අධිවේගී 5G සමඟින් Dialog ශ්‍රී ලංකා Esports බලගන්වන්නට පෙරට එයි

456
Dialog Axiata Powers SLESA as the ‘Official Sponsor of Esports
වමේ සිට දකුණට* Dialog Axiata PLC IdeaMart – Gaming නිෂ්පාදන කළමනාකරු අමිත් පෙරේරා, Dialog Dialog Axiata PLC IdeaMart සාමාන්‍යාධිකාරී විරංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා Esports සංගමයේ ලේකම් රමේෂ් ලියනගේ, ශ‍්‍රී ලංකා Esports සංගමයේ භාණ්ඩාගාරික විකුම් ජයසේකර.

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC සමාගම මෙරට ඊළඟ පරම්පරාවේ ක්‍රීඩා ක්ෂේත්‍රය බලගන්වන ගමනේ තවත් අදියරක් ලෙස ශ‍්‍රී ලංකා Esports සංගමයේ (SLESA) ‘නිල අනුග්‍රාහකයා’ ලෙස වසර දෙකක සහයෝගිතාවකට එළඹ තිබේ.

ශ‍්‍රී ලංකාවේ ජාතික Esports නිල අනුග්‍රාහකයා ලෙස Dialog සමාගම, SLESA විසින් තෝරාගත් PUBG Mobile, Free Fire, Valorant, DOTA 2, Counter-Strike: GO, Pro Evolution Soccer සහ Tekken 7 යන ක්‍රීඩාවල ජාතික Esports කණ්ඩායම් සඳහා අනුග්‍රහය දැක්වීමට කටයුතු කරනු ඇත.

මෙම සහයෝගිතාව නිසා SLESA හට Dialog සමාගමේ සහාය ඇතිව දේශීය ක්‍රීඩකයින් සඳහා පුහුණු සහ සංවර්ධන වැඩසටහන් පැවැත්වීමටත්, ජාතික මෙන්ම දිස්ත්‍රික් මට්ටමේ Esports තරගාවලි දියත් කිරීමටත් අවස්ථාව ලැබේ.

වාර්ෂික ‘Dialog-SLESA ජාතික Esports සම්මාන’ උළෙලේ දී මෙරට හොඳම Esports ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීමට ලක් කෙරේ. මීට අමතරව, දකුණු ආසියාවේ 5G අත්හදා බැලීමේ ජාලයක් දියත් කළ මෙරට පළමු ජංගම දුරකථන ජාලය වන Dialog සමාගම වේගවත් හා පහසු ක්‍රීඩා අත්දැකීමක් සහතික කරමින් Esports සඳහා අධිවේගී 5G පහසුකම් සපයනු ඇත.

Dialog සමාගම වසර ගණනාවක් පුරාවට ශ‍්‍රී ලංකා Esports සංගමය වෙත මේ දක්වන අනුග්‍රහය හරහා Esports හි දියුණුව වෙනුවෙන් සහාය වීම ගැන මම සතුටු වෙනවා,” තරුණ හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.

”ශ‍්‍රී ලංකාවේ Esports වල සංවර්ධනයට සහය වීමට මූලිකත්වය ගැනීම පිළිබඳව Dialog Axiata සමාගමට මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. Dialog 5G සම්බන්ධතාවයේ බලය සමඟ ශ‍්‍රී ලංකාව දකුණු ආසියාවේ Esports කේන්ද්‍රස්ථානය බවට පත්කරන්න අපට අවස්ථාව ලැබේවි”, ඔහු වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් SLESA හි සභාපති රවීන් විජයතිලක මෙසේ පැවසීය. ”පසුගිය දශකය තුළ ශ‍්‍රී ලංකාව තුළ Esports ශීඝ්‍ර ලෙස වර්ධනය වුනා. අපේ තරුණ තරුණියන් කලාපීය Esports තරගවල ප්‍රමුඛත්වය ගන්න දැන් සූදානමින් ඉන්නේ. Dialog Axiata සමඟ SLESA හි හවුල්කාරීත්වය සමඟින්, ක්‍රීඩාවේ වර්ධනය වේගවත් කිරීමටත්, ආසියානු ක්‍රීඩා උළෙල සහ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා වැනි Esports තරගාවලි වෙත පිවිසෙන්න අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සවිබලය ලබා දීමටත් අපි සූදානම්.”

