“ඔවුන් දන්නවා මගේ වැඩ” – හතුරුසිංහ

1437

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා පත්වීම් භාර ගැනීමෙන් අනතුරුව පැවැත්වූ පළමු මාධ්‍ය සාකච්ඡාව අද (20) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවැත්විය.

වසරක නිමාවට පෙර සුභවාදී බලාපොරොත්තුවක්?

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුතු ජාත්‍යන්තර විස්සයි විස්ස තරගාවලිය…

මෙහි දී මාධ්‍ය ඇමතූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා එහි දී පවසා සිටියේ වර්තමාන ලෝකයේ තිබෙන තාක්ෂණය මෙන්ම අනෙකුත් කණ්ඩායම් භාවිතා කරන නව උපක්‍රම මානව හඳුනන එමෙන්ම, විද්‍යාත්මකව ක්‍රිකට් ක්‍රීඩාව පුහුණු කිරීමට හැකි පුහුණුකරුවන් කිහිප දෙනෙකු අතුරෙන් සිටින දක්ෂයෙක් වන හතුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ගැනීමට හැකි වීම ශ්‍රී ලංකා කණ්ඩායම ලබාගත් විශාල ජයග්‍රහණයක් බවයි. එසේම ඔහු ශ්‍රී ලාංකික ජාතිකයෙකු වීම ගැන සුමතිපාල මහතා ඇතුළු සමස්ත ශ්‍රී ලාංකික ජනතාව ඉතාමත් සතුටට පත්වන බව ද ඔහු එහි දී පැවසීය.

මාධ්‍ය සාකච්ඡාව හා එක්වූ ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සිය අදහස් දක්වමින් පවසා සිටියේ දිනෙන් දින අගාධයට යන ක්‍රිකට් ක්‍රීඩාව සහ ශ්‍රී ලංකා සංචිතය, හතුරුසිංහ මහතාගේ පුහුණු උපදෙස් හමුවේ යළිත් සිය සුපුරුදු දස්කම් වෙත ඉක්මනින්ම පැමිණෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි. එසේම පසුගිය දා පැවැත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් යළිත් ගොඩ නැංවීමේ සමුළුවේ කතාබහට ලක්වූ යම් යම් කරුණු කිහිපයක්ම කෙමින් කෙමින් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර ඇති බව ද ජයසේකර මහතා එහි දී වැඩිදුරටත් පවසා සිටියේය.

Photo Album : Chandika Hathurusingha takes over as SLC Head Coach

මාධ්‍ය සාකච්ඡාවේ කාගේත් අවධානය දිනා ගත් පුද්ගලයා වූ නව ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ මහතා මාධ්‍ය අමතමින් පවසා සිටියේ සිය උපන් රටට සිය දායකත්වය දැක්වීමට හැකි වීම පිළිබදව එතුමන් සතුටට පත්වන බව මෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම යළිත් සිය සුපුරුදු දස්කම් වෙතට පැමිණෙනු ඇතැයි ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. කෙසේ වෙතත් එය දිනකින් දෙකකින් සිදුනොවන්නක් බවත් ඒ සඳහා යම් කාලයක් ගත වන බවත් ඔහු එහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හතුරුසිංහ මහතා තවදුරටත් පවසා සිටියේ එළඹෙන බංගලාදේශ ක්‍රිකට් තරගාවලිය ඔහුට මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ද ඉතාමත් වැදගත් තරගාවලියක් වන බවයි.

“ඔවුන් දන්නවා මගේ තරග සැලැස්ම මොකක්ද කියලා. ඒ වගේම මම දන්නවා ඔවුන්ගේ සැලැස්ම මොකක්ද කියලා, ඒක නිසා එම තරගාවලිය ඉතාමත් උණුසුම් තරගාවලියක් වන බවට සැකයක් නැහැ. එ් නිසාවෙන් මම ඒ තරගාවලිය අභියෝගයක් ලෙස භාර ගන්නවා.”

ඉහත සඳහන් නිලධාරීන්ට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති කේ. මතිවානන් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි මහතා මෙන්ම තේරීම් කමිටු සභාපති වන ග්‍රැහැම් ලැබ්රෝයි මහතා ද මෙම මාධ්‍ය සාකච්ඡාව සඳහා සහභාගී විය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<