දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවයට ශ්‍රී ලංකා කණ්ඩායම සූදානම්

479

5 වැනි දකුණු ආසියානු කාන්තා පාපන්දු ශූරතාවය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම සහභාගී වීමට නියමිතයි. තරගාවලිය එළඹෙන මාර්තු මස 12 වැනිදා සිට 22 වැනිදා දක්වා නේපාලයේ කත්මණ්ඩු හිදී පැවැත්වේ.

ආකීබ් සහ දිමිත්‍රිගේ ගෝල වර්ෂාවෙන් කොළඹට දැවැන්ත ජයක්

2019 ‘AFC’ කුසලාන පාපන්දු තරගාවලියේ මූලික වටයේ තරගයක් ලෙස කොළඹ…..

මෙම තරගාවලිය වසර දෙකකට වරක් පැවැත්වෙන තරගාවලියක් වන අතර 2018 වසරේ දී පැවැත්වීමට නියමිතව තිබුණ ද එම තරගාවලිය 2019 වසර දක්වා කල්දැමීමට සිදු විය. මෙයට පෙර පැවති තරගාවලි 4 හිදී 2012 වසරේ දී සහ 2014 වසරේ දී අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලාංකික කාන්තාවන් සමත් විය.

පසුගිය තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම භූතානය හමුවේ ගෝල 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වූ අතර ඉන්පසු පැවති තරග දෙක ගෝල 5-2ක් සහ ගෝල 1-0ක් ලෙස පිළිවෙළින් මාලදිවයින සහ නේපාල කණ්ඩායම් හමුවේ පරාජයට පත්විය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම මස 5 මුළුල්ලේ පුහුණුවීම් වල නිරත වූ අතර පසුගිය වසරේ දී බහරේන් හි සුහද තරග සංචාරයක් සඳහා සහභාගී විය. එහි දී බහරේන් ජාතික පාපන්දු කණ්ඩායම සමඟ පැවති තරග 3 පිළිවෙළින් ගෝල 5-0ක්, ගෝල 2-0ක් සහ ගෝල 2-1ක් ලෙස පරාජයට පත්විය.

ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින් විසින් බ්ලූ ස්ටාර් සිහින විනාශ කරදමයි

2018/19 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාවය දිනා…..

මේ වන විට ජාතික කාන්තා පාපන්දු සංචිතයේ ක්‍රීඩිකාවන් 29 දෙනෙකු සිටින අතර මෙම මස (පෙබරවාරි) අවසානයේ දී තරගාවලිය සඳහා සහභාගී වන ක්‍රීඩිකාවන් 20 දෙනා තෝරාගැනීමට නියමිතය.

මෙවර ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම පුහුණුකිරීම තිලක් අල්පොන්සෝගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර ඔහුගේ සහයට ධම්මික අතුකෝරාල පත්කර ඇත. ගෝල රැකීමේ පුහුණුකරු ලෙස ලලිත් වීරසිංහ කටයුතු කරනු ඇත. කාන්තා සහාය පුහුණුකාරිනියක ලෙස දීපානි සමරසිංහ ද, භෞත චිකිත්සක ලෙස ගංගා ජයසුන්දර ද, අභ්‍යාසක ලෙස සුජිත් හේවගේ ද පත්කර ඇත. කණ්ඩායම් කළමනාකරු ලෙස හිරාන් රත්නායක කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර තරගාවලියේ දී B කාණ්ඩයේ ක්‍රීඩා කරන අතර පවත්වා ඇති තරගාවලි සියල්ලේම ශූරතාවය හිමිකර ගත් ඉන්දියානු කණ්ඩායම සහ මාලදිවයින් කණ්ඩායම කාණ්ඩයේ සිටින අනෙක් රටවල් වේ. එක් කාණ්ඩයක පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක බැගින් කණ්ඩායම් හතරක් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබනු ඇත.

බැඳිවැව හා කළුතර පොඩ්ඩෝ 14න් පහළ ශූරතා දිනති

සමපෝෂ අනුග්‍රහයෙන් පැවැත්වුණු 2018 වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් …..

A කාණ්ඩය – නේපාලය, භූතානය, බංගලාදේශය සහ පාකිස්තානය

තරග කාලසටහන

  • මාර්තු මස 15 වැනිදා – ශ්‍රී ලංකාව සහ මාලදිවයින – ප.ව. 3.00 – Sahid Rangsala ක්‍රීඩාංගණය
  • මාර්තු මස 17 වැනිදා  – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව – ප.ව. 3.00 – Sahid Rangsala ක්‍රීඩාංගණය

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<