කුසලානයට මාන බලන අවසන් උත්සාහය

Asia Cup 2023

468

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (17)) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

මෙම තරගයේ දී එකිනෙකා හමුවෙන්නේ මෙතෙක් ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම වාර ගණනක දී අවසන් මහා තරග සඳහා එක් වූ ශ්‍රී ලංකාව සහ ඉන්දියාවයි.  

මෙතෙක් පැවති තරගාවලිවල දී දෙරට ක්‍රීඩකයෝ අවස්ථා 7ක දී අවසන් මහා තරග සඳහා එකිනෙකා හමු වී ඇති අතර ඉන් අවස්ථා 4ක දී ඉන්දියාව ද, අවස්ථා 3ක දී ශ්‍රී ලංකාව ද ජයග්‍රහණය කර තිබෙනවා. 

එමෙන් ම දෙරට ක්‍රීඩකයෝ මෙම තරගාවලියේ දී මෙතෙක් අවස්ථා 20ක දී එකිනෙකා හමු වී ඇති අතර ඉන් තරග 10ක් බැගින් ජයග්‍රහණ කිරීමට දෙරට ක්‍රීඩකයෝ සමත් ව සිටිනවා.   

ඉන් අවස්ථා 3ක දී අවසන් මහා තරග මෙරට දී පවත්වා ඇති අතර ඉන් තරග 2ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර තිබෙනවා. ඉන්දියාව එක් අවස්ථාවක දී පමණක් ජයග්‍රහණ ලබා තිබෙනවා. 

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ 

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරග තොරතුරු 

  වර්ෂය  සත්කාරකත්වය  තරගයේ ප්‍රතිඵලය  තරගයේ වීරයා 
1  1984  UAE  ඉන්දියාවට කඩුලු 10ක ජයක්.   Surinder Khanna 
2  1986  ශ්‍රී ලංකාව  ඉන්දියාව තරගාවලියට සහභාගී වන්නේ නැහැ. 
3  1988  බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට ලකුණු 17ක ජයක්.  අරවින්ද ද සිල්වා 
ඉන්දියාවට කඩුලු 6ක ජයක්. (F)  Navjot Sidhu 
4  1990-91  ඉන්දියාව   ශ්‍රී ලංකාවට ලකුණු 36ක ජයක්.  අර්ජුන රණතුංග 
ඉන්දියාවට කඩුලු 7ක ජයක්. (F)  Mohammad Azharuddin  
5 

 

1995  UAE  ඉන්දියාවට කඩුලු 8ක ජයක්.  Sachin Tendulkar 
ඉන්දියාවට කඩුලු 8ක ජයක් (F)  Mohammad Azharuddin 
6  1997   ශ්‍රී ලංකාව  ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්.   අර්ජුන රණතුංග 
ශ්‍රී ලංකාවට කඩුලු 8ක ජයක් (F)  මාවන් අතපත්තු 
7  2000  බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට ලකුණු 71ක ජයක්   සනත් ජයසූරිය  
8  2004   ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාවට ලකුණු 12ක ජයක්.  නුවන් සොයිසා 
ඉන්දියාව ලකුණු 4ක ජයක්.   Virender Sehwag 
ශ්‍රී ලංකාවට ලකුණු 25ක ජයක්. (F)  මාවන් අතපත්තු  
9  2008  පාකිස්තානය  ඉන්දියාවට කඩුලු 6ක ජයක්.  MS Dhoni 
ශ්‍රී ලංකාවට ලකුණු 100ක ජයක්. (F)  අජන්ත මෙන්ඩිස් 
10  2010   ශ්‍රී ලංකාව   ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.   Farveez Maharoof 
ඉන්දියාවට ලකුණු 81ක ජයක්. (F)  Dinesh Karthik 
11  2012   බංග්ලාදේශය   ඉන්දියාවට ලකුණු 50ක ජයක්.  Virat Kohli 
12  2014  බංග්ලාදේශය  ශ්‍රී ලංකාවට කඩුලු 2ක ජයක්.   කුමාර් සංගක්කාර 
13  2018  UAE  දෙරට ක්‍රීඩකයෝ හමු වෙන්නේ නැහැ. 
14  2023  පාකිස්තානය  ඉන්දියාවට ලකුණු 41ක ජයක්.  දුනිත් වෙල්ලාලගේ 

 

