කෝලි තම දඩබිමේ ගොදුරු සෙවීම ඉක්මන් කරයි

877
Sri Lanka batsman and team captain Dinesh Chandimal (R) plays a shot during the second day of the third Test cricket match between India and Sri Lanka at the Feroz Shah Kotla Cricket Stadium in New Delhi on December 3, 2017. / AFP PHOTO / SAJJAD HUSSAIN / ----IMAGE RESTRICTED TO EDITORIAL USE - STRICTLY NO COMMERCIAL USE----- / GETTYOUT

ඉන්දීය ශ්‍රී ලංකා තෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී සේ ම දෙවැනි දිනයේ දී ද තම දඩබිම තමන්ට රිසි අයුරින් චලනය කරවීමට ඉන්දීය ක්‍රීඩකයෝ අද (03) දිනයේ දී ද සමත් වූයේ දිල්ලි ක්‍රීඩාංගණයේ ඉහළ අහස දූෂිත වළාවන්ගෙන් වටලා තිබිය දී ය.

ඉන්දියාව පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලබා ගත් ලකුණු 536ට පිළිතුරු සොයන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දෙවැනි දිනය නිමාවේ කඩුලු මත රැඳී බේල්ස් ඉවත් කරන විට ලබා සිටියේ කඩුලු 3ක් දැවී ලකුණු 131කි. ඒ අනුව ඔවුන් ඉන්දීය ඉනිමට වඩා ලකුණු 405ක් පිටුපසින් සිටින්නේ තවත් කඩුලු 7ක් ඇතැතිව ය.

ඉන්දීය ක්‍රිකට් දඩබිමේ ශ්‍රී ලාංකිකයෝ නැවතත් අසරණ වේ

දඩබිමක සිදුවන දඩයමක දී දුර්වලයාට කිසිදු ඉඩක් නොතැබීම ප්‍රබලයාගේ ගතියයි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද එයාකාරයෙන් ම සිදු වේ…

ඉන්දීය ක්‍රීඩකයන් තවත් ලකුණු සංඛ්‍යාවකට යෑමට හොඳට ම ඉඩකඩ තිබිය දී ඉනිම අත් හිටවූ හ. එය තරමක අභියෝගාත්මක එහෙත් කෝලිගේ කපටි තීරණයක් වුණි. ඒ ප්‍රතිවාදීන්ගෙන් එල්ල වූ චෝදනා හේතු වෙනි.

දිල්ලි ක්‍රීඩාංගණයට ඉහළ අහසේ නිරන්තයෙන් සරන දූෂිත වළාවන් හමුවේ සංචාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අවස්ථා කිහිපයක දී ම දැඩි අපහසුවෙන් සිටියත් සත්කාරක ක්‍රීඩකයෝ සේ ම තරගය නැරඹීමට දිල්ලි ක්‍රීඩාංගණයට එක් වූ 15000කට අධික ප්‍රේක්ෂකයන්ට එම අපහසුව දැනී නොතිබුණි. එසේ ම පිටියේ විනිසුරුවන් වූ නයිජල් ලෝන්ග් සහ ජොයෙල් විල්සන් ද එකී තත්ත්වයට අනුගතව සිටි බවකි, පෙන්නුම් කළේ.

අයහපත් තත්ත්වය මත වරෙක ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ක්‍රීඩාංගණයට පිවිසියේ මුඛ ආවරණ ද පැළඳ ගෙන ය. තවත් අවස්ථාවක දිනේෂ් චන්දිමාල් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඇති වූ බලවත් අපහසුතා මැද ක්‍රීඩා පිටියෙන් ඉවත් වීමට ගත් තීරණයේ දී තරග තීරක ඩේවිඩ් බූන් ද එක්වෙමින් තරගය යාවත්කාලීන කිරීමට මැදිහත් වෙනු දක්නට ලැබුණි. එම අවස්ථාවේ තරගය විනාඩි 16ක පමණ කාලයක් අත්හිටුවා තිබුණි. එම අවස්ථාවේ ලකුණු පුවරුව කියැවුණේ කඩුලු 5ක් දැවී ලකුණු 519ක් ලෙසිනි.

එම තත්ත්වයන් හමුවේ වුව ද ඉන්දීය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 536ක් ලබා ගත්හ.

ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක විරාත් කෝලි ය. ඔහු අද තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ හය වැනි ද්විත්ව ශතකය වාර්තා කළේ තමන් තරම් දරුණු දඩයක්කාරයෙක් ඉන්දීය කණ්ඩායමේ තවත් නොමැති බවට ශ්‍රී ලංකාව ක්‍රීඩකයන්ට අනතුරු අඟවමිනි. ඔහු මේ ලබා ගත්තේ ශ්‍රී ලංකාවට එරෙහි ව පිට පිටම ලබා ගත් දෙවැනි ශතකයයි. ඔහු පෙර තරගයේ දී ලකුණු 213ක් වාර්තා කළේ ය.

