T20 සංචිතයට වෙනස්කම් රැසක්

2427
Sri Lanka vs Australia T20 squad

ඕස්ට්‍රේලියාව සමග හෙටින් ආරම්භ වීමට නියමිත විස්සයි විස්ස තරග ද්විත්වය සදහා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සංචිතයට එක් කර ගැනීමට තේරීම් කමිටුව තීරණය කර ඇත.

පසුගිය ලිපි: අවසන් තරගයෙනුත් ශ්‍රී ලංකාව දෙවැනි වෙයි

පසුගිය දා එක්දින ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගත් තිලකරත්න ඩිල්ෂාන් සංචිතයට ඇතුලත් කර ඇති අතර මිලින්ද සිරිවර්ධන සහ චාමර කපුගෙදර යන ක්‍රීඩකයින්ද සංචිතයට ඇතුලත් කොට ඇත.

5වැනි එක්දින තරගයේදි සංචිතයෙන් ඉවත් කල ක්‍රීඩකයෙකු වන තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ නම ද අවසන් සංචිතයේ ඇති අතර පසුගිය පෙබරවාරී මාසයේ ඉන්දියාව සමග පැවති විස්සයි විස්ස තරගවලදී අවදානයට යොමු වූ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රජිත ද සංචිතයේ දක්නට ලැබේ. විස්සයි විස්ස තරගාවලියට ඇරයුම් ලද තවත් ක්‍රීඩකයෙකු වන්නේ දග පන්දු යවන ක්‍රීඩක සචිත්‍ර‍ සේනානායක වන අතර ඔහු පසුගිය එංගලන්ත සංචාරයේදි සහ ඕස්ට්‍රේලියා තරගාවලිය මුළුල්ලේම තේරීම් කමිටුවේ අවධානය යොමු නොවුනු ක්‍රීඩකයෙකි.

ඩිල්ෂාන්, සිරිවර්ධන, කපුගෙදර සහ තිසර අවසන් වරට අන්තර්ජාතික විස්සයි විස්ස තරගයකට මුහුණ දුන්නේ මාර්තු මාසයේ දකුණු අප්‍රිකාව සමගිනි.

දනුෂ්ක ගුණතිලක, ඇන්ජලෝ පෙරේරා, උපුල් තරංග, අවිශ්ක ෆර්නැන්ඩෝ, නිරෝෂන් දික්වැල්ල, ලහිරු කුමාර, අමිල අපෝන්සු සහ දිල්රුවන් පෙරේරා යන ක්‍රීඩකයින් විවේක ගංවමින් සංචිතයට කැදවා නොමැත.

ශ්‍රී ලංකාව සහ එංගන්තය අතර අවසන් වරට පැවති විස්සයි විස්ස තරගයේදි චමින්ද බණ්ඩාර, ෆර්වීස් මහරූෆ්, රමිත් රඹුක්වැල්ල සහ නුවන් ප්‍ර‍දීප් යන ක්‍රීඩකයින් කණ්ඩායම නියෝජනය කලද මෙම සංචිතයට ඔවුන්ට ඇරයුම් ලැබි නොමැත.

ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය – දිනේෂ් චන්දිමාල් (නායක), තිලකරත්න ඩිල්ෂාන්, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා මහතා, කුසල් මෙන්ඩිස්, මිලින්ද සිරිවර්ධන, චාමර කපුගෙදර, තිසර පෙරේරා, දසුන් ශානක, සචිත් පතිරණ, සීකුගේ ප්‍රසන්න, සුරංග ලක්මාල්, කසුන් රාජිත, සචිත්‍ර සේනානායක

තවත් පුවත් සදහා පිවිසෙන්න – මුල්පිටුවට