මහත්වරුන් පුදුම කල සාර්ථක ආරම්භකයක්

670
Sri Lanka v England 3rd
ක්‍රිස් වෝර්ක්ස් දවා ගත් සතුට සමරන රංග සහ කණ්ඩායම ©AFP

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරඟය ඊයේ (09) එංගලන්තයේ ලෝඩ්ස් පිටියේදී ආරම්භ විය.

මෙම තරඟයේ දෙවන දිනය (10) අද ක්‍රියාත්මක වුනු අතර මේවන විට ශ්‍රී ලංකා කණ්ඩායම යම් ස්ථාවරයක් ගොඩනංවා ඇත.දෙවන දිනය නිම වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා එක් කඩුල්ලක් දැවී ලකුණු 162 ක් ලබා සිටින ලදි.

පසුගිය ලිපි: උණුසුම් කාළගුණයක්, පළමු දිනය ශ්‍රී ලංකාවට

තරගයේ පළමු දිනය නිමාවන විට එංගලන්ත කණ්ඩායම තම පළමු ඉණිමට කඩුලු 6 ක් දැවී ලකුණු 279 ක් ලබා සිටින ලදි. ඒවන විට නොදැවී ක්‍රීඩා කල ජොනතන් බෙයාර්ස්ටොවු ලකුණු 107* ක් හා ක්‍රිස් වෝක්ස් ලකුණු 23 ක් ලබා සිටින ලදි. දිනයේ මුල්ම කඩුල්ල ලෙස ලකුණු 66 ක් ලබා සිටි වෝක්ස් දැවී යන ලදි. ස්ටුවර්ට් බ්‍රෝඩ් ලකුණු 14යි, ස්ටීවන් ෆින් ලකුණු 7 ක් හා ජිමී ඇන්ඩර්සන් ලකුණු 4 කට දවාලීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් විය. ඔවුන්ට තරමක් හෝ හිසරදයක් වූ බෙයාර්ස්ටොවු නොදැවී 4 පහරවල් 18 ක් සමඟ ලකුණු 167* ක් ලබාගැනීමට සමත් විය.

එංගලන්ත පළමු ඉණිම – 416-10 (128.4) බෙයාර්ස්ටොවු 167*, ඇලෙස්ටයර් කුක් 85, වෝක්ස් 66, රංගන හේරත් 4/81, සුරංග ලක්මාල් 3/90

පළමු ඉණිම ආරම්භ කිරීමට  ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසි දිමුත් කරුණාරත්න හා කෞෂාල් සිල්වා, එංගලන්ත පන්දු යවන්නන් නොසිතූ ලෙස පෙර තරඟ දෙකට සාපේක්ෂව හොදින් පන්දුව අවබෝධ කරගෙන පන්දුවට පහරවල් එල්ල කරන බව පෙනෙන්නට විය. ඔවුන් දෙදෙනා ශ්‍රී ලංකා කණ්ඩායමට සාර්ථක ආරම්භක සබඳතාවයකට අඩිතාලම සකස් කල අතර පළමු කඩුල්ල සඳහා ලකුණු 108 සබඳතාවයක් ගොඩනැංවීමට ඔවුන් දෙපල සමත් විය.

තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන් – පිවිසෙන්න ක්‍රිකට් පිටුවට

කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 8 වන අර්ධ ශතකය වාර්තා කිරීමට සමත් විය. කරුණාරත්න ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස දැවී යන ලදි. ස්ටීවන් ෆින් යැවූ පන්දුවකටයි. ඔහු 4 පහරවල් 7 ක් සමඟ ලකුණු 50 කට දැවීයන ලදි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම එන් කඩුල්ලක් දැවී ලකුණු 162 ක් ලබාසිටින අතර නොදැවී ක්‍රීඩා කරන කෞෂාල් තම ටෙස්ට් දිවියේ තෙවන අර්ධ ශතකය ලබාගනිමින් 4 පහරවල් 10 ක් සමඟ නොදැවී  ලකුණු 79* ක් ලබා දක්ෂතා දක්වමින් සිටියි. නොදැවී ක්‍රීඩා කරන කුසල් මෙන්ඩිස් ලකුණු 25* යි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන දිනය නිමාවන විට එංගලන්ත පළමු ඉණිමට වඩා ලකුණු 254 ක් පිටුපසින් සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉණිම (2වන දිනය නිමාවන විට) – 162-1(49) කෞෂාල් සිල්වා 79*, දිමුත් කරැණාරත්න 50, කුසල් මෙන්ඩිස් 25* ස්ටීවන් ෆින් 1/31

හෙට (11) තරගයේ තෙවන දිනයයි

තවත් පුවත් සිංහලෙන් කියවන්න – පිවිසෙන්න

Highlights of day two