ක්‍රීඩකයින්ව මූල්‍ය ගැටලුවලින් බේරගන්න අලුත් වැඩක්

78

පැතිර යන කොරෝනා වයිරසය නිසාවෙන් ආර්ථික ගැටලුවලට මුහුණ පා ඇති මලල ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හට සහනයක් සැලසීමට ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් අරමුදලක් ආරම්භ කර ඇත.

ලන්ඩන් මැරතන් තරගය විශේෂ කාණ්ඩයකට පමණක් සීමා වේ

පවතින කොරෝනා වයිරස තත්වය මත ඔක්තෝබර් මස දක්වා කල් දැමූ සුප්‍රකට ලන්ඩන් …….

ඇමරිකානු ඩොලර් 500,000 මුදලක් වෙන් කරමින් මෙම අරමුදල ආරම්භ කර ඇති අතර ක්‍රීඩාව නතර වී ඇති මොහොතක විශාල ලෙස ආර්ථික ගැටලුවලට මුහුණ දෙන වෘත්තීය මට්ටමේ ක්‍රීඩක/ක්‍රීඩිකාවන්ට උපකාර කිරීමේ අරමුණින් මෙම අරමුදල පිහිටුවා ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ලෝක මලල ක්‍රීඩා සංගමයේ ප්‍රධානී සෙබස්තියන් කෝ ප්‍රකාශ කර සිටියේ මාස දෙකකට වැඩි කාලයක් මුළුල්ලේ තරග නතර කර දැමීමේ ප්‍රතිඵලයක් ලෙස බොහෝ ක්‍රීඩකයන් මූල්‍ය අර්බුදයකට ගොදුරු වී ඇති නිසා මෙම අරමුදල පිහිටුවීමට තීරණය කළ බවයි.

“මම ලොව පුරා සිටින බොහෝ ක්‍රීඩකයන් සමඟින් නිතර සම්බන්ධතා පවත්වමින් සිටිනවා, පසුගිය මාස දෙකක කාලය තුළ අන්තර්ජාතික මට්ටමේ තරගාවලි නතර කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔවුන් බොහෝ දෙනෙක් මූල්‍ය අර්බුදවලට මුහුණ පා සිටිනවා.”

“මෙම වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් බොහෝමයක ආදායම් මාර්ගයේ විශාල කොටසක් වෙන් වන්නේ තරගාවලි තුළින් ලැබෙන මුදල් වලටයි. මෙම තත්වය නිසාවෙන් අපට මෙම කාලසීමාව තුළ කිසිදු තරගාවලියක් පැවැත්වීමට හැකියාවක් නැහැ.”

“අපි මෙම වසර අග දී හෝ යම් තරගයක් පැවැත්වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එතෙක් මෙම අරමුදල මගින්, මූල්‍ය අර්බුදවලට මුහුණ පා ඇති ක්‍රීඩක/ක්‍රීඩිකාවන් හට උපකාර කිරීමට බලාපොරොත්තු වනවා” යැයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

මීට අමතරව මෙම අරමුදලේ වැඩකටයුතු සඳහා උපකාර වීමට කමිටුවක් පත්කොට ඇති අතර මෙම සති අන්තයේ පැවැත්වෙන රැස්වීම්වලින් අනතුරුව මෙම අරමුදලට මුදල් රැස් කළ හැකි ක්‍රම පිළිබඳව සොයා බැලීමට නියමිතව ඇත. 

පැතිර යන මෙම වයිරස තත්වය නිසාවෙන් මෙවර පැවැත්වීමට නියමිතව තිබූ ගිම්හාන ඔලිම්පික් උළෙල ඇතුළු ලොව පුරා බොහෝ ක්‍රීඩා තරගාවලි කල් දැමීමට හෝ අවලංගු කිරීමට සංවිධායකයින් කටයුතු කර ඇත. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<