්සයි විස්ස තරග රටාව තුල ලබා ගත් පළමු ශතකය ද විය.

කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකා පන්දු යවන්නියන් හට දැඩි ප්‍රහාරයක් දියත් කරමින් සිය නියමිත පන්දුවාර 20 තුල කඩුලු 4ක් දැවී ලකුණු 217ක දැවැන්ත ලකුණු සටහනක් නිර්මාණය කරගන්නා ලදි.

එහි දී කඩුලු රකින වමත් පිතිකාරිණියක් වන බෙත් මූනි ඇය මුහුණ දුන් පළමු පන්දුවේ සිටම ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වෙමින් පන්දු 61ක් තුල ලකුණු 113ක් ලබාගන්නා ලදි. ඇයගේ ඉනිමට 4 පහර 20ක් අන්තර්ගත විය. 

එම ශතකයට අමතරව එලයිසා හීලි හා ඇශ්ලේයිග් ගාර්ඩ්නර් පිළිවෙළින් ලකුණු 43ක් හා ලකුණු 49ක් රැස්කරගත්තේ ඉතාමත් අඩු පන්දු ප්‍රමාණයක් තුලයි.  ඔවුන්ගේ පළමු කඩුලු දෙක ලකුණු 81ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නියන් සමත් වුවත්, මූනි හා ගාර්ඩ්නර් එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ ලකුණු 115 දැවැන්ත සබඳතාවය නිසා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගෙන් තරගයේ පාලනය ගිලිහී යන ලදි.

පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධනී ඇයගේ පන්දුවාර 4 ලකුණු 31ක් තුල ක්‍රියාත්මක කළේ එක් පන්දුවාරයකට ලකුණු 7.50ක පමණ ලකුණු ප්‍රමාණයක් ලබා දෙමිනි. ඇයට කඩුලු දවා ගැනීමට නොහැකි වුවත් අනෙක් පන්දු යවන්නියන්ට සාපේක්ෂව අඩු මට්ටමේ ප්‍රහාරයකට ලක්වූයේ ඇයයි.

ලකුණු 218ක යෝධ ලකුණුක් හඹා යාමේ අදිටන ඇතිව පිටියට පිවිසි අතපත්තු ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් හට පළමු කඩුල්ල වෙනුවෙන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි විය.

ලකුණු 7ක් ලබා සිටි යසෝදා මෙන්ඩිස් දැවී යාමත් සමඟම ශ්‍රී ලංකා  ඉනිමේ බිඳ වැටීම ආරම්භ වුවත් අනෙක් අන්තයෙන් සිය නායකත්වයේ වගකීම අකුරටම ඉටු කරමින් අතපත්තු දියත් කළ දැවැන්ත ප්‍රහාරය නිසා ශ්‍රී ලංකාවට ගෞරවාන්විත ලෙස තරගය අවසන් කිරීමට අවස්ථාව ලැබුණි.

පන්දු යැවීමට හෝ පන්දුව විසිකිරීමට නොහැකි ක්‍රිකට් ක්‍රීඩකයා

ක්‍රිකට් ක්‍රීඩාවේ ඇතැම් සිදුවීම් විසඳාගත නොහැකි අභිරහස් වශයෙන් ඉතිරි වී තිබෙනවා…

ජෝර්ජියා වර්හැම් ඇතුළු ඕස්ට්‍රේලියානු පන්දු යවන්නියන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ අතපත්තු හැර අනෙකුත් සියලුම පිතිකාරිණියන් අසාර්ථක වීමේ ප්‍රතිඵලයක් ලෙස අතපත්තු මතට තරගයේ සම්පූර්ණ පීඩනය පතිත වන්නට විය. 4 පහර 12ක් හා දැවැන්ත 6 පහර 6ක් එල්ල කරමින් ජවසම්පන්න පිතිකරණයක නිරත වූ අතපත්තු පන්දු 66ක් තුල ලකුණු 113ක් ලබාගෙන සිටිය දී මීගන් ශට් එවූ පන්දුවක් හමුවේ දැවී ගියේය.

