සීතල පන්දු ගල්කල උණුසුම් පිතිකරණය

492
England vs Sri Lanka - T20I

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවති ටෙස්ට්, එක්දින හා අද (06)  නිමා වූ විස්සයි විස්ස තරඟයද සමඟ එංගලන්තයේ තිබූ දීර්ඝ තරඟ සංචාරය නිමාවිය. මෙම තරඟය  එංගලන්තයේ සවුතැම්පටන්  හිදී පැවැත්විණි. මෙම තරඟය එංගලන්ත කණ්ඩායම පහසු හා කඩුලු 8 ක දැවැන්ත ජයක් ලබාගන්නා ලදි. මෙම තරඟාවලිය ශ්‍රී ලංකා කණ්ඩායමට නම් බොහෝ පාඩම් කියාදුන් සංචාරයක් බව නොඅනුමානයි.

පසුගිය ලිපි: වාර්තාගත පරාජයට පසු වදනක්

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරන ලදි. අඩිතාලමක් දැමිය හැකි ආරම්භක සබඳතාවයක් ගොඩනැංවීමට කුසල් ජනිත්ට සහ ධනුෂ්ක ගුණතිලකට නොහැකි විය. ලකුණු 17 ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක්වෙන විට කුසල් දැවී යන ලදි.

අනතුරුව පිටියට පැමිණි කුසල් මෙන්ඩිස් හා එක්වූ ගුණතිලක තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම  පවත්වාගත් හොදම සබඳතාවය ලෙස දෙවන කඩුල්ල සඳහා ලකුණු 41 ක් ගොඩනංවන ලදි. ගුණතිලක 4 පහරවල් 4 ක් සමඟ ලකුණු 26 කට දැවීයන ලදි. ඒ ඉණිමේ වැඩිම ලකුණු ලාභියා ද වෙමිනි. මෙන්ඩිස් එක් හයක් සමඟ ලකුණු 21 කට දැවී යන ලදි. ලකුණු 82 ක් වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5 ක් දැවී ගොස් තිබිණි. මැද පෙළ කඩුලු ඉක්මනින් දවාලීමට නවක එංගලන්ත සීතල පන්දු යවන්නකු වූ  ඇන්ඩෲ ඩේව්සන් සමත් විය.  එමගින් ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණය ගල්කරලීමට ඔවුන්ට හැකි විය.චන්දිමාල් ලකුණු 23 කට දැවීයන ලදි. චන්දිමාල් එක් 6 හා 4 පහරක් ලබාගැනීමට සමත් විය.


 

ශ්‍රී ලංකා කණ්ඩායම – 140 – 10 (20) ධනුෂ්ක ගුණතිලක  26, දිනේෂ් චන්දිමාල් 23 ,කුසල් මෙන්ඩිස් 21 , ඇන්ඩෲ ඩේව්සන් 3/27, ක්‍රිස් ජෝර්ඩන් 3/29

පසුගිය ලිපි: හඹා යාමේ අසාර්ථකත්වය

ලකුණු 140 ක පහසු ඉලක්කයක් හඹායාමට පිටියට පිවිසි එංගලන්ත ආරම්භක  පිතිකරු ජේසන් රෝයි පළමු පන්දුවාරයේම දවාලීමට ඇන්ජලෝ මැතිව්ස් සමත් විය. මැතිව්ස් ගේ දෙවන පන්දුවාරයේ දී ජෝශප් බට්ලර් ලකුණු 5 ක් ලබාගෙන සිටින විට ඔහුගේ පිත්තේ අග වැදුණු පන්දුව චන්දිමාල් රැකගත් අතර ප්‍රබල ඉල්ලීමක් කලද විනිසුරුතුමා නිහඬ විය. මෙම තරගයේ DSR ක්‍රමය හෙවත් නැවතත් පිරික්සන ක්‍රමය නොමැති විය. එයද අවසානයේ ශ්‍රී ලංකාව තරගය පරාජය වීමට හේතු විය. බට්ලර් හා එක්වූ නායක ඉයන් මෝගන් තෙවන කඩුල්ල සඳහා නොබිදුනු ලකුණු 114* ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. එහිදී මෝගන් එක් 4 ක් හා දැවැන්ත 6 පහර දෙකක් සමඟ ලකුණු 46* ක් ද විශිෂ්ට පිතිකරණයක නිරත වූ බට්ලර් තම 5 වන අර්ධ ශතකය සමඟ ලකුණු 73* ලබාගන්නා ලදි. එම පිත්ත 4 පහර 3 ක් හා 6 පහර 4 කින් තම ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට සමත් ව්ය.


 

එංගලන්ත කණ්ඩායම – 144 -2 (17.3) ජෝශප් බට්ලර් 73*, ඉයන් මෝගන් 46*, ඇන්ජලෝ මැතිව්ස් 2/27

අවසානයේ එංගලන්ත කණ්ඩායම කඩුලු 8 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබාගත් අතර ශ්‍රී ලංකා කණ්ඩායමට මෙම සංචාරය තුළ එකදු තරඟයක් හෝ ජයග්‍රහණය කිරීමට නොහැකි වීම එංගලන්ත හා ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන්ට විශාල ගැටලුවක් විය. එංගලන්තය ක්‍රිකට් ආකාරයන් ත්‍රිත්වයෙන්ම මෙහිදී ජයග්‍රහණය කරන ලදි.

තරගයේ වීරයා ජෝශප් බට්ලර්

ඒ අනුව තවත් තරඟ සංචාරයක් නිමාවූ අතර සංචාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන මෙවැනිම තරගාවලියක ආරම්භ ටෙස්ට් තරගය ලබන 26-30 දක්වා මහනුවර පල්ලේකැලේ ක්‍රීඩා පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

තවත් පුවත් සදහා පිවිසෙන්න