“අපේ ක්‍රීඩකයින්ටත් IPL බිග් බෑෂ් ක්‍රීඩා කරන්න ඉඩ හදලා දෙන්න” – දිමුත්

11224

ශ්‍රී  ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ටත් වෙනත් රටවල විස්සයි විස්ස ලීග් තරගාවලි ක්‍රීඩා කිරීමට ඉඩ සලසා දෙන ලෙස ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි. ශ්‍රී ලංකා දේශීය තරග බිමේ ඇති දුර්වලතා මෙම ඉල්ලීමට හේතුව බව AFP පුවත් සේවය වාර්තා කරයි.

Video – “තරගාවලිය හොඳින් ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා ” – දිමුත්

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ අවසන් තරගය හෙට (6) ලීඩ්ස් හිදී ඉන්දියාව…

1996 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රිකට් ලෝක ශූරයින් බවට පත් වූ අතර 2007, 2011 වසරවල අනුශූරයින් ද වූඔවුන් මෙවර අවසන් පූර්ව වටයට හෝ පිවිසීමට අසමත් විය. මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ශාන් වැනි ප්‍රබල ක්‍රීඩකයින් විශ්‍රාම ගැනීම කණ්ඩායමේ පසුබෑමට හේතුවක් වූ බව නොරහසක්. 

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට අවසන් පූර්ව වටයේ ස්ථානයක් සඳහා වූ තරගයෙන් ඉවත් ව ඇති අතර ඔවුන් අද ඉන්දියාව සමඟ සිය අවසන් තරගයට තරග වදිනු ඇත. මෙම තරගය පැවැත්වෙන්නේ හෙඩින්ග්ලී තණ තීරුවේයි.

තරගයට පෙර අදහස් දක්වමින් කරුණාරත්න අදහස් දක්වා පවසා සිටියේ ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය හා ඕස්ට්‍රේලියානු බිග් බෑෂ් තරගාවලිය වැනි ජාත්‍යන්තර තරගාවලි වල අත්දැකීම් ලබා දිය හැකි නම් ඔවුන්ගේ සීමිත පන්දුවාර දක්ෂතාවයන් හා අත්දැකීම් වැඩි දියුණු වනු ඇති බවයි.  

“ශ්‍රී ලංකාවේ අපට තිබෙන්නේ එක් දේශීය තරගවාරයක් පමණයි. ක්‍රීඩකයින් ඒ තරගාවලියේ දී දක්ෂතා දක්වන්න ඕන. ලැබෙන එක් අවස්ථාවෙන් දක්ෂතා දැක්වුවොත් පමණයි අපිට ඔවුන්ගේ දක්ෂතා හඳුනාගන්නට ලැබෙන්නේ.” දිමුත් පවසා තිබුණා.

“අපි ජාත්‍යන්තර ක්‍රීඩා පිටිය හා දේශීය ක්‍රීඩා පිටිය අතර තිබෙන පරතරය වහන්න අවශ්‍යයි. අපි ඔවුන්ට අවස්ථාවක් සාදා දෙන්න ඕන IPL, බිග් බෑෂ් හෝ කවුන්ටි ක්‍රිකට් තරගාවලි ක්‍රීඩා කරන්න.”

“අපි ඔවුන්ට අවසර දෙන්න ඕන ලංකාවෙන් පිටත ක්‍රීඩා කරලා අත්දැකීම් අරන් ආපසු එන්න. ඒ වගේ දේවල් තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මෙම ලෝක කුසලානයට පසුව බලාපොරොත්තු වෙන්නේ.”

දිමුත් දක්ෂ නායකයෙක් වේවි – හතුරුසිංහ

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය ආරම්භ වීමට තවත් ඉතිරිව ඇත්තේ තරග…

ශ්‍රී ලංකා ප්‍රවීණ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ලොව පුරා විස්සයි විස්ස තරගාවලි ක්‍රීඩා කරන අතර ඔහු මේ වසරේ IPL තරගාවලියේ දී මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට IPL ශූරතාවය ද දිනා දෙන්නට සමත් විය. 

ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන සත්කාරකයින් වූ ප්‍රබල එංගලන්ත කණ්ඩායම පරාජය කරමින් තරගාවලිය උඩු යටිකුරු කළ නමුත් පසුව ඔවුන් දකුණු අප්‍රිකාව හමුව පරාජය වූයේ අවසන් කණ්ඩායම හතරට පිවිසීමේ බලාපොරොත්තු සුන් කර ගනිමින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳ හා පිවිසෙන්න<<