ඒ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 17කුත් පන්දුවාර 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 161ක් ලබාගෙන සිටි නමුත්, අත්දැකීම් බහුල ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් ජයග්‍රාහී ලෙස තරගය නිමා කළේ ශ්‍රී ලංකා පසුපෙළ පිතිකාරිණියන් දැක්වූ දුර්වල පිතිකරණ විලාසය ද සවියක් කරගෙනයි. අවසානයේ ශ්‍රී ලංකාව සිය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 176ක් රැස්කර ගන්නා ලදි.

තරගයේ වීරවරිය – බෙත් මූනි

Result


Sri Lanka Women
176/7 (20)

Australia Women
217/4 (20)

Batsmen R B 4s 6s SR
Alyssa Healy c & b Oshadi Ranasinghe 43 21 6 1 204.76
Beth Mooney c Harshitha Madavi b Shashikala Siriwardene 113 61 20 0 185.25
Meg Lanning lbw b Oshadi Ranasinghe 1 6 0 0 16.67
Ashleigh Gardner c Nilakshi de Silva b Chamari Athapaththu 49 27 1 4 181.48
Ellyse Perry not out 5 4 0 0 125.00
Rachael Haynes not out 1 1 0 0 100.00


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 217/4 (20 Overs, RR: 10.85)
Fall of Wickets 1-72 (6.3) Alyssa Healy, 2-81 (8.1) Meg Lanning, 3-196 (18.1) Beth Mooney, 4-212 (19.2) Ashleigh Gardner,

Bowling O M R W Econ
Oshadi Ranasinghe 4 0 44 2 11.00
Udeshika Prabodhani 4 0 31 0 7.75
Sugandika Kumari 4 0 48 0 12.00
Chamari Athapaththu 4 0 53 1 13.25
Shashikala Siriwardene 4 0 40 1 10.00


Batsmen R B 4s 6s SR
Chamari Athapaththu b Megan Schutt 113 66 12 6 171.21
Yasoda Mendis run out (Beth Mooney) 7 6 1 0 116.67
Anushka Sanjeewani c Alyssa Healy b Tayla Vlaeminck 7 6 1 0 116.67
Hansima Karunarathne c Meg Lanning b Delissa Kimmince 16 22 1 0 72.73
Nilakshi de Silva c Delissa Kimmince b Georgia Wareham 10 11 1 0 90.91
Ama Kanchana c Ellyse Perry b Georgia Wareham 9 9 0 0 100.00
Harshitha Madavi not out 0 1 0 0 0.00
Oshadi Ranasinghe run out (Delissa Kimmince) 0 0 0 0 0.00


Extras 14 (b 0 , lb 2 , nb 1, w 11, pen 0)
Total 176/7 (20 Overs, RR: 8.8)
Fall of Wickets 1-15 (2.1) Yasoda Mendis, 2-27 (4.4) Anushka Sanjeewani, 3-103 (13.4) Hansima Karunarathne, 4-161 (17.4) Chamari Athapaththu, 5-170 (19.2) Nilakshi de Silva, 6-176 (19.5) Ama Kanchana, 7-176 (19.6) Oshadi Ranasinghe,

Bowling O M R W Econ
Megan Schutt 4 0 34 1 8.50
Ellyse Perry 2 0 15 0 7.50
Jess Jonassen 4 0 27 0 6.75
Tayla Vlaeminck 3 0 26 1 8.67
Delissa Kimmince 4 0 43 1 10.75
Ashleigh Gardner 1 0 10 0 10.00
Georgia Wareham 2 0 19 2 9.50



මේ තරගාවලියේ දෙරට අතර පැවැත්වෙන දෙවන විස්සයි විස්ස තරගය හෙට (1) සිඩ්නි හිදීම පැවැත්වෙන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 9.30ට ආරම්භ වේ. තරගාවලියේ සියලුම තරග වාර්තා, නවතම පුවත් සහ ලකුණු සටහන් ඔබ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<