ඉරෝෂ් සමරසූරියගෙන් නොදැවුනු ශතකයක්

85

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (12) දින නිමා වූ කැන්ඩි කස්ටම්ස් සහ නුගේගොඩ අතර තරගයේ දී නුගේගොඩ ක්‍රීඩා සමාජයේ ආරම්භක පිතිකරු ඉරෝෂ් සමරසූරිය ශතකයක් වාර්තා කිරීම කැපී පෙනුනි. 

පැතුම් සහ මිලින්ද ද්වන්ධ සටනක

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (10 )…

ඔහු පන්දු 59 කට මුහුණ දෙමින් හතරේ පහර 13 ක් සහ හයේ පහර 4 ක් සමඟින් නොදැවී ලකුණු 108 ක් රැස්කර ගත්තේය. එම ඉනිමේ පළමු කඩුල්ල කිසිඳු ලකුණක් ලබා නොතිබිය දී දැවී ගොස් තිබූ අතර ඉරෝෂ් සහ ප්‍රමුද් හෙට්ටිවත්ත දෙවැනි කඩුල්ලට නොදැවුන ලකුණු 156 ක සබඳතාවක් ගොඩ නැගීම ද කැපී පෙනුනි. ප්‍රමුද් පන්දු 36 කට මුහුණ දී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 43 ක් රැස්කර ගැනීමට සමත් විය. මේ අතර මෙම තරගයේ දී ප්‍රතිවාදී කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිම්නක රත්නායක පන්දු 42 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 50 ක් රැස්කර ගත්තේය.  

පන්දු යැවීමේ දී ලංකන් සහ සී. සී. සී. අතර තරගයේ දී ලංකන් ක්‍රිකට් සමාජයේ දකුණතින් වේගපන්දු යවන කේශාන් විජේරත්න දවසේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඒ ලකුණු 15 කට ප්‍රතිවාදී කඩුලු 5 ක් දවා ගනිමිනි. 

ඊට අමතරව යුද හමුදාවේ ආරම්භක වේගපන්දු යවන ජනිත් සිල්වා මේරියන්ස් කණ්ඩායමේ කඩුලු 5 ක් ලකුණු 23 කට දවා ගැනීමට සමත් විය. එම තරගයේ දී හලාවත මේරියන්ස් කණ්ඩායමේ නායක ෂෙහාන් ජයසූරිය පන්දු 45 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 72 ක් රැස්කර ගත්තේය. යුද හමුදා කණ්ඩායමේ තුලින ඩිල්ශාන් පන්දු 31 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 53 ක් රැස්කර ගැනීමට සමත් විය. 

මේ අතර අද පැවති එස්. එස්. සී. සහ පොලිස් අතර තරගය ලකුණු සම වීමෙන් නිමා වූ අතර එම තරගයේ දී පොලිස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් ආරම්භක පිතිකරු සුපුන් මධුශංක පන්දු 28 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 54 ක් රැස්කර ගත් අතර එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක සහ තරිඳු රත්නායක අර්ධ ශතක වාර්තා කළහ. චරිත් අසලංක පන්දු 46 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 5 ක් සමඟින් ලකුණු 64 ක් රැස්කර ගන්නා විට තරිඳු රත්නායක පන්දු 30 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහර 7 ක් සමඟින් නොදැවී ලකුණු 63 ක් රැස්කර ගත්තේය. 

මීගමුව ක්‍රීඩා සමාජයේ නායක ඩිල්ශාන් මුණවීර කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව තුන් ඉරියව් දක්ෂතා දැක්වීම කැපී පෙනුනි. ඔහු ආරම්භක පිතිකරු ලෙසින් පිටියට පැමිණ පන්දු 40 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 55 ක් රැස්කර ගත් අතර පන්දු යැවීමේ දී ලකුණු 35 කට කඩුලු 4 ක් දවා ගත්තේය. 

බදුරලිය සහ පානදුර අතර තරගයේ දී බදුරලිය ක්‍රීඩා සමාජයේ ලහිරු සමරකෝන් පන්දු 42 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 66 ක් රැස්කර ගත්තේය. ප්‍රතිවාදී පානදුර කණ්ඩායමේ නායක හර්ෂ කුරේ ද පන්දු 48 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟින් නොදැවී ලකුණු 56 ක් රැස්කර ගනිමින් දක්ෂතා දැක්වූයේය. 

මේ අතර සැරසන්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සිතාර ගිම්හාන් නාවික හමුදාවට එරෙහිව පැවති තරගයේ දී පන්දු 33 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සහ හයේ පහර 3 ක් සමඟින් ලකුණු 59 ක් රැස්කර ගැනීමට සමත් විය. 