  • ශ්‍රී ලංකා සංචිතය: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, දිමුත් කරුණාරත්න, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, මහීෂ් පතිරණ, දුනිත් වෙල්ලාලගේ, මතීෂ පතිරණ, කසුන් රාජිත, දුශාන් හේමන්ත, බිනුර ප්‍රනාන්දු, ප්‍රමෝද් මධුශාන්. 
  • ඉන්දීය සංචිතය: Rohit Sharma (නායක), Jasprit Bumrah, Ishan Kishan (කඩුලු රකින්නා), Shreyas Iyer, Ravindra Jadeja, Virat Kohli, Kuldeep Yadav, Mohammed Shami, Mohammed Siraj, Hardik Pandya, Axar Patel, Prasidh Krishna, KL Rahul (කඩුලු රකින්නා), Shubman Gill, Shardul Thakur, Tilak Varma, Washington Sundar, Suryakumar Yadav. 
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ අවසන් තරග 5 ප්‍රතිඵල 
රට  1  2  3  4  5 
ශ්‍රී ලංකාව  ජය 

(PAK) 

පරාජය 

(IND) 

ජය 

(BAN) 

ජය 

(AFG) 

ජය 

(BAN) 

ඉන්දියාව  පරාජය 

(BAN) 

ජය  

(SL) 

ජය 

(PAK) 

ජය  

(NEP) 

නොවිසඳුණ 

(PAK) 

 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ මෙතෙක් ආ ගමනේ දී වඩාත් විශ්වාසවන්ත කණ්ඩායමක් ලෙස පිළිගැනීමකට ලක් ව තිබෙනවා. නමුත් තව දුරටත් ඉදිරි පෙළ පිතිකරුවන්ගේ නොහික්මුණ දැවී යෑම් ගැන ඇත්තේ කනස්සල්ලක් 

ඉන්දීය කණ්ඩායම වැනි දක්ෂතාවන් සපිරි කණ්ඩායමක් ඉදිරියේ මේ අඩු ව තව දුරටත් සිදු වෙන්නේ නම් තරගයේ ප්‍රතිඵලය අවාසිදායක විය හැකියි. එබැවින් කණ්ඩායම් සාමාජිකයන්ගේ වහා අවධානයට ලක් විය යුතු කරුණ වන්නේ ඒ ගැන සැලකිලිමත් වීමයි.  

පෙර තරගයේ දී තරග දිනවන්නෙක් ලෙසින් වඩාත් විශ්වාසවන්ත ඉනිමක නිරත වූ චරිත් අසලංකට සේ ම මේ වන විට ලකුණු අතර සිටින කුසල් මෙන්ඩිස් සහ සධීර සමරවික්‍රමට ද නිදහසේ තම දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට හැකි වාතාවරණයක් උදා කිරීම අන් ක්‍රීඩකයන්ගේ වගකීමක් කර ගත යුතුයි.   

මෙහි දී දිමුත් කරුණාරත්න වෙනුවට කණ්ඩායමට එක් වූ කුසල් පෙරේරාට සහ නායක දසුන් ශානකට ද වැඩි වැඩ කොටසක් පැවරෙනවා. දසුන් තව දුරටත් ලකුණු අතරට නොපිවිසීම විශාල අඩුවක් ලෙසයි දකින්නනේ 

පන්දු යවන්නන් ලෙසින් සුපුරුදු පරිදි ම කසුන් රාජිත, මතීෂ පතිරණ සහ දුනිත් වෙල්ලාලගේ ප්‍රධාන පන්දු යවන්නන් ලෙසින් කටයුතු කරනු ඇතැයි සිතේ.   

පෙර තරගයේ දී ආබාධිත ලැයිස්තුවට එක් වූ මහීෂ් තීක්ෂණ තව දුරටත් එම තත්ත්වයේ ම පසුවන බැවින් මෙම තරගයේ දී ඔහු වෙනුවට දුශාන් හේමන්ත කැඳවීමේ වැඩි ඉඩ කඩක් පවතිනවා.  

ඉන්දියාවට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කෙරෙන ශ්‍රී ලංකා කණ්ඩායම: දසුන් ශානක (නායක) පැතුම් නිස්සංක, කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), සධීර සමරවික්‍රම, චරිත් අසලංක, ධනංජය ද සිල්වා, දුනිත් වෙල්ලාලගේ, දුශාන් හේමන්ත, කසුන් රාජිත සහ මතීෂ පතිරණ. 

ඉන්දීය කණ්ඩායමේ සූදානම 

තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම ලෙසින් හැඳින්වෙන ඉන්දීය කණ්ඩායම මෙම තරගයට එක් වෙන්නේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමුවැනියා වෙමින්. පෙර තරගයේ දී ඔවුන් බංග්ලාදේශය හමුවේ ලකුණු 6කින් පරාජයට පත් වූව ද, ඔවුන් කෙරෙහි පවතින විශ්වාසයේ කිසිදු අඩුවක් සිදු කළ නොහැකි. ඒ ඔවුන් නොසිතූ අවස්ථාවක වූව ද තරගය අවතීර්ණ වීමේ හැකියාවෙන් යුක්ත බැවිනුයි. 

ඊට සරිලන ප්‍රබල පිතිකරණ ලැයිස්තුවක් ඔවුන් සතුයි. එහි පළමු අසුන හිමිකර ගෙන සිටින්නේ 24 හැවිරිදි වියේ පසුවන ආරම්භක පිතිකරු Shubman Gill. ඔහු මේ වන විට තරග 5ක ඉනිම් 5ක දී ලබා ගෙන සිටින ලකුණු ප්‍රමාණය 275ක්. ඊට ශතකයක් සහ අර්ධ ශතක 2ක් ද ඇතුළත් අතර ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 68.75ක් ලෙසින් ද පවත්වා ගැනීමට ඔහු සමත් ව සිටිනවා.  

ඊට අමතර ව නායක Rohit Sharma ලකුණු 194ක් ලබා ගනිමින් ද, KL Rahul තරග 3ක දී ලකුණු 169ක් ලබා ගනිමින් ද සහ Virat Kohli ලකුණු 129ක් ලබා ගනිමින් ද මෙම ලැයිස්තුව සරසනවා.  

පන්දු යැවීමේ දී Kuldeep Yadav කඩුලු 9ක් ලබා ගනිමින් මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා ලෙසින් ඉන්දීය ලැයිස්තුවේ ප්‍රමුඛයා වී සිටින අතර Ravindra Jadeja, Shardul Thakur සහ Mohammed Siraj විශ්වාසවන්ත පන්දු යවන්නන් ලෙසින් ඉන්දීය කණ්ඩායම හා එක් වෙනු නියතයි.  

පරාජය වූ බංග්ලාදේශ තරගය හා එක් නොවුණ බොහෝ දෙනෙක් මෙම තරගය හා නැවත එක් වීමේ වැඩි ඉඩකඩක් පවතින අතර ඔවුන් අතරට Virat Kohli මෙන් ම Hardik Pandya ද සිටිනවා.  

එබැවින් ඔවුන් කෙරෙහි වැඩි අවධානයෙන් සිටීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වෙනවා.  

මේ වන විට ආබාධිත තත්ත්වයේ පසුවන Axar Patel වෙනුවට මෙම තරගයට Washington Sundar කැඳවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා.  

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කරතැයි අනුමාන කරන ඉන්දීය කණ්ඩායම: Rohit Sharma (නායක), Shubman Gill, Virat Kohli, KL Rahul (කඩුලු රකින්නා), Ishan Kishan, Hardik Pandya, Ravindra Jadeja, Kuldeep Yadav, Mohammed Siraj, Jasprit Bumrah, Washington Sundar 

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඉන්දියාව සහභාගී වෙන 50 වැනි එක්දින ජාත්‍යන්තර තරගයයි මේ. ඉන් තරග 25ක් ඔවුන් ජයග්‍රහණය කර ඇති අතර තරග 20ක් පරාජය වීමෙන් ද සහ තරග 4ක් විසඳුමකින් තොරව ද අවසන් ව තිබෙනවා.  

කෙසේ වෙතත් ශ්‍රී ලංකා – ඉන්දියා එක්දින තරග ඉතිහාසයේ දී 2021 වසරට පසුව මෙතෙක් ඉන්දියාවට එරෙහිව ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අසමත් ව සිටිනවා. ඔවුන් අවසන් වරට ජයග්‍රහණය ලබන්නේ 2021 වසරේ ජූලි මාසයේ දී කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති තරගයයි. එතැන් සිට ඔවුනොවුන් තරග 4ක දී හමුව ඇති අතර ඒ සියලු තරග ජයග්‍රහණය කරන්නේ ඉන්දියාවයි. 

තරගය සඳහා කාලගුණයෙන් දැඩි හානියක් නොවන බවට වාර්තා පවතින අතර අද උදෑසන 5.30ට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරනු ලැබූ වාර්තාවේ දැක්වෙන්නේ බස්නාහිර පළාතට වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි.  

2023 ආසියානු එක්දින ක්‍රිකට් කුසලානය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<