“ටිට්ලි“ දඹුලු තරගය විනාශ කරයි

1854

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයෙන් ඇරඹි “ටිට්ලි සුළි කුණාටුවත්“ සමඟම මෙරට සංචාරයක නිරත වීමට පැමිණි එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පළමු එක්දින ජාත්‍යන්තර තරගය අද (10) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට ඇදහැලුණු වැස්ස හේතුවෙන් අතරමග නතර කර දැමීමට පිටියේ විනිසුරුවන් තීරණය කළේය.

ඒ අනුව දෙරට අතර විසඳුමකින් තොරව අවසන් වූ දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ලෙසින් මෙම තරගය ඉතිහාසයට එක් විය. එක්දින තරග 5කින් යුත් තරගාවලිය ආරම්භ වීමට ප්‍රථම පැවති දෙවැනි පුහුණු එක්දින තරගයට ද ටිට්ලි සුළි කුණාටුව කළ බලපෑම් හේතුවෙන් තරගයේ පන්දුවක් හෝ නොයවා නතර කරන ලදි.

වසර 11කට පසුව දඹුල්ලට එන මහත්වරුන් පිළිගැනීමට සිංහයින් සීරුවෙන්?

වසර 36ක ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට්…

අද තරගය ආරම්භ වී විනාඩි 70කට පමණ පසුව පිටියට ඇද හැළුණ වර්ෂාව දිගින් දිගට පැය කිහිපයක්ම පැවැතියෙන් නැවත තරගය ආරම්භ කිරීමට තරම් තත්ත්වයක් ඇති නොවුණි. ඒ අනුව රාත්‍රී 8.15ට පිටිය නිරීක්ෂණය කළ පිටියේ විනිසුරුවන් වූ රුචිර පල්ලියගුරුගේ සහ අලීම් ඩාර් යන මහත්වරුන් තරගය තව දුරටත් පවත්වා ගෙන යා නොහැකිය යන තීරණය මත නතර කර දමන ලදි. ඒ වෙද්දී එංගලන්ත ක්‍රීඩකයෝ පන්දුවාර 15ක දී කඩුලු 2ක් දැවී ලකුණු 92ක් ලබා සිටිය හ.

ජෝ රූට් නොදැවී ලකුණු 25ක් ද, ඉයන් මෝර්ගන් නොදැවී ලකුණු 14ක් ද ලබා ගනිමින් පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලේ නොදැවුණ ලකුණු සබඳතාව 41ක්ව තිබුණි.

ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවක් ගොඩ නැගීමට ජේසන් රෝයි සහ ජොනී බෙයාර්ස්ටෝව් සමත් වූහ.

පන්දුවාර 8ක් පුරා පිටියේ රැඳී සිටි ඔවුන් දෙදෙනා අතරින් පළමු කඩුල්ල ලෙසින් පිටිය හැර ගියේ බෙයාර්ස්ටෝව් ය. නුවන් ප්‍රදීප් ගේ පන්දුවකට නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දී දැවී යන විට බෙයාර්ස්ටෝව් ලකුණු 25ක් ලබා සිටියා. පන්දු 24කින් සමන්විත ඔහුගේ ඉනිමේ හතරේ පහර 4ක් සහ හයේ පහරක් ද ඇතුළත්ව තිබුණි.

ඒ හා සුනංගුවෙන් ම එංගලන්ත ඉනිමේ දෙවැනි කඩුල්ල ද දවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ. ඒ අ‍නෙක් ආරම්භක පිතිකරු ජේසන් රෝයි ද දවා ගනිමිනි. අකිල දනංජයගේ පන්දුවකට අතිරේක ක්‍රීඩක සධීර සමරවික්‍රම විසින් රැක ගත් උඩ පන්දුවක් හේතුවෙන් රෝයි තම ඉනිම අවසන් කර ගන්නා විට පන්දු 27කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියේ ය.

අනතුරුව තෙවැනි කඩුල්ලට පිටියට එක් වූ ජෝ රූට් සහ නායක ඉයන් මෝර්ගන් වඩාත් ආරක්ෂාකාරී වෙමින් එංගලන්ත ලකුණු පුවරුව ශක්තිමත් කළහ.  

තරගය අතරමග නතර වෙද්දී ලසිත් මාලිංග පන්දුවාර 5ක් යවා තිබූ අතර ලකුණු 37ක් ලබා දුන්න ද කිසිදු කඩුල්ලක් ලබා ගැනීමට සමත්ව නොසිටි අතර නුවන් ප්‍රදීප් ලකුණු 23කට කඩුල්ලක් ද සහ අකිල දනංජය ලකුණු 30කට කඩුල්ලක් ද දවා ගෙන සිටිය හ.  

