පුහුණු තරගය මඟ දමා කරන්ව නිරෝධායනයට

435

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සිටින දක්ෂ සහ යොවුන් තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක සෑම් කරන් ජුලි 2 වැනිදා හදිසියේම අසනීපයට ලක්ව තිබෙනවා.

2011 ක්‍රිකට් ලෝක කුසලානයේ විශේෂ විමර්ශනය අවසන්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙස එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් කණ්ඩායම් දෙකකට බෙදී මේ දිනවල පුහුණු ක්‍රිකට් තරගයක නිරත වෙමින් සිටිනවා. 

ඒ අතරතුර දී කරන් මෙසේ අසනීප වී තිබෙන අතර රෝග ලක්ෂණ ලෙස ඔහුට උණ සහ පාචනය තිබෙන බව දැන ගන්නට ලැබෙනවා. ඒ නිසාවෙන් එම තරගය අතරතුර ඔහුව තරගයෙන් ඉවත් කිරීමට සිදු වූ බව එංගලන්ත ක්‍රිකට් ආයතනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටිනවා.

පුහුණු තරගයේ පළමු දිනයේ දී කරන් නොදැවී ලකුණු 15*ක් රැස් කළ නමුත් එදිනම රාත්‍රියේ ඔහුට උණ සහ පාචනය ඇතිව අසනීප වී තිබෙනවා. ඒ අනුව බ්‍රහස්පතින්දා (2) දහවල් ඔහු වෛද්‍යවරුන් වෙත යොමු කර තිබෙනවා.

“ඔහු (කරන්ව) කණ්ඩායම් වෛද්‍යවරයා විසින් නිරීක්ෂණය කළා. ඔහුව ඊයේ (2) COVID-19 සඳහා පරීක්ෂාවට ලක් කළා. අද එකේ ප්‍රතිඵල ආවා, හැබැයි ඒ පරීක්ෂණයට අනුව කරන්ට කොරෝනා වැළඳිලා නැහැ. ඔහුව අසනීප වුනු ගමන් අපි ඔහුව ස්වයං නිරෝධායනයට යොමු කළා” යනුවෙන් එංගලන්ත ක්‍රිකට් ආයතනය අනාවරණය කළා.

තුන් දින පුහුණු ක්‍රිකට් තරගය අද (3) නිමා වූ නමුත් කරන්ව එක් වරම එංගලන්ත පුහුණු සංචිතය සමඟ එකතු කිරීමට බලාපොරොත්තුවක් නොමැති බව එංගලන්ත ක්‍රිකට් ආයතනය අද (3) සවස තවත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා. 

ඒ අනුව ඔහු ඉදිරි පැය 24-48 කාලය තුල ද වෛද්‍යවරුන්ගේ අධීක්ෂණයට යටතේ ස්වයං නිරෝධායනයට යොමු කර එළඹෙන ඉරිදා දිනයේ දී ද තවත් PCR පරීක්ෂණයක් සිදු කර ඔහුව පුහුණු සංචිතය සමඟ එකතු කරන බව එංගලන්ත ක්‍රිකට් ආයතනය එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

Warne-මුරලි අතර වෙනස ගැන මහේලගෙන් විග්‍රහයක්

එක්සත් රාජධානිය තුල මේ වන විට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 313,000 ඉක්මවා ඇති අතර මියගිය සංඛ්‍යාව 45,000 ද ඉක්මවා ඇත.

ටෙස්ට් තරග තුනකින් සමන්විත එංගලන්ත – බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය ජූලි මස 8 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙන අතර තරගාවලිය සඳහා සහභාගී වන කොදෙව් ක්‍රිකට් ක්‍රීඩකයින් ICC සහ එරට රජයන් විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශ අනුව ජුනි 9 වැනිදා සිට දින 14ක නිරෝධායන කාලය නිමා කිරීමෙන් පසුව සිය පුහුණු වීම් කටයුතු ආරම්භ කරනු ඇත.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ එංගලන්ත තරග කාලසටහන

  • පළමු ටෙස්ට් තරගය – ජූලි 8-12 – Ageas Bowl පිටියේ දී
  • දෙවන ටෙස්ට් තරගය – ජූලි 16-20 – ලැන්කෂයර් හිදී
  • තෙවැනි ටෙස්ට් තරගය – ජූලි 24-28 – ඕල්ඩ් ට්‍රැෆොර්ඩ් හිදී

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<