රෝහිත්ගේ ගිණිකෙළි මැද කුසල් පෙරේරාගෙන් දර්ශනීය මල් වෙඩිල්ලක්!

311

හෝල්කාර් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඊයේ (22) පැවති ඓතිහාසික තරගයකින් අනතුරුව ඉන්දු – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරගාවලියේ ජයග්‍රහණය ද තමන් සතුකර ගන්නට ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අවස්ථාව උදා විය.

වසරක නිමාවට පෙර සුභවාදී බලාපොරොත්තුවක්?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය කටක් හිදී හෙට (20) ආරම්භ වේ.

පිතිකරණ පාරාදීසයක පැවති මෙම තරගයේ දී සුපිරි පිතිකරණ දක්ෂතා ප්‍රකට කළ රෝහිත් ශර්මා නැවත වරක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට අමතක නොවන ප්‍රහාරයක් එල්ල කරමින් ප්‍රවේගකාරී ශතකයක හිමිකරු වන්නට ද ඊයේ දිනයේ දී සමත්කම් දැක්වීය. පන්දු 35ක් තුල තම ශතකය වාර්තා කරගත් රෝහිත් ඊයේ දිනයේ දී, දකුණු අප්‍රිකානු සුපිරි ප්‍රහාරක ඩේවිඩ් මිලර් සතුව තිබූ ලොව වේගවත්ම විස්සයි විස්ස ශතකයේ වාර්තාව සම කිරීමට ද සමත් විය.

පස්වරු 7 කනිසමට තරගය ආරම්භ වෙද්දී කාසියේ වාසිය නැවත වරක් ජයගත් ශ්‍රී ලංකා සීමිත පන්දුවාර නායක තිසර පෙරේරා ගනු ලැබුවේ අරුම පුදුම තීරණයකි. ඒ අඩු දුර හතරේ සීමා සහ අධිවේගී මාර්ග මෙන් වූ පැතලි තණතීරුවකින් හෙබි තණතිල්ලේ මුලින් පන්දුවට පහර දීමට ඉන්දියානුවන්ට ඇරයුම් කිරීමයි. ප්‍රතිවාදීන් ලබා දුන් මෙම සුපිරි අවස්ථාවෙන් අමන්දානන්දයට පත්වුනු ඉන්දීය පිළ ප්‍රථම පන්දුවාරයේ සිටම දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ශ්‍රී ලංකාව දෙදණින් ඇද වට්ටමිනි.

පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 165ක සුපිරි සබඳතාවයක් ගොඩ නගමින් ඉන්දීය කණ්ඩායම එදා මෙදාතුර ක්‍රීඩා කළ හොඳම විස්සයි විස්ස ඉනිමට පදනම සැකසූ රෝහිත් ශර්මා සහ ලෝකේෂ් රාහුල් මෙම සාර්ථකත්වයේ රහස බවට පත්විය. පිතිකරුවන්ට උචිත තණතිල්ලක දී අනවශ්‍ය පීඩනයක් පටවා ගනිමින් පන්දු යැවීම තෝරාගත් ශ්‍රී ලංකා පිළට සිතා ගැනීමටවත් අවස්ථාවක් ලබා නොදුන් රෝහිත් ශර්මා ඊයේ ලකුණු 118ක් රැස් කර ගත්තේ පන්දු 43කට පමණක් මුහුණ දෙමිනි. ඊට මන බඳනා හතරේ පහර 12ක් සහ අකුණු සැර වන් හයේ පහර 10ක් ඇතුළත් විය!

ක්‍රිකට් පොතේ ඇති මනරම් පහරවල් එලෙසින්ම එල්ල කරන පිතිකරුවෙකු වන ලෝකේෂ් රාහුල් ද ඊයේ සුපිරි ඉනිමක් ගොඩ නැගුවේ පන්දු 49කින් ලකුණු 89ක් රැස්කර ගනිමිනි. ඊට දර්ශනීය හතරේ පහර 5ක් සහ හයේ පහර 8ක් ඇතුළත් විය. මොවුන් දෙදෙනාගේ සුපිරි ප්‍රහාරය නිසා ඉන්දීය කණ්ඩායම ලකුණු 280ක් වැනි විශ්වාස කළ නොහැකි තරමේ දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කළ ද දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් මෙම කඩුලු දෙක දවා ගැනීමත් සමඟ ප්‍රහාරය සෑහෙන දුරට අඩපණ විය.

ඒ අනුව ඔවුන්ට ලොව වැඩිම විස්සයි විස්ස ලකුණු සංඛ්‍යාව වන ලකුණු 263ට පියවර 3ක් මෙපිටින් සෑහීමකට පත් වන්නට සිදු විය. මීට අමතරව ඉන්දීය ඉනිම වෙනුවෙන් එම්. එස්. දෝනි ලකුණු 28ක් ද, හාර්දික් පාණ්ඩ්‍යා ලකුණු 10ක් ද රැස්කර ගත්හ. පන්දු යැවීමේ දී නුවන් ප්‍රදීප් සහ තිසර පෙරේරා කඩුලු 2 බැගින් බිඳ හෙලූව ද ඔවුන්ට එරෙහිව ප්‍රතිවාදීන් විශාල ලකුණු සංඛ්‍යාවක් උදුරා ගැනීමට සමත් වූහ.

