ශ්‍රී ලංකා කාන්තා A කණ්ඩායම සහ නවසීලන්ත කාන්තා A කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ 2 වැනි තරගය ද වර්ෂාව හේතුවෙන් අද (15) අතරමඟ නතර කිරීමට සිදු වුණා.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 197ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි නවසීලන්ත A ක්‍රීඩිකාවෝ තරගය වර්ෂාව හේතුවෙන් නතර කරන විට කඩුලු 4ක් දැවී ලකුණු 66ක් ලබා සිටියා.
>>කාන්තා A කණ්ඩායම් තරගය වර්ෂාවට බිලි වෙයි
මෙම තරගයට ශ්‍රී ලංකා A කණ්ඩායම පෙර තරගයට එක් වූ කණ්ඩායම ම එක් කර තිබූ අතර නවසීලන්ත කාන්තා A කණ්ඩායම සහභාගී වෙන්නේ වෙනස්කම් 4ක් සිදු කරමිනුයි. ඒ අනුව ඔවුන්ගේ කණ්ඩායමට පෙර තරගය හා එක් ව සිටි JA Watkins, Hannah Rowe, Xara Jetly සහ Kayley Knight වෙනුවට Bella Armstrong, Emma Black, Marama Downes සහ Fran Jonas එක් කර තිබුණා.
ශ්‍රී ලංකා කාන්ත A කණ්ඩායම
සත්‍යා සංදීපනී (නායිකාව), විශ්මි ගුණරත්න, සංජනා කාවින්දි, විමෝක්ෂා බාලසූරිය, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), පියුමි වත්සලා, ලිමංසා තිලකරත්න, දෙව්මි විහංඟා, රශ්මිකා සෙව්වන්දි, තාරුකා ෂෙහානි සහ චමුදි ප්‍රබෝධා.
නවසීලන්ත කාන්තා A කණ්ඩායම
Jess Watkin (නායිකාව), Kate Anderson, Bella James, Tash Wakelin, Prue Catton, Bella Armstrong, Kate Gaging (කඩුලු රකින්නිය), Emma Black, Marama Downes, Fran Jonas.
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා A ක්‍රීඩිකාවෝ කඩුලු 9ක් දැවී ලකුණු 197ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ දෙව්මි විහංඟා. ඇය පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගන්නවා.
ඇය දැවී යන විට ලිමංසා තිලකරත්න හා එක් ව 7 වැනි කඩුල්ලට පන්දු 76ක දී ලකුණු 68ක සබඳතාවක් එක් කරනවා. ලිමංසා තිලකරත්න 8 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.
ඊට අමතර ව විමෝක්ෂා බාලසූරිය පන්දු 57කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 31ක් ද සහ සුමුදු නිසංසලා පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා ඉනිමේ 3 වැනි කඩුල්ල සඳහා පන්දු 88ක දී ලකුණු 43ක සබඳතාවක් එක් කරනවා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී රශ්මිකා සෙව්වන්දි පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 16ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් ආරම්භක වේග පන්දු යැවූ Hannah Rowe ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Bella Armstrong සහ Emma Black කඩුල් ද්විත්වය බැගින් ද Marama Downes කඩුල්ලක් ද දවා ගත්තා.
- ශ්‍රී ලංකා – නවසීලන්ත කාන්තා A කණ්ඩායම් තරග අද සිට
- ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එංගලන්තය තුන් කොන් තරගාවලියකට?
- ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ බංග්ලාදේශය 3-0කින් පරාජය කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි නවසීලන්ත A ක්‍රීඩිකාවෝ තරගය සාර්ථක ආරම්භයක් ලබා ගත්ත ද ඔවුන්ගේ ඉනිම පන්දුවාර 10.1කට සීමා වුණා. වර්ෂාව හේතුවෙන් තරගය එම අවස්ථාවේ නතර වෙද්දී ඔවුන් කඩුලු 4ක් දැවී ලකුණු 66ක් ලබා තිබුණා.
නවසීලන්ත A ඉනිම ආරම්භ කළ Kate Anderson සහ Bella James එක් ව පළමු කඩුල්ලට පන්දු 29ක දී ලකුණු 30ක සබඳතාවක් එක් කරන අතර එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Bella James ගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටියා.
තරගය නතර වෙන විට Kate Anderson පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවි ලකුණු 19ක් ලබා සිටි අතර 5 වැනි කඩුල්ලට එක් වූ Bella Armstrong පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 13ක් ද ලබා සිටියා.
නවසීලන්ත A ඉනිමේ දැවී ගිය කඩුලු 4න් කඩුලු ද්විත්වයක් දුවද්දී දැවී යෑම්වලට ගොදුරු වූ අතර අනෙක් කඩුලු ද්විත්වය තාරුකා ෂෙහානි සහ රශ්මිකා සෙව්වන්දි අතරේ බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා කාන්ත A කණ්ඩායම– කඩුලු 9ක් දැවී 197 (50.0) විමෝක්ෂා බාලසූරිය 31, සුමුදු නිසංසලා 24, ලිමංසා තිලකරත්න 24, දෙව්මි විහංඟා 44, Hannah Rowe 3/36, Emma Black 2/49, Bella Armstrong 2/21
- නවසීලන්තකාන්ත A කණ්ඩායම – කඩුලු 4ක්දැවී 66 (10.1) Kate Anderson නොදැවී 19, Bella James 20
තරගයේ විසඳුමක් නෑ.
මෙම තරගාවලියේ උණුසුම් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