ටැමිල් යුනියන් සහ එන්. සී. සී. අතර තරගයේ දී ටැමිල් යුනියන් කණ්ඩායමේ දක්ෂිත ප්‍රනාන්දු පන්දු 57 කට මුහුණ දී හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 65 ක් රැස්කර ගන්නා විට ප්‍රතිවාදී එන්. සී. සී. කණ්ඩායමේ පැතුම් නිස්සංක පන්දු 42 කට මුහුණ දී හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60 ක් වාර්තා කළේය. 

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නායක යොහාන් ද සිල්වා බී. ආර්. සී. කණ්ඩායමට එරෙහිව පන්දු 40 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 58 ක් රැස්කර ගත්තේය. බී. ආර්. සී. කණ්ඩායමේ රමින්ද විජේසූරිය පන්දු 37 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 58 ක් වාර්තා කිරීමට සමත් විය. 

Group A

මුවර්ස් සහ කෝල්ට්ස් අතර තරගය 

මුවර්ස් ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 108 (18.2) අදීශ තිලාංචන 37, අයන සිරිවර්ධන 28, නිසල තාරක 2/21, අකිල දනංජය 3/11, ප්‍රභාත් ජයසූරිය 2/16, මහීෂ තීක්ෂණ 2/36. 

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 103 (19.1) අවිශ්ක ප්‍රනාන්දු 43, ප්‍රවීන් ජයවික්‍රම 3/14. 

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් මුවර්ස් ක්‍රීඩා සමාජයට ලකුණු 5 ක තියුණු ජයක් හිමි විය. 

Photos: Colts CC v Moors SC | SLC Invitation T20 Tournament 2019/20

යුනිචෙලා සහ බ්ලූම්ෆීල්ඩ් අතර තරගය 

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 133 (20) නිපුන ගමගේ 20, හර්ෂ විතාන නොදැවී 47, මිෂේන් සිල්වා 24, ධනුෂ්ක රණසිංහ 2/23, කවිඳු බණ්ඩාර 2/17. 

යුනිචෙලා ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 104 (19.4) නුවන් චානක 35, උෂාන්ත පෙරේරා 28, සචින් ජයවර්ධන 2/13, ගයාන් සිරිසෝම 3/11, මධුශාන් රවිචන්ද්‍රකුමාර් 3/18. 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩකයන්ට ලකුණු 29 ක ජයක් හිමි විය.  

බදුරලිය සහ පානදුර අතර තරගය 

බදුරලිය ක්‍රිකට් සමාජය : කඩුලු 6 ක් දැවී 161 (20) ලහිරු සමරකෝන් 66, ලහිරු මිලන්ත 26, ටී.එන්. සම්පත් 31, චලන ද සිල්වා 2/21. 

පානදුර ක්‍රීඩා සමාජය : කඩුලු 3 ක් දැවී 155 (20) විශ්ව චතුරංග 23, මින්හාජ් ජලීල් 31, හර්ෂ කුරේ නොදැවී 56, උමේෂ් කරුණාරත්න නොදැවී 33, අලංකාර අසංක 2/04. 

සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් බදුරලිය ක්‍රිකට් සමාජයට ලකුණු 6 ක තියුණු ජයග්‍රහණයක් හිමි විය. 

අසිත සහ අශේන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (8)…


Group B

නාවික හමුදාව සහ සැරසන්ස් අතර තරගය 

ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 9 ක් දැවී 129 (20) බුද්ධික මධුශාන් 40, රොශාන් අතුකෝරළ නොදැවී 24, සාලිය සමන් 2/26, රවින් සේයර් 2/22. 

සැරසන්ස් ක්‍රීඩා සමාජය : කඩුලු 4 ක් දැවී 134 (13.2) සිතාර ගිම්හාන් 59, රවින් සේයර් 35, මිලින්ද සිරිවර්ධන නොදැවී 20, සුරංග පරණවිතාන 2/07. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් සැරසන්ස් ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් හිමි විය. 

ටැමිල් යුනියන් සහ එන්. සී. සී. අතර තරගය 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 130 (20) දක්ෂිත ප්‍රනාන්දු නොදැවී 65, යොහාන් මෙන්ඩිස් 38, සචින්ත පීරිස් 2/33, සචිඳු කොළඹගේ 2/31. 

එන්. සී. සී. : කඩුලු 4 ක් දැවී 135 (15.4) පැතුම් නිස්සංක 60, උපුල් තරංග 30, මහේල උඩවත්ත 31, ප්‍රමෝද් මධුශාන් 2/27. 

කටුනායක නිදහස් කලාප ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් එන්. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 6 ක ජයක් ලැබූහ. 

එස්. එස්. සී. සහ ශ්‍රී ලංකා පොලිසිය අතර තරගය 

පොලිස් ක්‍රීඩා සමාජය : කඩුලු 8 ක් දැවී 166 (20) ලක්ෂාන් රොද්‍රිගෝ 20, අසෙල් සිගේරා 46, සුපුන් මධුශංක 54, හිමේෂ් රාමනායක 2/15

එස්. එස්. සී. : කඩුලු 9 ක් දැවී 166 (20) චරිත් අසලංක 64, තරිඳු රත්නායක නොදැවී 63, මොහොමඩ් ෆාහීම් 3/35, මංජුල ජයවර්ධන 2/29. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගය ලකුණු සම වීමෙන් අවසන් විය.  