දිවා විවේකයෙන් අනතුරුව කෝලි තමන්ගේ ඉනිම ලක්ෂාන් සඳකැන්ගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් නිමා කර ගනිද්දී පන්දු 287කට මුහුණ දෙමින් හතරේ පහර 25ක් ද සමඟින් ලකුණු 243ක් රැස් කරගෙන සිටියේය. එම ඉනිම කෝලිගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ හොඳම ඉනිම ලෙසින් වාර්තා පොත් සැරසුවේය. මීට පෙර කෝලිගේ හොඳම ඉනිම වී තිබුණේ පසුගිය වසරේ දෙසැම්බරයේ එංගලන්ත කණ්ඩායමට එරෙහිව මුම්බායි හිදී ලබා සිටි ලකුණු 235යි.

කෝලිගේ වාර්තාගත මෙම ඉනිම තවත් තරග වාර්තා රාශියකට ද මග පෑඳූවක් විණි.

කණ්ඩායම් නායකයන්ගේ ද්විත්ව ශතක ලැයිස්තුවේ ප්‍රමුඛයා වීමට විරාත් කෝලිට අද අවස්ථාව හිමි වූයේ මෙතෙක් දවසක් එහි ප්‍රමුඛයා වී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක බ්‍රයන් ලාරා පසු පසට ඇද දමමිනි. ලාරා තරග 47ක ඉනිම් 85ක දී ද්විත්ව ශතක 5ක් ලබමින් එම ස්ථානයේ රැඳී සිටියේය. කෝලිගේ එම දක්ෂතාව අද දහවලේ කියැවුණේ තරග 32ක් ඉනිම 50ක් සහ ද්විත්ව ශතක 6ක් ලෙසිනි.

සදීර සමරවික්‍රමට CT ස්කෑන් පරීක්ෂණයක්!

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගය අද (02) නවදිල්ලි නුවර දී ආරම්භ වූ අතර…

එමෙන්ම බ්‍රයන් ලාරා එම ද්විත්ව ශතක 5 දී ලබා සිටි ලකුණු 1240 පසු කිරීමට ද විරාත් කෝලී සමත් විය. ඒ අනුව කෝලිගේ තරග 6ක ලකුණු එකතුව 1306කි.

තරගයේ දෙවැනි දිනයේ ආරම්භක කාර්තුව ද ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට එතරම් වාසි සහගත වූයේ නැත. නායක විරාත් කෝලි සහ රෝහිත් ෂර්මා තම කණ්ඩායමේ 400 වැනි ලකුණ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ දෙවැනි නව පන්දුවෙන් ලබා ගත්තේ දිනයේ හත් වැනි පන්දු වාරය ක්‍රියාත්මක වෙද්දීය.

විරාත් කෝලි අද තමන්ගේ 200 වැනි ලකුණ, ලකුණු සටහන් පොතට එක් කළේ තමන් මුහුණ දුන් 238 වැනි පන්දුවෙනි. ඒ වන විට ඔහු හතරේ පහර 20ක් ද එක් කර තිබුණි. රෝහිත් ෂර්මා පන්දු 102කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් ද සමඟින් ලකුණු 65 දී දැවී ගියේ 5 වැනි කඩුල්ලේ සබඳතාව 135ක් බවට පරිවර්තනය වෙද්දීය. ඒ හා සමඟම තරගය දහවල් විවේකයට නතර කෙරුණ අතර දිනයේ දැවී ගිය පළමු කඩුල්ල වූයේ ද එයයි. ඒ වන විට ඉන්දීය ලකුණු පුවරුව, ලකුණු 500 නතර ව තිබූ අතර එය ඉන්දීය ටෙස්ට් තරග ඉතිහාසයේ ලකුණු 500 සීමාව පසුකළ 50 වැනි තරගය ලෙසින් වාර්තා පොත සරසා තිබුණි.

දිවා විවේකයෙන් පසුව රවිචන්ද්‍රන් අශ්වින් සේ ම නායක විරාත් කෝලි ද දැවී ගිය පසුව දිල්ලි අහස වඩාත් දරුණු වන්නට විය. මේ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දූෂිත දිල්ලි අහසට එරෙහි ව ප්‍රතිචාර දක්වන්නට ගන්නේ තම දඩබිමේ ජයග්‍රහණය ඉතා ඉක්මනින් සොයන ඉන්දීය ක්‍රීඩකයන් ප්‍රතිවාදී කණ්ඩායමෙන් එල්ල වන චෝදනා අවම කර ගැනීම අරමුණු කර ගනිමින් තම ඉතිරි ක්‍රීඩකයන් ක්‍රීඩා විවේකාගාරයේම රඳවා ගනිමින් ඉන්දීය ඉනිම අත්හිටුවීමට තීරණය කළහ. ඒ වන විට ව්‍රිදිමන් සහා (09) සහ රවින්ද්‍ර ජඩේජා (05) නොදැවී පිටියේ රැඳී සිටියහ.