ඉන්දියානු කණ්ඩායම ලබාගත් මෙම දැවැන්ත ලකුණු සංඛ්‍යාව නිසා පහසු ජයක් ඉන්දියාවට අත්පත් වනු ඇතැයි බොහෝ දෙනා විශ්වාසය පළ කළත් ශ්‍රී ලංකා මුල්පෙළ පිතිකරුවන්ගෙන් පළවුණු සටන්කාමී ක්‍රීඩා රටාව නිසා ඊයේ දිනයේ ශ්‍රී ලංකාවට සිය ගෞරවය යම් පමණකින් ආරක්ෂා කර ගැනීමට හැකි විය. ලකුණු 25ක් ලබා සිටි නිරෝෂන් දික්වැල්ල පහසු උඩපන්දුවක් ලබා දී දැවී යාමෙන් පසු පිටියට පිවිසි කුසල් පෙරේරා ක්‍රීඩා කළ විශිෂ්ට ඉනිම ඊට මූලික හේතුවයි.

දේශාන්ගෙන් 105ක්; ජනිත් ලියනගේත් ශතකයක් අභිය‍ස!

දේශීය ක්‍රිකට් තරගාවලි අතුරින් ප්‍රමුඛ තැනක් ගන්නා අන්තර් සමාජ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ A ශ්‍රේණියේ තරග 5ක් අද (22) ආරම්භ විය.

ශ්‍රී ලංකා පිළට එම මොහොතේ අවශ්‍යව තිබූ ආරම්භය ලබා දුන් කුසල් පන්දු 37කින් ලකුණු 77ක් ලබා ගත්තේ හී සැර වන් හතරේ පහර 4ක් සහ යෝධ හයේ පහර 7ක් සමඟිනි. කුසල්ගේ මෙම ධෛර්යවන්ත උත්සාහයට ශක්තිය සැපයූ උපුල් තරංග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 109ක සබඳතාවයක් ගොඩ නැගුවේ ඉන්දියානුවන්ට තරගය පිළිබඳ දෙගිඩියාවක් ඇති කරමිනි. කෙසේ වෙතත් පන්දු 29කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 47ක් ලබාගත් උපුල් තරංග දැවී යාමත් සමඟ තරගය නැවතත් ක්‍රමයෙන් ඉන්දියාව දෙසට නතුවිය.

කණ්ඩායමට තම සේවය අත්‍යවශ්‍ය වූ මොහොතේ දී පළමු පන්දුවෙන්ම දැවී ගිය නායක තිසර පෙරේරාත්, අසේල ගුණරත්නත් එහි ප්‍රධාන වගකිව යුත්තන් බවට පත්විය. ඒ හැරුණුකොට සදීර සමරවික්‍රම, චතුරංග ද සිල්වා වැනි අනෙක් පිතිකරුවන්ට ද ලකුණු 10ක්වත් ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එකතු කිරීමට හැකි නොවීය. ඒ අනුව මැදපෙළ සහය නොලැබ අසරණ වූ ශ්‍රී ලංකා ඉනිම නිමාව දුටුවේ ලකුණු 172ක් ලබා සිටිය දීයි. පන්දු යැවීමේ දී යුශ්වේන්ද්‍ර චහාල් කඩුලු 4ක් බිඳ දමද්දී කුල්දීප් යාදෙව්ට කඩුලු 3ක් හිමි විය.

තරගයේ වීරයා සම්මානය විස්සයි විස්ස තරගයක කලාතුරකින් දැකිය හැකි ආකාරයේ සුපිරි ප්‍රහාරයක් දියත් කළ නායක රෝහිත් ශර්මා දිනා ගත්තේය. ඊයේ දිනයේ වාර්තා වූයේ ශ්‍රී ලංකා පිළ පිට පිටම ලබාගත් සත්වැනි විස්සයි විස්ස තරග පරාජයයි. ඉන්දීය කණ්ඩායම මුල් තරග දෙකම ජය ගැනීමෙන් අනතුරුව තරග සංචාරය අවසන් කරමින් පැවැත්වෙන තුන්වැනි සහ අවසන් විස්සයි විස්ස තරගය හෙට (24) මුම්බායි හිදී පැවැත්වේ.

ඉන්දියානු ඉනිම – කඩුලු 5ක් දැවී ලකුණු 260 (පන්දුවාර 20): රෝහිත් ශර්මා 118, ලෝකේෂ් රාහුල් 89, එම්.එස්. දෝනි 28, හාර්දික් පාණ්ඩ්‍යා 10, තිසර පෙරේරා 2/49, නුවන් ප්‍රදීප් 2/61, දුෂ්මන්ත චමීර 1/45.

ශ්‍රී ලංකා ඉනිම – සියල්ලන්ම දැවී ලකුණු 172 (පන්දුවාර 17.2): කුසල් පෙරේරා 77, උපුල් තරංග 47, නිරෝෂන් දික්වැල්ල 25, යුශ්වේන්ද්‍ර චහාල් 4/52, කුල්දීප් යාදෙව් 3/52, ජාදෙව් උනද්කට් 1/22, හාර්දික් පාණ්ඩ්‍යා 1/23.

   තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න