සදීර සමරවික්‍රමට CT ස්කෑන් පරීක්ෂණයක්!

1886
Sadeera was also hit during the Nagpur Test. © BCCI

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්දියානු සංචාරය යටතේ පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගය අද (02) නවදිල්ලි නුවර දී ආරම්භ වූ අතර එහි දී ‘forward short leg’ ස්ථානයේ පන්දු රකිමින් සිටින අතරතුර සදීර සමරවික්‍රමගේ හිස් ආවරණයේ පන්දුවක් ගැටීමෙන් පසුව ඔහුව ‘CT Scan’ පරීක්ෂණයකට ලක් කිරීමෙන් අනතුරුව ඔහුව විවේක ගන්වන ලෙසට උපදෙස් ලැබී ඇත.

දිල්රුවන් පෙරේරා යොමු කළ තරගයේ 30 වන පන්දු වාරයේ අවසන් පන්දුවේ දී මුරලි විජේ එල්ල කළ පහරක් හමුවේ මෙසේ සදීර සමරවික්‍රමගේ හිස් ආවරණයේ පන්දුව ගැටීම සිදුවිය.   

ඉන්දීය ක්‍රිකට් දඩබිමේ ශ්‍රී ලාංකිකයෝ නැවතත් අසරණ වේ

දඩබිමක සිදුවන දඩයමක දී දුර්වලයාට කිසිදු ඉඩක් නොතැබීම ප්‍රබලයාගේ ගතියයි. එය ක්‍රිකට් ක්‍රීඩාවේ දී ද එයාකාරයෙන් ම සිදු වේ. ඉන්දීය භූමියේ දී එම දඩයම සිදුවෙන්නේ නම් එය අතිශය භයානක ය.

එම සිදුවීමෙන් අනතුරුව ද සදීර පන්දු රැකීමේ නිරත වූ නමුත් එහි දී විනිසුරු නයිජල් ලෝන්ග් ඔහුගේ තත්වය පිළිබඳ සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ භෞත චිකිත්සකවරයා පිටියට කැඳවන ලදි. එහි දී ඔහුව පිටියෙන් ඉවත් කෙරුණු අතර අනතුරුව ඔහුව ‘CT Scan’ පරීක්ෂණයකට ලක් කිරීමෙන් පසුව ඔහුගේ තත්වය පිළිබඳව අවදානමක් නොමැති බව තහවුරු කර ගන්නා ලදි. කෙසේ නමුත් දිනයේ ඉතිරි කාලය තුළ ඔහු ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණියේ නැත.

මේ පිළිබඳ අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරිත්වය ප්‍රකාශ කර සිටියේ;

“පන්දුව වැදිලා තිබුණේ ඔහුගේ හිසේ. ඒ නිසා අපි පරීක්ෂණ කිහිපයක් සිදු කළා. ඔහුගේ තත්වය පිළිබඳ අවදානමක් නැහැ. නමුත් අපි අද දවසේ ඔහු පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතුයි. පසුව හෙට උදෑසන වෛද්‍යවරුන් ඔහු පිළිබඳ පරීක්‍ෂා කරලා ඔහු හෙට ක්‍රීඩා කරනවා ද? නැද්ද? යන එක තීරණය කරයි. ඔහු ක්‍රීඩා කිරීම ගැන තීරණය ගත යුත්තේ ගොඩක් සැලකිල්ලෙන්. ඒ නිසා අපි ඒ තීරණය ගන්නේ හෙට උදෑසන. ඔහු පිළිබඳව තීරණ ගැනීම වෛද්‍ය උපදෙස් මත සිදුවෙයි.”

මුරලි විජේගේ පිතිකරණය හමුවේ සදීර හට මෙවන් සිදුවීමක් සිදු වූයේ අඛණ්ඩව දෙවන වරටයි. මීට පෙර නාග්පූර් හිදී පැවති දෙවන ටෙස්ට් තරගයේ දී ද රංගන හේරත් යොමු කළ පන්දුවකට විජේ එල්ල කළ ‘sweep’ පහරක් හමුවේ පන්දුව සදීරගේ පපුවේ වැදීම හේතුවෙන් ඔහුව පිටියෙන් ඉවත් කිරීමට සිදු විය. කෙසේ නමුත් එහි දී ද ‘X-ray’ පරීක්ෂණයක් සිදුකිරීමෙන් අනතුරුව තහවුරු වූයේ ඔහුගේ තත්වය පිළිබඳ අවදානමක් නොමැති බවයි.      

 තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න