සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර ලෝඩ්ස් පිටියේදී පැවැත්වෙන තෙවන හා අවසන් ටෙස්ට් තරඟයේ තෙවන දිනය ඊයේ (11) පැවැත්විණි.
දිනය අරම්භ කරන විට, ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් දැවී ලකුණු 162 ක් ලබා ප්‍රබල තත්ත්වයක පසුවිය. තරගය අරඹන ලද්දේ නවසීලන්ත සුපිරි ක්‍රිකට් ක්‍රීඩක බ්‍රෙන්ඩන් මැකලම් විසින් සාම්ප්‍රදායික සීනුව නාද කිරීමෙන් අනතුරුවයි. තෙවන දිනය නිමාවන විට එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 109යි.
දෙවන දිනයේ ලිපිය: මහත්වරුන් පුදුම කල සාර්ථක ආරම්භකයක්
දිනය අාරම්භ කල සැනින් ක්‍රියාත්මක වූ එංගලන්ත වේග පන්දු යවන්නන්, ලකුණු පුවරුවට එක් ලකුණු හෝ ලබාගැනීමට පෙර කුසල් මෙන්ඩිස් හා කෞෂාල් සිල්වා ලකුණු 25 කට හා ලකුණු 79 කට දැවී යන ලදි. අනතුරුව පිටියට පිවිසි ඇන්ජලෝ මැතිව්ස් හටද සාර්ථක වීමට නොහැකි විය. ඔහු ලකුණු 3 ට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 169 කට 4 ක් ලෙස දැක්විණි. ලකුණු 7 ක් තුළ කඩුලු 3 ක් බිදවැටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම යලි අපහසුතාවයකට තත්වයකට මුහුණ දීමට සිදුවිය.
පිටියේ 5 වන කඩුල්ල සඳහා ලකුණු 33ක සබඳතාවයක් ගොඩනැංවීමට ළහිරු තිරිමාන්න හා දිනේෂ් චන්දිමාල් සමත් විය. චන්දිමාල් ලකුණු 19 කට හා තිරිමාන්න ලකුණු 17 කට දැවීයන ලදි. ඒ ශ්‍රී ලංකා මැද පෙල ගැටලුවක් ඇතිබවට යලිත් වතාවක් පෙන්නුම් කරමිනි. අනතුරුව තහනම් උත්තේජක චෝදනා වලින් නිදහස් වූ කුසල් පෙරේරා මාස 6 කට පමණ පසු පිටියට පිවිසෙන ලදි. ඔහු හා එක්වූ රංගන හේරත් 7 වන කඩුල්ල සඳහා ලකුණු 71ක සබඳතාවයක් ගොඩනැංවීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 276ක් ලබා සිටින විට දක්ෂ ලෙස පිත්ත හසුරුවමින් සිටි හේරත් ලකුණු 31කට දැවී යන ලදි. පෙරේරා ද කලකට පසුව පිටියට පිවිස 4 පහරවල් 7 ක් සමඟ ලකුණු 42 කට දැවී යන ලදි. සෙසු පිතිකරුවන්ට සාර්ථක වීමට අවස්ථාවක් නොවීය.
තවත් ක්‍රිකට් පුවත් සිංහලෙන්ම කියවන්න – එන්න ක්‍රිකට් පිටුවට
ශ්‍රී ලංකා පළමු ඉණිම – 288 – 10 (95.1) කෞෂාල් සිල්වා 79, දිමුත් කරුණාරත්න 50, කුසල් පෙරේරා 42, රංගන හේරත් 31, ක්‍රිස් වෝක්ස් 3/31, ස්ටීවන් ෆින් 3/59
අනතුරුව ලකුණු 128ක වාසියක් සමඟ තම දෙවන ඉණිම ඇරඹූ එංගලන්ත කණ්ඩායම යළිත් සාර්ථක ආරම්භයක් ලබාගැනීමට සමත් විය. ඇලෙස්ටයර් කුක් මැද පෙල ක්‍රීඩා කරමින් පළමු කඩුල්ල සඳහා ලකුණු 45ක සබඳතාවයක් ගොඩනැංවීමට ඇලෙක්ස් හේල්ස් හා නික් කොම්පටර්න් සමත් විය. කොම්පටර්න් ලකුණු 19කට දැවී යන ලදි. ලකුණු 50ක් වන විට එංගලන්ත කණ්ඩායමේ ප්‍රබල කඩුලු 3ක් දවාලීමට ශ්‍රී ලංකා වේග පන්දු යවන්නන් සමත් විය. ජෝයි රූට් හා ජේම්ස් වින්ස්ට ද සාර්ථක වීමට නොහැකි විය. පළමු ඉනිමේ එංගලන්ත තුරුම්පුවක් වූ බෙයාර්ස්ටොවු ලකුණු 32කට දැවී යන ලදි. නොදැවී ක්‍රීඩා කරන හේල්ස් ලකුණු 41*, ස්ටීවන් ෆින් ලකුණු 6* යි. දිනය නිමා වනවිට එංගලන්ත කණ්ඩායම ලකුණු 237 ක් පෙරමුණේ පසුවෙයි.
එංගලන්ත දෙවන ඉණිම (3වන දිනය නිමා වනවිට) – 109-04 (38) ඇලෙක්ස් හේල්ස් 41* , ජොනාතන් බෙයාර්ස්ටොවු 32, නුවන් ප්‍රදීප් 3/25, ශමින්ද එරංග 1/25
අද (12) තරගයේ සිව්වන දිනයයි.