දඹුල්ලේ දී පැවති අවසන් එක්දින තරග 7ක දී ලැබූ පරාජයන් සේ ම ආසියානු කුසලාන තරගාවලියේ දී ලැබූ ලැජ්ජා සහගත පරාජයන් හී කඩතොලු මකා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලැබුණ මෙම සුවිශේෂී අවස්ථාව උපරිමයෙන්ම ලබා ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව වූව ද ටිට්ලි සුළි කුණාටුව එම බලාපොරොත්තුව තවත් ඈත් කළේය. අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන්නන් දෙදෙනෙක්, දඟපන්දු යවන්නන් දෙදෙනෙක්, තුන් ඉරියව් ක්‍රීඩකයන් දෙදෙනෙක් සහ පිතිකරුවන් 5 දෙනෙක්ගෙන් යුත් කණ්ඩායමක් නම් කෙරුණි.

වසර 11කට පසුව දඹුල්ලට එන මහත්වරුන් පිළිගැනීමට සිංහයින් සීරුවෙන්?

වසර 36ක ක්‍රිකට් ඉතිහාසයකට හිමිකම් කියනු ලබන ශ්‍රී ලංකා – එංගලන්ත එක්දින ක්‍රිකට්…..

ශ්‍රී ලංකා නායක දිනේෂ්  චන්දිමාල් අද ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූයේ එක්දින තරග 7කට පසුව ය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආසන්නත ම තරගාවලිය වූ ආසියානු කුසලාන තරගාවලිය ඔහුට අහිමි වෙන්නේ ආබාධිත තත්ත්වයක් නිසා ය. ඊට පෙර මෙරට දී පැවති දකුණු අප්‍රිකානු තරග සංචාරය ද දිනේෂ් චන්දිමාල්ට මඟ හැරුණි. මේ කාලය මාස 9කි.

අද තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක්වෙන ලසිත් මාලිංග පසුගිය වසරේ සැප්තැම්බරයේ දී ඉන්දීය කණ්ඩායමට එරෙහි ව මෙරට දී තරග කළ පසු ශ්‍රී ලංකාවේ දී ජාත්‍යන්තර එක්දින තරගයකට මුහුණ දුන් පළමු තරගය විය.  

මේ අතර එංගලන්තය වෙනුවෙන් අද තරගයේ දී වොර්ක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරන 25 හැවිරිදි දකුණතින් වේගපන්දු යවන ඔලී ස්ටෝන් එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ ය. ඔහු වොර්ක්ෂයර් ප්‍රාන්තය නියෝජනය කරමින් පැවති අවසන් තරග 5 දී කඩුලු 28ක් දවා ගෙන දක්ෂතා දක්වා ඇත.

>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<

එංගලන්තය; කඩුලු 2ක් දැවී 92 (15.0): ජේසන් රෝයි  24, ජොනී බෙයාර්ස්ටෝව් 25, ජෝ රූට් නොදැවී 25

දෙරට අතර පැවැත්වෙන දෙවැනි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය එළඹෙන 13 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිත අතර යම් ලෙසකින් එම දිනයේ දී ද ටිට්ලි සුළි කුණාටුව තරගයට බාධා කෙරේ නම් ඊට අමතර දිනයක් එක් කිරීමට සංවිධායකයෝ තීරණය කර ඇත.

තරගාවලියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<









Title





Full Scorecard

England

92/2

(15 overs)

Result

Sri Lanka

0/0

(0 overs)

Match Called Off

England ‘s Innings

Batting R B
Jason Roy c S Samarawickrama b A Dananjaya 24 27
Jonny Bairstow c N Dickwella b N Pradeep 25 24
Joe Root not out 25 28
Eoin Morgan not out 14 11
Extras
4 (lb 2, w 2)
Total
92/2 (15 overs)
Fall of Wickets:
1-49 (J Bairstow, 7.6 ov), 2-51 (J Roy, 8.4 ov)
Bowling O M R W E
Lasith Malinga 5 0 37 0 7.40
Nuwan Pradeep 5 0 23 1 4.60
Akila Dananjaya 5 0 30 1 6.00

Sri Lanka’s Innings

Batting R B
Extras
Total
0/0 (0 overs)
Fall of Wickets:
Bowling O M R W E