ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායම මාලදිවයිනට

ශ්‍රී ලංකා වොලිබෝල් කණ්ඩායමේ මාලදිවයින් සංචාරය 2023

992

මාලදිවයින් ජාතික වොලිබෝල් කණ්ඩායම සමඟ තරගාවලියක් සඳහා ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම අද (11) මාලදිවයින බලා පිටත් වීමට නියමිතව තිබෙනවා.  

මෙම තරගාවලිය අගෝස්තු 12 වැනිදා සිට 16 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත අතර මලීෂ රවිෂාන්, මහේෂ් වන්නිගම, ෂෙහාන් ලක්ෂිත, සනුක මදුභාෂණ, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, මනෝජ් සුරංග, ලසිදු මෙත්මාල් සහ දීප්ති රොමේෂ් යන ක්‍රීඩකයින් මෙම සංචාරය සඳහා පිටත් වන සංචිතය සඳහා ඇතුළත් වෙනවා.  

සංචිතයේ ප්‍රධාන පුහුණුකරු ලෙස චන්න ජයසේකර මහතාත්, සහාය පුහුණුකරු ලෙස නිෂාන් ඉන්දික මහතාත් සහ කළමනාකරු ලෙස මහතාත් අජිත් නෙත්තසිංහ මහතාත් කටයුතු කරනු ලබනවා.  

තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය: මලීෂ රවිෂාන්, මහේෂ් වන්නිගම, ෂෙහාන් ලක්ෂිත, සනුක මධුභාෂන, අයේෂ් දිල්හාන්, වසන්ත ලක්මාල්, මලිත් දිනිදු, මහේල ඉන්දීවර, තරිදු ලක්මාල්, මනෝජ් සුරංග, ලසිදු මෙත්මාල්, , දීප්ති රොමේෂ්, චන්න ජයසේකර – ප්‍රධාන පුහුණුකරු, අජිත් නෙත්තසිංහ – කළමණාකරු, නිෂාන් ඉන්දික – සහාය පුහුණුකරු. 

තරගාවලිය කාලසටහන

මෙම තරගාවලිය ඇතුළු වොලිබෝල් තරග පිටියේ සියලු පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 01 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟ. 

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<