ජේසන්ගේ අවසන් පහරින් පිලිපීනයට තරු විසිවේ

582
Sri Lanka v Philippine rugby match
Photo Credits - World Rugby

මේ දිනවල මැලේසියාවේ පැවැත්වෙන ආසියානු සත් සමාජික රග්බි තරඟාවලියේ පළමු කාණ්ඩයේ තවත් තරඟ දෙකක් අද (14) පැවැත්විණි. එහි එක් තරඟයක් ශ්‍රී ලංකා කණ්ඩායම හා පිලිපීන කණ්ඩායම අතර ද, අනෙක් තරඟය මැලේසියානු කණ්ඩායම හා සිංගප්පූරු කණ්ඩායම අතර ක්වාලාලම්පූර් හි රෝයල් සැලෙන්ජර් පිටියේදී පැවැත්විය. එහි ශ්‍රී ලංකා පිලිපීන තරඟය, ලකුණු 25 – 21 ක් ලෙස තියුණු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

මැලේසියාවේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ශූරයින්ව මට්ටු කරයි

තරඟයේ මුල සිටම පිලිපීනය හා කරට කර තරඟ කර ශ්‍රී ලංකා කණ්ඩායම රීසා මුබාරක් සාර්ථක කරගත් දඩුවම් පහරත් සමඟින් ලකුණු ලබා ගැනීම ආරම්භ කල අතර අනතුරුව කාංචන රාමනායක  විසින් 11 වන මිනිත්තුවේදී උත්සාහක දිනුමක් සාර්ථක කර ගත් අතර එහි ප්‍රවර්ථන අවස්ථාව ද රීසා මුබාරක් විසින් සාර්ථක කරගැනීමට සමත් විය .ඒ වන විට ලකුණු 10-3 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියෙන් සිටින ලදි. 18 වන මිනිත්තුවේදී දඩුවම් පහරක් යළිත් සාර්ථක කරගත් රීසා මුබාරක් තවත් ලකුණු 3 ක් එක් කරන ලදි. 38 වන මිනිත්තුවේදී ජේසන් දිසානායක උත්සාහක දිනුමක් ලබා ගත් අතර එහි ප්‍රවර්ථනය ද සාර්ථක කරගැනීමට රීසා මුබාරක්ට හැකි විය. පළමු අර්ධය නිමාවන විට ලකුණු 20 11 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණේ පසුවිය.

අවසන් මිනිත්තු 10 වන විට ශ්‍රී ලංකා කණ්ඩායම නොසිතූ ලෙස 20  – 21 ක් ලෙස පිලිපීනය ඉදිරියෙන් සිටි අතර අවසන් නිමේෂයේ දී ජේසන් දිසානායක වාර්තා කල උත්සාහක දිනුමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 25 21 ක් ලෙස තරඟය ජයග්‍රහණය කරන ලදි.

මැලේසියාව හා සිංගප්පූරුව අතර තරඟය මැලේසියාව ලකුණු 40 – 13 ක් ලෙස ජයග්‍රහණය කල අතර ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා පසු බැසීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු විය.

තවත් පුවත් සිංහලෙන් පිවිසෙන්න

ශ්‍රී ලංකාව වෙනුවෙන් ,

  • ජේසන් දිසානායක උත්සාහක දිනුම් 2
  • රීසා මුබාරක් ප්‍රවර්ථන 2 ක් හා දඩුවම් පහර 2
  • කාංචන රාමනායක උත්සාහක දිනුම් 1

ලබා ගන්නා ලදි.

පිලිපීනය වෙනුවෙන් ,

  • හැරිසන් බ්ලැක් – උත්සාහක දිනුම් 1
  • ටෙරන්ස් කැරොල් -උත්සාහක දිනුම් 1
  • ඔලිවර් සෝන්ඩර්ස් -ප්‍රවර්ථන 1, දඩුවම් පහර 3

ලබා ගන්නා ලදි.