අවසන් හතරට යන්නට ඕන ලොකුම ගතිගුණය අපිට තිබුණේ නැහැ – මහේල

මහේල ජයවර්ධන ICC ය වෙත සැකසූ ලිපියක්.

1005

මම හිතන්නේ නැහැ ශ්‍රී ලංකාව ස්ථාවර විදියට දක්ෂතා දැක්වූවා කියලා 2019 ICC ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් කණ්ඩායම් හතර අතරට පිවිසෙන්න. ඔවුන්ගේ මැදපෙළ දක්ෂතා අතරට පිවිසුණේ නැහැ වගේම ලසිත් මාලිංග හැරුණුකොට කිසිදු පන්දු යවන්නෙක් ප්‍රතිවාදීන්ට තර්ජනයක් එල්ල කළේ නැහැ. අවසන් පූර්ව වටයට යන්නට තිබිය යුතු අත්‍යවශ්‍යම ගති ගුණාංගයක් ඔවුන් ළඟ තිබුණේ නැහැ.

ශර්මා සහ රාහුල් ශ්‍රී ලංකාවට අමිහිරි සමුගැනීමක් තිළිණ කරයි

එම ජයග්‍රහණයත් සමඟින් ඉන්දියාව ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ සිට පළමු…………

ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායම පිළිබඳ යම් බලාපොරොත්තුවක් තිබුණා. තරගාවලියට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් හොඳින් ක්‍රීඩා නොකළත් ශ්‍රී ලංකා කණ්ඩායම සෑම විටෙක දී ම විශාල තරගාවලි වල හොඳින් ක්‍රීඩා කරනවා.

බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණය මෙන්ම එංගලන්ත ජයග්‍රහණය ද ශ්‍රී ලංකාවේ සුපුරුදු  ක්‍රිකට් යළි එළියට ගෙනාවා වගේම මෙතනින් ඉදිරියට ඒ ජයග්‍රහණවලින් ලැබුණු පන්නරයෙන් ඉදිරියට යන්න පුළුවන්.

වර්ෂාව නිසා මඟ හැරුණු තරග නැතිනම් ඉන්දියාවත් සමඟ පළමු වටයේ අවසන් තරගය ඉතා වැදගත් තරගයක් වෙන්න තිබුණා. කරුණු කාරණා වෙනස් වෙන්නත් ඉඩ තිබුණා.

ඉන්දියාවට එරෙහිව ඇන්ජලෝ මැතිව්ස් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළා. ඒ ශතකය ඔහුට ලැබිය යුතුමයි. ආරම්භය අසාර්ථක වූ නිසා ශ්‍රී ලංකාව එතරම් ලොකු ලකුණු සංඛ්‍යාවකට යන බව පෙනුණේ නැති වුනත් ලහිරු තිරිමාන්නට හා ඔහුට සුපිරි සබඳතාවයක් ගොඩ නැගීම පිළිබඳ ගෞරවය හිමි විය යුතුයි.

මැදපෙළ යළි අසාර්ථක වන බව පෙනුනත් ඇන්ජෙලෝ ඔහුගේ ඉනිම නිසි ලෙස ගොඩනැගුවා. ඔහු අවදානම් අවස්ථා  කිසිවක් නොගෙන ශ්‍රී ලංකාව ලකුණු 264 ක් කරා රැගෙන ආවා. එය අපි බලාපොරොත්තු වුනාටත් වඩා හොඳ තත්වයක්.

“අපේ ක්‍රීඩකයින්ටත් IPL බිග් බෑෂ් ක්‍රීඩා කරන්න ඉඩ හදලා දෙන්න” – දිමුත්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් වෙනත් රටවල විස්සයි විස්ස ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට ඉඩ සලසා දෙන ලෙස ශ්‍රී ලංකා නායක දිමුත්…………

ඇන්ජලෝ තරගාවලිය මුලදී එතරම් ලකුණු අතර නොසිටිය නමුත් එංගලන්තය සමඟ තරගයේ දී ඔහු හොඳ ඉනිමක් ක්‍රීඩා කරමින් තමාගේ විශ්වාසය යළි ගොඩනගා ගත්තා.

ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් ගොඩක් දේවල් ලබා දෙන්න පුළුවන්. ඔහු අනාගත සැලසුම් වල සිටිය යුතුමයි.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව විසින් සම්පූර්ණයෙන් සිය ග්‍රහණයට ගත් අතර ශ්‍රී ලංකා පන්දු යැවීමේ බල ඇණිය හරිම ඒකාකාරී වුනා. පන්දු යැවීම තමයි මගේ ලොකුම බය වුණේ.

මාලිංග දැන් ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසානයට පැමිණ සිටින විටෙක දී ශ්‍රී ලංකාව තත්වයන් පාලනය කරන්නට හැකි ඕනෑම තණතිල්ලක හොඳින් පන්දු යවන ක්‍රීඩකයින් හතර පස් දෙනෙකු සොයා ගත යුතුයි.

අවිශ්ක ප්‍රනාන්දු වගේ යොවුන් පිතිකරුවන් වගේම තවත් ජ්‍යෙෂ්ඨ පිතිකරුවනුත් සිටිනවා හොඳ පිතිකරු බල ඇණියක් ගොඩ නගන්න. ඔවුන් සියලු දෙනාම වගේ ඉන්දියාවේ පැවැත්වෙන 2023 ක්‍රිකට් ලෝක කුසලානය දක්වා ක්‍රීඩා කරාවි.

නමුත් ඔබට කඩුලු ලබා ගත හැකි පන්දු යවන්නන් ඕන. ඒ නිසාම ශ්‍රී ලංකා කණ්ඩායම නැවත දිවයිනට ගිය පසු පන්දු යවන්නන් සෙවීමේ සැලැස්මක් ආරම්භ කරන්නට ඕන.

ක්‍රිකට් ආයතනය මාධ්‍ය ආයතනයකට එරෙහිව නඩු මගට

පසුගිය ජූලි 4 වැනිදා ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනයක පළවූ වාර්තාවක් මඟින් 2018 වසරේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම……….

මම හිතනවා නායකයෙකු ලෙස දිමුත් කරුණාරත්න ඉතා හොඳ කර්තව්‍යයක් ඉටු කරා කියලා.

ඔහුට පැවරුණේ භාරධුර කර්තව්‍යයක්. ඔහු ඉතා ඉක්මනින් ස්ථාවර වෙලා පාලනය අතට ගත්තා. ඔහු උපක්‍රමික වශයෙන් හොඳ ප්‍රතිඵලයක් සඳහා කළ යුතු සියල්ල කළා.

ඔහු පිත්තෙන් දස්කම් දක්වමින් ලෝක කුසලානය ඉතා හොඳින් ආරම්භ කළා ඒ නිසාම ඔහුට නායකත්වයත් ඉතා හොඳින් කරන්නට හැකි වුනා.

මට හොඳම විශ්වාසයයි ශ්‍රී ලංකාව බොහොම කැමති වෙයි දිමුත් දිගටම නායකත්වයේ ඉන්නවා බලන්න මොකද ඔහු ඔහුට ලබා දුන් වගකීම හරියටම ඉටු කළා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<