පන්දු යැවීමේ දී පෙර දිනයේ දී ද කඩුලු 2ක් ලබා සිටි ලක්ෂාන් සඳකැන් අද දවසේ දී ද කඩුලු 2ක් එක්කර ගනිමින් තම කඩුලු ලැයිස්තුවට කඩුලු 4ක් එක්කර ගත්තේය. ඒ ලකුණු 167ක් බැටකමිනි. වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු ගමගේ ලකුණු 95කට කඩුලු 2ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකා පළමු ඉනිම ආරම්භ වන්නේම උඩි යටිකුරු කරමිනි. කණ්ඩායම් ප්‍රධානීන්ගේ විශ්වාසයෙන් යුතුව ආරම්භක පිතිකරුවන් ලෙසින් පිටියට පිවිසියේ දිමුත් කරුණාරත්න සමඟින් දිල්රුවන් පෙරේරාය. නමුත් ඉනිමේ ආරම්භක පන්දුවේ දී ම පළපුරුදු ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න නැවත ක්‍රීඩාගාරයේ අසුන් ගැන්වීමට මොහොමඩ් සමි සහ කඩුලු රකින ක්‍රීඩක ව්‍රිදිමන් සහා සමත් වූහ.

අනතුරුව පිටියට පිවිසියේ ධනංජය ද සිල්වා ය. ඔහුට ද පිටියේ ස්ථාවර පහරකට යෑමට සමි සහ අනෙක් අන්තයෙන් පන්දු යැවූ ඉෂාන් ෂර්මා ඉඩ දුන්නේ නැත. ධනංජයගේ ඉනිම හය වැනි පන්දු වාරයේ දී නිමා කිරීමට ෂර්මා සමත් වූවේ ය.

ශ්‍රී ලංකා ඉනිමේ ගැලවුම්කරුවන් වූයේ  දිල්රුවන් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල් ය.

තෙවැනි කඩුල්ල සඳහා දිල්රුවන් පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස් එක් කළ ලකුණු සංඛ්‍යාව 61කි. දිල්රුවන් පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 42ක් ලබා දැවී යද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 75ක් ව තිබුණි.

ක්‍රිකට් පිටියේ හොර-බොරු අල්ලන සෙල්ලම

ක්‍රිකට් කියන්නේ ඉතින් අපේ රටේ බහුතරයකගේ ළමා කාලය වර්ණවත් කරපු සුන්දර ක්‍රීඩාවක්. සෙල්ලම් කරන කොට අපි අපේ පහසුවට…

අනතුරුව හිටපු නායකයාට එක් වූ වත්මන් නායකයා දිනය ගෞරවනීය ලෙස නිමා කළේ සිවුවැනි කඩුල්ලට නොදැවී ලකුණු 56ක් එක් කරමිනි. ඒ වනවිට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 57ක් ද දිනේෂ් චන්දිමාල් ලකුණු 25ක් ද ලබා සිටිය හ. ඇන්ජලෝ මැතිව්ස්ගේ ඉනිම පන්දු 118කින් සමන්විත ව තිබූ අතර ඊට එක්කර තිබු හතරේ පහර සංඛ්‍යාව 8ක් සහ හයේ පහර සංඛ්‍යාව දෙකකි.

ඉන්දීය කණඩායම වෙනුවෙන් මොහොමඩ් සමි, ඉෂාන්ට් ෂර්මා සහ රවින්ද්‍ර ජඩේජා කඩුල්ල බැගින් දවා ගත් හ.

හෙට (04දා) තරගයේ තෙවැනි දිනයයි.

ඉන්දියාව; පළමු ඉනිම කඩුලු 7ක් දැවී ඉනිම අත්හිටවූවා 536 (127.5) (ප්‍රථම දිනයේ ලකුණු පුවරුව; පන්දු වාර 90.0ක දී කඩුලු 4ක් දැවී 371; මුරලි විජේ 155, විරාත් කෝලි නොදැවී 156, ලක්ෂාන් සඳකැන් 2/110) විරාත් කෝලි 243, ලක්ෂාන් සඳකැන් 4/167, ලහිරු ගමගේ 2/95

ශ්‍රී ලංකාව; පළමු ඉනිම කඩුලු 3ක් දැවී 131 (44.3) දිල්රුවන් පෙරේරා 42, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 57, දිනේෂ් චන්දිමාල් නොදැවී 25

  > තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <