සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග සංචාරයේ තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය ආරම්භ කරමින් පැවැත්වෙන පළමු එක්දින තරගය හෙට (10) ධරම්සාලා ක්‍රිකට් පිටියේ දී ආරම්භ වේ.
අසේල හා කුසල් ජනිත් එක්දින සංචිතයට
ලබන 10 වැනිදා ධර්මසාලා හිදී ආරම්භ වන ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා තෝරාගත් ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම නිල වශයෙන් මාධ්‍යයට නිවේදනය කරන ලදි.
නිමා වූ ටෙස්ට් තරගාවලිය 3-0ක් ලෙස අවසන් කිරීමට ඉන්දියානුවන් බලාපොරොත්තුව සිටියත් පසුගිය දා (6) නිමා වූ ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසින් ජය ලබා ගැනීමට ඔවුන්ට හැකි විය. එම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම එක්දින තරගාවලියට අවතීර්ණ වන්නේ යම් කායික හා මානසික ශක්තියක් ද සමඟිනි.
මුහුණට මුහුණ
ශ්‍රී ලංකාව හා ඉන්දීය කණ්ඩායම මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 161ක දී එකිනෙකා හමු වී ඇති අතර, එයින් තරග 88ක ජය ඉන්දීය කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ තරග 55ක් පමණි. තවද තවත් තරග 17ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වෙද්දී එක් තරගයක් ලකුණු සම වීමෙන් අවසන් වී ඇත.
ප්‍රබල පිතිකරුවන්
- ඇන්ජලෝ මැතිව්ස්

තවද ඔහු එක් ශතකයක් හා අර්ධ ශතක 35ක් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වාර්තා කර ඇති අතර, ඉන්දීය කණ්ඩායමට එරෙහිව සිය එක්දින තරග ඉතිහාසය තුල ලකුණු 46.95ක් වැනි ඉහළ මට්ටමේ සාමාන්‍යයක් රඳවා ගෙන ක්‍රීඩා කර ඇත. තවද අවසන් වරට පැවැත්වුණු ඉන්දු – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් තරග 5ක් තුල ලකුණු 190ක් ලබාගෙන හොඳ දස්කම් දැක්විය.
- රෝහිත් ශර්මා

ශර්මා එක්දින ක්‍රිකට් තරග 171ක් සඳහා සහභාගි වී ලකුණු 6207ක් ලබාගෙන ඇත්තේ 44.33ක් වැනි හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි. ඔහු මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව තරග 42ක දී ලකුණු 1345ක් රැස්කරගෙන ඇත. ඒ ලකුණු අතරට අර්ධ ශතක 5ක් හා ශතක 4ක් ඇතුළත්ව තිබේ.
- උපුල් තරංග

තරංගගේ ඉනිම මෙම තරගයේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. ඔහු ශතක 15ක් අර්ධ ශතක 35ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම ඉන්දීය කණ්ඩායමට එදිරිව 29.10ක පමණ සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත.
- ශිකර් ධවාන්

එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකි සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස මොහුව හැදින්වීමට හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව 67.91ක් වැනි ඉහළ මට්ටමේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ඔහු සතුව ඇත. තද නිමා වූ ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරගාවලියේ තරග 4ක් තුල ලකුණු 190ක් ලබා ගැනීමට ධවාන් සමත් විය.
ප්‍රබල පන්දු යවන්නන්
- නුවන් ප්‍රදීප්

එම තරගාවලියේ තරග 3ක් තුල කඩුලු 6ක් දවා ගැනීමට ප්‍රදීප් සමත් විය. ඒ ඔහුගේ දක්ෂ හා වේගවත් පන්දු යැවීමේ විලාසය නිසාවෙනි. ජාත්‍යන්තර එක්දින තරග 23ක දී කඩුලු 26ක් දවා ගැනීමට ප්‍රදීප් සමත්ව ඇති අතර, එක් පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 5.93ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
.
- බුවනේස්වර් කුමාර

- අකිල දනංජය

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ තරග 11ක් තුල කඩුලු 16ක් දවා ගැනීමට සමත්ව ඇති අකිල පන්දුව පහසුවෙන්ම පන්දුව දඟ කැවීමට උපන් හපනෙකි. එසේම මොහුට පිතිකරණයෙන් ද යම් කාර්යභාරයක් කිරීමට හැකි ක්‍රීඩකයෙකි.
තවද නිමා වූ ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තුල පැවැත්වූ එක්දින තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාලූ ක්‍රීඩකයා බවට පත්වූයේ තරග 4ක් තුල කඩුලු 9ක් දවා ගනිමිනි. ඔහු එස සංචාරයේ දී දෙවැනි වූයේ ජාස්ප්‍රිට් බුම්රාට පමණි.
- ජාස්ප්‍රිට් බුම්රා

ලකුණු 27කට කඩුලු 5ක් දවා ගැනීම එක් තරගයක් තුල කණ්ඩායමකට එදිරිව යවන ලද හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති බුම්රා ඉතාමත් අගනා පන්දු සංකලනයක් උපයෝගී කරගෙන පිතිකරුවන් දමනය කිරීමට උපන් හපනෙකි. මේ ක්‍රීඩකයාගේ පන්දු හමුවේ ජාත්‍යන්තර තලයේ පිතිකරුවන් එක පන්දු වාරයකට දළ වශයෙන් ලකුණු 4.77ක් පමණ ලබාගෙන ඇත.
හතුරු නිල වශයෙන්ම ශ්‍රී ලංකාවට මිතුරු වෙයි
චන්දික හතුරුසිංහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (08) නිල වශයෙන් නිවේදනය කරන ලදි.
ධරම්සාලා තණතීරුව, පිටිය හා කාලගුණ තත්ත්වය

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කිරීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. පැයට කිලෝමීටර් 5-7ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇතිවිය හැකි අතර, 11°C – 14°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
සොලමන්ස්, ගමිඳු හා මනෝජ් ශතක අතරට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තෙදින ක්‍රිකට් තරගාවලියේ A කොටසේ තරග අද (8) ආරම්භ විය. අද දිනය තුල ඇන්ඩි සොලමන්ස් කැපී පෙනෙන දස්කම්…
මොහාලි තණතීරුව, පිටිය හා කාලගුණ තත්ත්වය

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය දෙස හැරී බැලූ විට, ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. පැයට කිලෝමීටර් 9-15ක් දක්වා සුළඟේ වේගයේ විචලනයක් ඇතිවිය හැකි අතර, 10°C – 21°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
විශාඛාපට්නම්, පිටිය හා කාලගුණ තත්ත්වය

මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, දෙවනුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, ක්‍රිකට් ක්‍රීඩාවට උචිත කාලගුණික තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය. පැයට කිලෝමීටර් 4-8ක් දක්වා සුළඟේ වේගයේ විචලනය විය හැකි අතර, 20°C – 29°C වැනි පරාසයක උෂ්ණත්වයක් තිබේ.
වර්තමාන තත්ත්වය
ඉන්දීය කණ්ඩායම, ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර, ශ්‍රී ලංකාව දැනට (දෙසැම්බර් 8) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල 8 වන ස්ථානයේ පසු වේ. ඔවුන් ලකුණු 5322ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 83ක් ලබා ගෙනයි. ප්‍රතිවාදී ඉන්දීය කණ්ඩායම එම ශ්‍රේණිගත කිරීම් දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 6379ක් හා ප්‍රසාද ලකුණු 120ක් ලබා ගෙනයි.
ඉන්දු – ශ්‍රී ලංකා එක්දින තරග කාලසටහන
- පළමු එක්දින තරගය – ධරම්සාලා – දෙසැම්බර් 10 පෙ.ව 11.30
- දෙවන එක්දින තරගය – මොහාලි – දෙසැම්බර් 13 පෙ.ව 11.30
- තෙවන එක්දින තරගය – විශාඛාපට්නම් – දෙසැම්බර් 17 ප.ව 1.30
සංචිත
ශ්‍රී ලංකා එක්දින සංචිතය
තිසර පෙරේරා (නායක), උපුල් තරංග, දනුෂ්ක ගුණතිලක, නිරෝශන් දික්වැල්ල, සධීර සමරවික්‍රම, ලහිරු තිරිමාන්න, ඇන්ජලෝ මැතිව්ස්, අසේල ගුණරත්න, කුසල් ජනිත් පෙරේරා, ධනංජය ද සිල්වා, චතුරංග ද සිල්වා, සචිත් පතිරණ , අකිල දනංජය, දුශ්මන්ත චමීර, සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්.
ඉන්දියාව එක්දින සංචිතය
රෝහිත් ශර්මා, (නායක), ශිකර් ධවාන්, අජින්කයා රහනේ, මහේන්ද්‍ර සිං දෝනි, ශෙර්යාස් ලයර්, හාර්ඩ්ක් පාන්ඩ්‍යා, මනීෂ් පාන්ඩ්‍යා, කේදර් ජාදෙව්, දිනේෂ් කාර්තික්, අක්සාරා පටෙල්, කුලදීප් යාදෙව්, බුවනේස්වර් කුමාර්, ජාස්ප්‍රිට් බුම්රා, සිද්ධාර්ත් කවුල්. යුස්වේන්ද්‍ර චහාල්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