Group C

යුද හමුදාව සහ හලාවත මේරියන්ස් අතර තරගය 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 7 ක් දැවී 180 (20) අශාන් රන්දික 19, තුලින ඩිල්ශාන් 53, දුෂාන් විමුක්ති 29, ලක්ෂාන් එදිරිසිංහ 48, අසිත ප්‍රනාන්දු 2/32. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 149 (18.1) ෂෙහාන් ජයසූරිය 72, ජනිත් සිල්වා 5/23, ජනක සම්පත් 2/28. 

කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් යුද හමුදා ක්‍රීඩා සමාජයට ලකුණු 31 ක ජයක් හිමි විය. 

කළුතර ටවුන් සහ ගුවන් හමුදාව අතර තරගය 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 108 (20) චාමර ප්‍රනාන්දු 22, සචිත ජයතිලක 2/15, ඉන්සක සිර්වර්ධන 2/21. 

කළුතර ටවුන් සමාජය : කඩුලු 9 ක් දැවී 70 (20) එරංග රත්නායක නොදැවී 28, සංජය රණවීර 3/11, මාධව නිමේෂ් 2/15. 

එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ ලකුණු 38 ක ජයක් ලැබූහ. 

Photos: Air Force SC v Kalutara TC | SLC Invitation T20 Tournament 2019/20

කුරුණෑගල යූත් සහ මීගමුව අතර තරගය 

මීගමුව ක්‍රිකට් සමාජය : කඩුලු 5 ක් දැවී 169 (20) ඩිල්ශාන් මුණවීර 55, ඇන්ජලෝ ජයසිංහ 20, මාධව වර්ණපුර 33, පසිඳු ලක්ෂාන් 36, අශේන් සිල්වා නොදැවී 18, රන්ධීර රණසිංහ 2/33. 

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය : කඩුලු 9 ක් දැවී 152 (20) කළිඳු සිරිවර්ධන 43, විනෝද් පෙරේරා 39, ඩිල්ශාන් මුණවීර 4/35, මාධව වර්ණපුර 3/19. 

හැව්ලොක් ටවුන් බී. ආර්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 17 ක ජයක් හිමිකර ගැනීමට මීගමු ක්‍රීඩකයෝ සමත් වූහ. 

තික්ෂිල ද සිල්වාගෙන් දක්ෂ පන්දු යැවීමක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි-විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (06)…


Group D

ලංකන් සහ සී. සී. සී. අතර තරගය 

ලංකන් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 109 (19.4) ප්‍රිමෝෂ් පෙරේරා 27, ගිත් කුමාර 29, මාලිංද පුෂ්පකුමාර 3/17, නුවන් තුෂාර 3/22, අශාන් ප්‍රියංජන් 2/11. 

සී. සී. සී. : කඩුලු 9 ක් දැවී 111 (19.3) ශාලික කරුණානායක 22, මනෙල්ක ද සිල්වා 21, උදිත් මධුශාන් 2/29, කේශාන් විජේරත්න 5/15. 

එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් සී. සී. සී. ක්‍රීඩකයෝ එක් කඩුල්ලක තියුණු ජයක් හිමිකර ගැනීමට සමත් වූහ. 

වරාය සහ බී. ආර්. සී. අතර තරගය 

ශ්‍රී ලංකා වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය : කඩුලු 7 ක් දැවී 127 (20) සුපුන් කාවින්ද 23, යොහාන් ද සිල්වා 58, හෂේන් රාමනායක 3/27. 

බී. ආර්. සී. : කඩුලු 2 ක් දැවී 128 (15) ලසිත් ලක්ෂාන් 21, දේශාන් ඩයස් 38, රමින්ද විජේසූරිය 58. 

මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ කඩුලු 8 ක ජයක් ලැබූහ. 

කැන්ඩි කස්ටම් සහ නුගේගොඩ අතර තරගය 

කැන්ඩි කස්ටම්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 6 ක් දැවී 151 (20) නිම්නක රත්නායක 50, අකීල් ඉන්හාම් 30, සම්පත් පෙරේරා 25, පූර්ණ වන්නිතිලක 3/29. 

නුගේගොඩ ක්‍රිකට් සමාජය : කඩුල්ලක් දැවී 156 (16) ඉරෝෂ් සමරසූරිය නොදැවී 108, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 43. 

මොරටුව ද සොයිසා ක්‍රිකට් පිටියේ දී පැවති මෙම තරගයෙන් නුගේගොඩ ක්‍රීඩා සමාජයට කඩුලු 9 ක විශිෂ්ට ජයක් හිමි විය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<