බැඳිවැව හා කළුතර පොඩ්ඩෝ 14න් පහළ ශූරතා දිනති

289

සමපෝෂ අනුග්‍රහයෙන් පැවැත්වුණු 2018 වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශූරතාවලිය සාර්ථකව නිමා කරමින් බැඳීවැව මහා විද්‍යාලය හා කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය 14න් පහළ ශූරතා දිනා ගැනීමට සමත් විය.

කොළඹ ක්‍රීඩා සමාජයේ AFC කුසලාන කාල සටහන නිකුත් වේ

2019 AFC කුසලානයේ පළමු තේරීම් වටයේ පළමු තරගය සඳහා කොළඹ පාපන්දු ක්‍රීඩා සමාජය භූතානයේ ට්‍රාන්ස්පෝර්ට් යුනයිටඩ් කණ්ඩායම සමඟ තරග කරනු ඇත

දිවයින පුරා බාලක පාසල් 500ක හා බාලිකා පාසල් 150ක පමණ සහභාගිත්වයෙන් සිසුන් 12000කට අධික ප්‍රමාණයක් තරගාවලියට එක්විය.

දිස්ත්‍රික් මට්ටමේ තරගවලින් ජය ගත් බාලක කණ්ඩායම් 33ක් සහ බාලිකා කණ්ඩායම් 25ක්, පෙබරවාරි 5-8 දක්වා කොළඹ නගරයේ ස්ථාන හතරක පැවති තරග සඳහා එක්වූ අතර කොළඹ තුරඟ තරග පිටියේ අවසාන වටයේ තරග පැවැත්විය.   

පොල්ගහවෙල පරාක්‍රමබාහු විදුහල සමඟ පැවති ඉතා තියුණු තරගයකින් පසු පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය ගෝල 10–09ක් ලෙස දඬුවම් පහර මගින් බාලිකා ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

බාලිකා ශූරතාව දිනූ පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලය

තුන්වැනි ස්ථානය මලියදේව බාලිකා විදුහල දිනා ගද්දී දක්ෂතම පාපන්දු ක්‍රීඩිකාව ලෙස පොළොන්නරුව බැඳිවැව මහා විද්‍යාලයේ එම්. එල්. සෙනුල්මි හිමාෂා සම්මාන දිනා ගන්නට සමත් විය. හොඳම ගෝල රකින්නීය ලෙස  එම විද්‍යාලයේම ඒ. පී. එරන්දිකා හර්ෂණී සම්මාන දිනා ගන්නා ලදි.

බාලිකා අනුශූරතාව දිනූ පොල්ගහවෙල පරාක්‍රමබාහු මහා විද්‍යාලය

කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලය සහ යාපනය සාන්ත හෙන්රී විද්‍යාලය අතර පැවති බාලක අවසාන මහා තරගයේ දී ගෝල 2-0ක්  ලෙස විශිෂ්ට ජයක් ලැබීමට කළුතර මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාල කණ්ඩායම සමත් විය.

බාලක ශූරතාව දිනූ කළුතර මුස්ලිම් මහා විද්‍යාලය

එහි තෙවැනි ස්ථානය දිනා ගැනීමට කින්නියා අල් අබ්දුල් මජීඩ් විදුහල සමත් වූ අතර දක්ෂතම ක්‍රීඩකයාට හිමි සම්මානය කළුතර මුස්ලිම් මධ්‍ය මහා විදුහලේ එම්. එෆ්. එම්. ෆර්හස් දිනා ගන්නා ලදි.

එම විද්‍යාලයේම එම්. එන්. අහමඩ් බාලක කාණ්ඩයේ හොඳම දැල් රකින්නා ලෙස සම්මාන ලැබීය.

මෙවර ශූරතාවලියේ දී කැපී පෙනෙන සිදුවීම් රැසක් දක්නට ලැබුණු අතර කුරුණෑගල මලියදේව බාලිකා විදුහල අඛණ්ඩව හත්වැනි වරටත් සමපෝෂ පාසල් පාපන්දු ශූරතාවලියේ අවසාන මහා තරගයට සුදුසුකම් ලැබීම විශේෂත්වයක්.

බාලක අනුශූරතාව දිනූ යාපනය සාන්ත හෙන්රී විද්‍යාලය

තරගාවලියේ අවසානයේ පැවති සම්මාන ප්‍රදානෝත්සවයට ක්‍රීඩා අමාත්‍යංශයේ විශේෂ උපදේශක සුනිල් ජයවීර මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. අනුග්‍රාහකයන් නියෝජනය කරමින් CBL ප්ලේන්ටි ෆූඩ් ආයතනයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවන් වන අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි ශම්මි කරුණාරත්න හා CBL ආහාර අංශයේ අලෙවි සාමාන්‍යාධිකාරී ජයංග පෙරේරා, සමපෝෂ නිල කළමනාකරු වී. පී. ගෝවින්න, ප්‍රවර්ධන කළමනාකරු සිසිර ගුණවර්ධන යන මහත්වරු සහභාගී විය.

අයිස් හොකී පසෙකලා පාපන්දුවට පෙම් බැඳී සුපිරි ගෝල රකින්නා

Libuse Cechova විසින් ජීවය ලබා දුන් Petr Cech තුන් නිවුන් .

තවද ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා, අධ්‍යාපන අමාත්‍යංශයේ ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා භාර නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුල විජේවර්ධන සහ ශ්‍රී ලංකා පාසල් පාපන්දු සංගමයේ මහ ලේකම් එන්. එස්. බී. දිසානායක යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී විය.

ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් ප්ලෙන්ටි ෆුඩ්ස් සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරි ෂම්මි කරුණාරත්න මහතා මෙසේ අදහස් දක්වා තිබුණි. “මෙරට තාරුණ්‍යයට ක්‍රීඩාවේ විශිෂ්ටත්වයට ළඟා වීමටත් සක්‍රීය ජීවන රටාවක් පවත්වා ගැනීමටත් ලබා දෙන දිරිය සම්බන්ධයෙන් සමපෝෂ ආඩම්බර වෙනවා. වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල්  පාපන්දු ශූරතාවලිය සඳහා අඛණ්ඩව 10 වැනි වරටත් අනුග්‍රාහකත්වය දැක්වීම අපට විශාල සතුටක්.”

>> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<