ඉන්දීය යෞවනයන් හමුවේ නිශාන් මධුශ්ක ගැලවුම්කාරී ඉනිමක

1524

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවැත්වෙන ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (19) නිමාවේ දී ඉන්දීය යොවුන් පිතිකරුවන් ඉදිරියේ දෙවැනි ඉනිමේ දී ස්ථාවර ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවෝ අද සමත් වූයේ මොරටු විද්‍යාලය නියෝජනය කරමින් කණ්ඩායමට එක් වූ නිශාන් මධුශ්කගේ සටන්කාමී ඉනිම හේතුවෙනි.

ශතක හා අර්ධ ශතකවලින් ඉන්දීය ඉනිම නැහැවී යයි

ඉන්දීය යොවුන් පිතිකරණයේ ස්ථාවරත්වය හා පරිණත බව මනාව විහිදුවාලූ ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (18)…….

ලකුණු 345ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තෙවැනි දිනය නිමාවේ දී කඩුලු 3ක් දැවී ලකුණු 177ක් ලබා සිටිය හ. එහි දී ආරම්භක දකුණත් පිතිකරු මධුශ්ක පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 17ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය.

ඔහු මෙම ඉනිම ක්‍රියාත්මක කළේ ඉන්දීය යොවුන් ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් ඊයේ සහ අද දිනයේ පිටිය තුළ ක්‍රියාත්මක වෙමින් ලබා ගත් ලකුණු 589ක් රැස් කිරීමෙන් අනතුරුව ය.

තරගයේ දෙවැනි දිනය අවසානයේ දී ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 473ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පළමු ඉනිමට රැස් කළ ලකුණු 244ට පිළිතුරු ලෙසිනි. අද දිනයේ දී ද ක්‍රියාත්මක වූ ඔවුන් තවත් ලකුණු 116ක් ලබා ගත්හ. දැවී ගිය කඩුලු සංඛ්‍යාව 5කි.

ඉන්දීය ඉනිමේ හිසරදයක් වූ 6 වැනි කඩුල්ලේ සබඳතාව ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද දිනයේ දී නිමා කිරීමට හැකි වූයේ ලකුණු 16ක් පමණක් එක් වෙද්දී ය. ඒ වෙද්දී අයුෂ් බදෝනි හා නීල් වේද්රා එක්ව ඉන්දීය කණ්ඩායමට එක් කළ ලකුණු සංඛ්‍යාව 199කි. හය වැනි කඩුල්ල ලෙසින් නීල් වේඩර් පන්දු 132කට හතරේ පහර 9ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 82කට දැවී ගියේය.

අනතුරුව 7 වැනි කඩුල්ල වෙනුවෙන් ආයුෂ් බදෝනි, හර්ෂ් ටයාගි (15) එක්ව තවත් ලකුණු 36ක් එක් කිරීමට සමත් විය. ඉතිරි කඩුලු 3 ලකුණු 64කට දැවී යද්දී අයූෂ් බදෝනි නොදැවී ලකුණු 185ක් ලබා සිටියේ ය. ඔහුගේ ඉනිම පන්දු 205කින් සමන්විත වූ අතර හතරේ පහර 19ක් සහ හයේ පහර 4ක් ඊට ඇතුලත්ව තිබුණි. එය ඉන්දීය ඉනිමේ දෙවැනි ශතකයයි.

තිසරගේ ශතකයෙන් ශ්‍රී ලංකාව ගොඩයයි

ශ්‍රී ලංකා ක්‍රිකට් A කණ්ඩායම හා බංග්ලාදේශ ක්‍රිකට් A කණ්ඩායම අතර පැවති දෙවන නිල නොවන එක්දින ක්‍රිකට් තරගය ලකුණු 67කින් ජය ගැනීමට……

ඉන්දීය ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයෙන් කණ්ඩායමට එක්වූ දකුණතින් දඟපන්දු යවන 17 වියැති කල්හාර සේනාරත්න ලකුණු  170කට කඩුලු 6ක් දවා ගත්තේ ය. ඊට අමතරව ආරම්භක වේගපන්දු යැවූ කළණ පෙරේරා ලකුණු 107කට කඩුලු 2ක් දවා ගත්තේ ය. සඳුන් මෙන්ඩිස්ට සහ ශෂික දුල්ශාන්ට කඩුල්ල බැගින් හිමිව තිබුණි.

ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 345ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 42 දී දැවී ගියේ කමිල් මිෂාර ලකුණු 13කට දැවී යෑමෙනි. නිශාන් මධුශ්ක සමඟින් දෙවැනි කඩුල්ලට එක්වූ නායක නිපුන් ධනංජය ශ්‍රී ලංකා ඉනිමට ලකුණු 91ක සබඳතාවක් ගොඩ නැගූහ.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙසින් නිශාන් මධුශ්ක දැවී ගිය අතර තෙවැනි කඩුල්ලට දැවී ගියේ නිපුන් ධනංජය (20) ය.

තරගය තෙවැනි දිනයට නිමා වෙද්දී නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 19ක් ලබා ගනිමින් සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 20ක් ලබා ගනිමින් නොදැවී පිටියේ රැඳී සිටිය හ.

ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය කඩුලු තුනම මොහොට් ජන්ග්‍රාට හිමි විය.

හෙට (20) තරගයේ සිව්වැනි සහ අවසාන දිනය ක්‍රියාත්මක වෙද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඉනිමක පරාජයෙන් ගැලවීමට තවත් ලකුණු 168ක් ලබා ගත යුතු ය. ඒ වෙනුවෙන් ඔවුන් සන්තකව පවතින්නේ කඩුලු 7ක් පමණි.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 244 (70.3) පසිඳු සූරියබණ්ඩාර 69, නිශාන් මධුෂ්ක 39, සඳුන් මෙන්ඩිස් 39, අයුෂ් බදෝනි 4/24, හර්ෂ් ත්‍යාගි 4/92

ඉන්දීය වයස අවුරුදු 19න් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 589 (134.5) අදර්වා ටයිඩේ 113, අන්ජු රාවට් 63, දේව්දූත් පඩික්කාල් 25, පවන් ෂා 38, යෂ් රාතෝද් 34, නීල්වේඩ්ර් 82, අයුෂ් බදෝනි නොදැවී 185, මොහොට් ජන්ග්‍රා 22, කලණ පෙරේරා 2/107, කල්හාර සේනාරත්න 6/170

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 177 (60.0) නිශාන් මධුශ්ක 104, නිපුන් ධනංජය 20, නුවනිඳු ප්‍රනාන්දු නොදැවී 19, පසිඳු සූරියබණ්ඩාර නොදැවී 20, මොහොට් ජන්ග්‍රා 3/53

තරගයේ අවසාන දිනය සේ ම තරගාවලියේ සියලුම තරග පන්දුවෙන් පන්දුව ඔබ වෙත සජීවීකරණය කිරීමට අප සූදානමින් සිටින අතර සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 හා ThePapare.com වෙබ් අඩවිය හරහා විකාශය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<