දකුණු අප්‍රිකානුවෝ පාලනය අතට ගනි

262
Sri lanka u19 v South africa u19 3rd test day 2

ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායම සහ සංචාරක දකුණු අප්‍රිකා 19 න් පහල කණ්ඩායම අතර ගාමිණී දිසානායක අනුස්මරණ කුසලාන වෙනුවෙන් පැවැත්වෙන යොවුන් ටෙස්ට් තරගාවලියේ තුන්වැනි තරගය ඊයේ (03) පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ විය. තරගයේ ප්‍රථම දිනය වන නිමාවන විට දකුණු අප්‍රිකාව කඩුළු 8ක් දැවි ලකුණු 298 ලබා ගැනීමට සමත් විය. මෙහිදී දකුණු අප්‍රිකානු යොවුන් පිලේ මුල් ඉනිමේ වාසිය ලකුණු 33 කි.

පසුගිය ලිපිය: 295න් නැවතු තෙවන ටෙස්ට් තරගයේ ප්‍ර‍ථම දිනය

දෙවැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 262 වාර්තා කිරීමට සමත් විය. ත්‍රිත්ව විද්‍යාලීය හසිත බෝයගොඩ සහභාගි වන ප්‍රථම ටෙස්ට් තරගය වු මෙහිදි ඔහු නොදැවි ලකුණු 79 ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ අාරම්භක පිතිකරු පැතුම් නිස්සංක සහ ෂැනොගීත් ෂම්මුගනාදන් විසින් ලකුණු 7ක් ලබා ගත් අතර නායක අවිශ්ක ෆර්නැන්ඩො සහ උපනායක සම්මු අශාන් විසින් තෙවැනි කඩුල්ලට ලකුණු 52 සබඳතාවක් වාර්තා කිරීමට සමත් විය.

කණ්ඩායමේ මුල් කඩුළු 4ම ලකුණු 104 බිද වැටීමෙන් අනතුරුව අශේන් බණ්ඩාර සමඟ එක්වන බෝයගොඩ පස්වැනි කඩුල්ල සඳහා අගනා ලකුණු 98ක් රැස් කිරීමට සමත් විය. ඒ සමඟ කණ්ඩායමේ ලකුණු තත්වය 202 දක්වා වර්ධනය වන නමුත් පසුව ලකුණු 60කදි කඩුළු 6ක් ලෙස තරගය පසුගාමී වන ලදි.

බණ්ඩාර විසින් පන්දු 90කදි ලකුණු 43 ලබා ගැනීමට  4 පහර 7ක් උපයෝගි කර ගන්නා අතර බෝයගොඩ පන්දු 182දි නොදැවි ලකුණු 79ක් ලබා ගන්නා ලදි. පන්දු යැවීමේදි විඅාන් මුල්ඩර් ලකුණු 28 කට කඩුළු 4ක් දවාලීමට සමත් විය.

තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙටයි (05).

දකුණු අප්‍රිකානු කණ්ඩායම : 295/8 (84.1) ජෙසී ක්‍රිස්ටෙන්සන් – 67, වියාන් මුල්ඩර් – 66, රිකාඩෝ වැස්කොන්සෙලස් – 56, රේනාඩ් වැන් ටොන්ඩර් – 48, ජෙහාන් ඩැනියල් – 3/53, ප්‍රවීන් ජයවික්‍රම – 3/95

ශ්‍රී ලංකා කණ්ඩායම : 262/11 (94) අවිශ්ක ෆර්නැන්ඩො 55, හසිත බෝයගොඩ 79*, අශේන් බණ්ඩාර 43, විශාඩ් රන්දික 24, විඅාන් මුල්ඩර් 4/28, විලියම් සෙන්ඩින් 3/59, ජේඩ් ඩි ක්ලේර්ක් 2/69

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට