බැලන් ඩි’ඔර් සම්මානයෙන් පිදුම් ලද සුපිරි පාපන්දු ක්‍රීඩක කරීම බෙන්සිමා සෞදි අරාබියේ අල්-ඉටිහාඩ් පාපන්දු සමාජය වෙත යාමට තීරණය කොට තිබෙනවා.
35 හැවිරිදි බෙන්සිමා මේ වන විට ශූරතා 25ක් දිනා ගත් ක්‍රීඩකයෙක්. රියාල් මැඩ්රිඩ් කණ්ඩායම සමඟින් ශූරතා රැසක් ජයග්‍රහණය කළ ඔහු මේ වසරේ දී රියාල් මැඩ්රිඩ් හැර යන බව සඳහන් වුනා.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට පමණක් දෙවැනි වෙමින් රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ගෝල ලබා ගත් ක්‍රීඩකයින් අතර ඔහු දෙවැනි තැන පසුවන්නේ ගෝල 354ක් සමඟින්.
රියාල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් ගෝල 450ක් වාර්තා කළ රොනාල්ඩෝ ද මේ වන විට ක්‍රීඩා කරන්නේ සෞදි අරාබියානු ලීගයේ අල් නසර් කණ්ඩායම වෙනුවෙන්.
“ඒක හොඳ ලීග් එකක්. හොඳ ක්‍රීඩකයන් ගොඩක් ඉන්නවා. රොනාල්ඩෝ දැනටත් එහෙ ඉන්නවා. ඔහු සෞදි අරාබියේ මට්ටම තවත් ප්‍රගතියට පත්වෙනවා කියන එක පෙන්නන මිත්‍රයෙක්,” ඔහු BBC වෙත පැවසුවා.






















