Home Sinhala අවිශ්ක සහ චාමිකගෙන් ශ්‍රී ලංකාවට අමතක නොවන ජයග්‍රහණයක්

අවිශ්ක සහ චාමිකගෙන් ශ්‍රී ලංකාවට අමතක නොවන ජයග්‍රහණයක්

ICC ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය 2021

6600

ICC විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ වීමට පෙර පැවැත්වෙන පුහුණු තරග අද (12) ආරම්භ වුනා. එහි දී බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති තරගය කඩුලු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනා.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 7ක් දැවී ලකුණු 147ක් රැස්කර ගත්තා. එහි දී ඉනිමේ වැඩිම ලකුණුලාභියා වුනු Saumya Sarkar ලකුණු 34ක් වාර්තා කරගන්නා විට, ශ්‍රී ලංකාව වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වුනු දුෂ්මන්ත චමීර ලකුණු 27කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වුනා.

ලකුණු 148ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ මුල්පෙළ කඩුලු 6ක් ලකුණු 95ක් තුළ බිඳ වැටුණු නමුත්, අවිශ්ක ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්න ඔවුන්ගේ නව පිතිකරණ ස්ථානයන් වෙනුවෙන් උපරිම වගකීම ඉටු කළා.

අවසන් පන්දුවාර 4 තුළ ලකුණු 53ක් වාර්තා කරගනිමින් සුපිරි ප්‍රහාරයක් දියත් කිරීමට අවිශ්ක සහ චාමික සමත් වූයේ පන්දුවාර 15ක් අවසානයේ 95/6ක් ලෙස දිස්වූ ශ්‍රී ලංකා ඉනිම නොසිතූ අවසානයක් වෙත රැගෙන යමිනි.

එහි දී අවිශ්ක පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් එල්ල කරමින් නොදැවී ලකුණු 62*ක් වාර්තා කරගෙන සුපිරි ඉනිමක් දියත් කළ අතර චාමිකගේ ලකුණු 29 ඉනිමට හතරේ පහරක් සහ හයේ පහරක් ඇතුළත් වුනා.

A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: controllers/Embed.php

Line Number: 86

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 86
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once


A PHP Error was encountered

Severity: Warning

Message: Invalid argument supplied for foreach()

Filename: embed/match_result.php

Line Number: 115

Backtrace:

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/views/embed/match_result.php
Line: 115
Function: _error_handler

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/application/controllers/Embed.php
Line: 92
Function: view

File: /var/www/stats.thepapare.com/htdocs/cricket/index.php
Line: 315
Function: require_once



ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවැනි සහ අවසන් පුහුණු තරගය අනිද්දා (14) පැපුවා නිව් ගිනියා කණ්ඩායම සමඟ පැවැත්වෙනවා. එහි තොරතුරු ද ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<