නවවැනි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සටනක

213

19 වැනි ආසියානු වයස අවුරුදු 20න් පහල වොලිබෝල් ශූරතාවලියේ නවවැනි ස්ථානය දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සත්කාරක බහරේනය සමඟ තරග කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාව හා කසකස්තානය (16දෙනාගේ වටය)

ශ්‍රී ලංකා කණ්ඩායම කාණ්ඩය අදියරේ දී කසකස්තානය හා ඕස්ට්‍රේලියාව පරාජය කරමින් 16 දෙනාගේ වටයට පිවිසුණු අතර 16 දෙනාගේ වටයේ දී ඔවුන්ට නැවත වතාවක් කසකස්තානය හා තරග වැදීමට සිදු විය. කෙසේ වුවත් භෞත චිකිත්සකවරයෙකු හා දත්ත විශ්ලේෂකයෙකු නොමැතිව තරග කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වූයේ වට 3-1ක් ලෙස පරාජය වීමටයි.

20න් පහල ක්‍රීඩකයින් තරග දෙකක් ජය ගනී

ශ්‍රී ලංකා වයස අවුරුදු 20න් පහල පිරිමි කණ්ඩායම තමන් තරග වදින C කාණ්ඩයේ තරග දෙකම ජය ගනිමින් 19 වන ආසියානු පිරිමි වොලිබෝල් ශූරතාවට සාර්ථක ආරම්භයක් ලබා ගන්නා ලදි.

විශේෂම කරුණ නම් 16 දෙනාගේ වටයේ දී ශ්‍රී ලංකාවට හමු විය යුතුව තිබුණේ සත්කාරක බහරේනය වුවත් ඔවුන්ට ක්‍රීඩා කිරීමට සිදු වූයේ කසකස්තානය සමඟ නිසා තරගාවලියේ ආකෘතිය තරගාවලිය මැද දී වෙනස් වූ බව පෙනී යයි.

ආබාධ කිහිපයක් ද සමඟින් තරගයට පිවිසුණු ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා තියුණු මුහුණුවරක් ගත් පළමු වටය ලකුණු 26-24ක් ලෙස පරාජය වූ අතර දෙවන වටයේ නැවත තරගයට පිවිසෙමින් ලකුණු 16-25ක් ලෙස දෙවන වටය තමන් සතුකර ගැනීමට ඔවුන් සමත් විය. කෙසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවන වටයේ ලකුණු 25-13ක් ලෙස දරුණු පරාජයක් අත්විඳි අතර තියුණු සටනක් ලබා දුන්න ද ජයග්‍රහණය කළ යුතුවම තිබූ සිව්වැනි වටය ලකුණු 25-21ක් ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජය වූයේ ඔවුන්ගේ බලාපොරොත්තු 9 වැනි හා 12 වැනි ස්ථාන අතරට සීමා කරවමිනි.  

ශ්‍රී ලංකාව වෙනුවෙන් මහේල ඉන්දීවර ලකුණු 21ක් (17 spikes, 3 blocks and 1 aces) රැස්කළ අතර සංඛ දිල්ශාන් ලකුණු 12ක් (10 spikes and 2 aces) රැස්කර ගැනීමට සමත් විය.   

නව තරගාවලි ආකෘතියට අනුව ශ්‍රී ලංකාව හමුවේ පරාජය වූ නමුත් කසකස්තානය හා ඕස්ට්‍රේලියාව අවසන් අට දෙනාගේ වටයට පිවිසුණු අතර නව ආකෘතියේ තවත් ගොදුරක් ලෙස ශ්‍රේණිගත කිරීම්වල සිව්වැනි ස්ථානයේ සිටින ජපන් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 12 වැනි ස්ථානයේ සිටින චීන තායිපේ කණ්ඩායම හමුවේ පරාජය වූ අතර ප්‍රබල ජපන් ක්‍රීඩකයින්ට දැන් 13වන ස්ථානය උදෙසා තරග වැදීමට සිදු වනු ඇත.


ශ්‍රී ලංකාව හා කටාර් (9 වන ස්ථානයේ සිට 12 වන ස්ථානය දක්වා අවසන් පූර්ව තරගය)

කසකස්තානය හමුවේ පරාජය වුවත් ඉතා ඉක්මනින්ම නැවත සුපුරුදු රිද්මයට පිවිසුණු ශ්‍රී  ලංකා ක්‍රීඩකයෝ කටාර් කණ්ඩායම වට 3-1ක් ලෙස පරාජය කරමින් තරගාවලියේ නවවැනි ස්ථානය සඳහා වන අවසන් තරගයට පිවිසීමට සමත් විය.  

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතාවයට සියල්ල සූදානම්

ඩයලොග් ආසිආටා පී. එල්. සී. අනුග්‍රහයෙන් 13 වන වරටත් පැවැත්වෙන ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ මාධ්‍ය හමුව ඊයේ (24) කොළඹ නවලෝක ශ්‍රවණාගාරයේ…

පළමු වටය ලකුණු 25-21ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ නමුත් දෙවන වටය ලකුණු 21-25ක් ලෙස ජය ගෙන නැවත තරගයට පිවිසෙන්නට කටාර් ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත්  තෙවන වටය (25-18) හා සිව්වැනි වටය (26-24) ජය ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගාවලියේ 9 වන ස්ථානය සඳහා වන තරගයට පිවිසීමට සමත් වූහ.

විදුර ප්‍රභාත් පෙරේරා හා මහේල ඉන්දීවර නැවත වතාවක් ශ්‍රී ලංකාව වෙනුවෙන් දස්කම් දැක්වූ අතර මහේල ලකුණු 28ක් ද (23 spikes, 3 blocks and 2 aces) විදුර ලකුණු 21 ක් ද (15 spikes, 4 blocks and 2 aces) රැස්කර ගැනීමට සමත් විය.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<