Dialog Axiata PLC හි සමූහ ප්‍රධාන නවෝත්පාදන නිලධාරි ඇන්තනි රොද්‍රිගෝ මහතා මෙම අවස්ථාවට එක්වෙමින් මෙසේ පැවසීය. ”ශ‍්‍රී ලංකාවේ නිල Esports අනුග්‍රාහකයා බවට පත්වීමට ලැබීම අපට මහත් භාග්‍යයක්. වසංගතය මධ්‍යයේ වුවද, Esports විශාල වශයෙන් ජනප්‍රිය වී තිබෙනවා. පසුගිය කිහිපය පුරාවට Dialog ශ‍්‍රී ලංකාවේ Esports සංවර්ධනය වෙනුවෙන් කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. දැන් SLESA සමඟ ඇති මෙම හවුල්කාරිත්වය නිසා Dialog 5G ජාලය හරහා දිවයින පුරා සිටින පරිගණක ක්‍රීඩකයන්ට තවදුරටත් පහසුකම් සැලසීමටත්, ඔවුන්ගේ හැකියාවන් වර්ධනයටත්, අන්තර්ජාතික Esports තරගාවලි වෙත දොරටු විවර කිරීමටත්, ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා කෞශල්‍යය ඉහළ නංවන්නත් අපි බලාපොරොත්තු වෙනවා. SLESA හි සහාය ඇතිව සියලූම ක්‍රීඩකයින්ට වැඩිදියුණු කළ සහ උසස් ක්‍රීඩා අත්දැකීමක් ලබා දීමට අපි ආයෝජනය කරනවා.”

Dialog Axiata ජාතික ක්‍රිකට්, වොලිබෝල් සහ දැල්පන්දු කණ්ඩායම් හි නිල අනුග්‍රාහකයා ලෙස කටයුතු කරයි. ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලිය බලගැන්වීමට අමතරව ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ දැල්පන්දු තරගාවලි,පාසල් ලීග් රග්බි, ප‍්‍රිමියර් පාපන්දු තරගාවලි, පාසල් ක්‍රිකට් හා යුද හමුදා පැරා ක්‍රීඩා තරගාවලිය, ජාතික පැරා ක්‍රීඩා තරගාවලිය, ලෝක පැරාලිම්පික් තරගාවලියට සහභාගි වන ශ‍්‍රී ලංකා පැරා කණ්ඩායම බලගැන්වීමට කටයුතු කර ඇත.

Dialog Axiata Powers SLESA as the ‘Official Sponsor of Esports
වමේ සිට දකුණට* Dialog Axiata PLC IdeaMart – Gaming නිෂ්පාදන කළමනාකරු අමිත් පෙරේරා, Dialog Dialog Axiata PLC IdeaMart සාමාන්‍යාධිකාරී විරංග සෙනෙවිරත්න, ශ්‍රී ලංකා Esports සංගමයේ ලේකම් රමේෂ් ලියනගේ, ශ‍්‍රී ලංකා Esports සංගමයේ භාණ්ඩාගාරික විකුම් ජයසේකර.

Dialog Axiata PLC හි සමූහ ප‍්‍රධාන නවෝත්පාදන නිලධාරි ඇන්තනි රොද්‍රිගෝ වෙතින්, යෞවන හා ක්‍රීඩා අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ සහ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ ඉදිරියේ දී, ශ‍්‍රී ලංකා Esports සංගමයේ සභාපති රවීන් විජයතිලක වෙත අනුග්‍රාහක සමරු ඵලකය පිරිනැමූ අවස්ථාව.

Dialog Axiata PLC සහ ශ‍්‍රී ලංකා Esports සංගමය අතර හවුල්කාරිත්වය නිල වශයෙන් සනිටුහන් කිරීමේ අවස්ථාවට එක් වූ ජාතික Esports කණ්ඩායමේ වත්මන් ක්‍රීඩකයින්.

වමේ සිට දකුණට* නදීෂානි ‘Foxy’ ජයසිංහ, ෂිහාබ් ‘Shihab’ රිසාන්, උෂිත් ‘DODOMEISTER’ පීරිස්, ශ්‍රී ලංකා Esports සංගමයේ සභාපති රවීන් විජයතිලක, විභූද ‘ChromnZ’ ද සොයිසා, සංජීවන් ‘BenJ’ කෙලෙසන් සහ සහරා ‘Nerd’ තාජුඩීන්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<