මැතිව්ස්ගේ මැජික් හා අවිශ්කගේ ජවයෙන් සමාජ මාධ්‍ය රත් වෙයි

3827

2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර ඊයේ (01) චෙස්ටර් ලී ස්ට්‍රීට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තරගයේ දී ලකුණු 23ක තියුණු ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුනා.

එම තරගයේ දී යොවුන් ක්‍රීඩක අවිශ්ක ප්‍රනාන්දු තම ජාත්‍යන්තර එක්දින තරග දිවියේ මංගල ශතකය රැස් කිරීමට සමත් වීම කැපී පෙණුනි. ඔහු පන්දු 103කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තා. 

අවිශ්කගේ මංගල ජාත්‍යන්තර ශතකය මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් රැස් කළ මංගල ශතකය ලෙසින් ද වාර්තා පොත් අතරට එක් වූ අතර ඒත් සමඟින් ලෝක කුසලානයක ශතකයක් ලබා ගත් ළාබාලතම ශ්‍රී ලාංකිකයා ලෙස ද වාර්තා පොත් අතරට එක්වන්නට ඔහුට හැකි වුනා. තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණේ ද අවිශ්ක ප්‍රනාන්දු ය. 

මේ ඔහුට සුබ පැතුම් එක්ක කරමින් සුප්‍රසිද්ධ චරිත කිහිපයක් ඔවුන්ගේ සමාජ මාධ්‍ය ජාලා තුල පළ කළ අදහස් මෙසේය.

කුමාර් සංගක්කාර අවිශ්ක වැනි ක්‍රීඩකයින්ව රැකගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කටයුතු කරන ආකාරය පිළිබඳව තරගය අතරතුර මෙසේ අදහස් දක්වා තිබුණා. 

එසේම අවිශ්ක මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තුල ක්‍රීඩා කළ තරග දත්ත හා වාර්තා සමාජ මාධ්‍ය තුල සටහන් වෙලා තිබුණේ මෙහෙමයි.

අවිශ්ක ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට සුබ ලකුණක් වන බවට ද සමාජ මාධ්‍ය තුල දැඩි කතාබහක් නිර්මාණය වුනා.

පිතිකරුවන් පිළිබඳව පමණක් නොව පන්දු යවන්නන් ලෙස ඇන්ජලෝ මැතිව්ස් කළ වික්‍රමය හා ලසිත් මාලිංග කොදෙව් මුල්පෙළ පිතිකරුවන් පාලනය කළ ආකාරය ගැනත් සමාජය මාධ්‍ය තුල දැඩි ලෙස කතා බහකට ලක්වෙලා තියෙනවා.

The old warrior, Lasith Malinga kept on giving his 120 percent for Sri Lanka.

ශ්‍රී ලංකාව සහභාගී වන ඊළඟ තරගය මේ මස 6 වැනිදා ඉන්දීය කණ්ඩායම සමඟ ලීඩ්ස් හිදී පැවැත්වීමට නියමිතය. 

තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි, ඡායාරූප පමණක් නොව ICC ආයතනයේ නිල ඩිජිටල් වීඩියෝ පට සහකරු ලෙස විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<