ශතක හා අර්ධ ශතකවලින් ඉන්දීය ඉනිම නැහැවී යයි

2004

ඉන්දීය යොවුන් පිතිකරණයේ ස්ථාවරත්වය හා පරිණත බව මනාව විහිදුවාලූ ඉන්දු – ශ්‍රී ලංකා පළමු යොවුන් සිව්දින ක්‍රිකට් තරගයේ දෙවන දිනය වූ අද (18) දිනය අවසානයේ ඉන්දීය කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 473ක් ලබාගෙන සිටියේ ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 229ක් පෙරමුණේ පසුවෙමිනි.

ඉන්දු – ශ්‍රී ලංකා තවත් ක්‍රිකට් තරගාවලියක් හෙට ඇරඹේ

සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරග දෙකක් හා තරුණ එක්දින ක්‍රිකට් තරග පහක් ඇතුළත් ඉන්දීය…

NCC පිටියේ අද (18) දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 92ක් ලබාගෙන ප්‍රබල තැනක පසුවිය. දෙවන දිනයට ආරම්භය ලබා දීම වෙනුවෙන් පළමුව පිටියට පැමිණි වමත් පිතිකරුවන් යුගලය වන අදර්වා ටයිඩේ  හා දෙව්දුත් පඩික්කල් දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතාවයක් සබඳතාවයක් ගොඩනැංවූයේ ඉන්දීය ලකුණු පුවරුව තවදුරටත් සවිමත් කරමිනි.

අනතුරුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඔවුන්ගේ පිතිකරණ විලාසය තරමක් දුරට පාලනය කර ගත් අවස්ථාවේ දී උපරිම ඵල නෙළාගත් වමතින් වේගපන්දු යවන කලණ පෙරේරා පඩික්කල්ව ලකුණු 25කට දවා ගත්තේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරමිනි. ඔහුගේ ඉනිමට 4 පහර 4ක් අන්තර්ගතව තිබුණි.  

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 86ක් NCC ලකුණු සටහනට එකතු කළ අදර්වා ටයිඩේ හා පවන් ශා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු යැවීමේ රටාව හොඳින් තෝරා බේරාගෙන පන්දුවට පහර දුන්නේ ඔවුන්ගේ පිතිකරණය පිළිබඳ ඇති විශ්වාසය තවදුරටත් ස්වයං පරීක්ෂණයකට බඳුන් කරමිනි. එහි දී ඉතාමත් හොඳින් ක්‍රිකට් පොතේ පහරවල් එල්ල කළ අදර්වා ටයිඩේ හා පවන් ශා පිළිවෙළින් ලකුණු 113ක් හා ලකුණු 38ක් ලබා ගත්තේය. සිය ක්‍රිකට් දිවියේ ශතක කිහිපය අතරට තවත් ශතකයක් එක්කාසු කර ගත් අදර්වා ටයිඩේ 4 පහර 13ක් සමඟ සිය ශතකය සම්පුර්ණ කර ගත්තේ ඉන්දීය ඉනිමේ පන්දු 161ක් පමණක් වැය කරමිනි.

ගෙදර ගිය ද. අප්‍රිකා දඟයා නැවතත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා මෙරටට පැමිණි දකුණු…

ශතක ලාභී වමතින් පිතිකරණයේ නියුතු ටයිඩේ වමතින් දඟපන්දු යවන කල්හාර සේනාරත්නගේ පන්දුවකට ඔහු වෙතම උඩ පන්දුවක් ලබා දෙමින් ක්‍රීඩාගාරයට හැරී යන විට ඉන්දීය ලකුණු සටහන 258/4ක් ලෙස ප්‍රබල තැනක පසුවිය.

4 පහර 5ක් සමඟ ලකුණු 34ක් ලබාගත් යශ් රතෝඩ් සඳුන් මෙන්ඩිස්ගේ පන්දුවකට දැවී ගියේය. දිනය නිමා වීමට පෙර ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් හට වෙහෙසකාරී ක්‍රීඩා විලාසයක් උරුමකර දුන් අයුෂ් බදෝනි හා නීල් වේඩර් 6 වන කඩුල්ල වෙනුවෙන් නොදැවුණු ලකුණු 183*ක සාර්ථක හා දැවැන්ත සබඳතාවයක් ගොඩනංවන ලදි. දක්ෂ  පිතිකරණයක නිරත වූ අයුෂ් බදෝනි මනරම් 4 පහර 11ක් හා දැවැන්ත 6 පහර දෙකක් එල්ල කරමින් ලකුණු 107*ක් රැස්කර ගත්තේය. ඔහුට සහාය වූ දකුණතින් පිත්ත හසුරුවන නීල් වේඩර් ලකුණු 81*ක් ලබා ගත්තේ 4 පහර 9ක් හා 6 පහර 3ක් ලකුණු සටහනට එකතු කරමිනි. එක්දින ක්‍රිකට් තරගයක පිතිකරණ රටාවක් දියත් කරන ආකාරයෙන් ඉන්දීය පිතිකරුවන් පන්දුවට අද දිනයේ දී පන්දුවට පහර දුන්නේ 4.50ක පමණ දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගනිමිනි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම වෙනුවෙන් කල්හාර සේනාරත්න හා කලණ පෙරේරා කඩුලු 2 බැගින් දවා  ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා 19න් පහළ පළමු ඉනිම – 244 (70.3): පසිඳු සූරියබණ්ඩාර 69, නිශාන් මධුෂ්ක 39, සඳුන් මෙන්ඩිස් 39, අයුෂ් බදෝනි 4/24, හර්ෂ් ත්‍යාගි 4/92.

ඉන්දීය 19න් පහළ පළමු ඉනිම (දෙවන දිනය අවසානයේ) – 473/5 (107): අදර්වා ටයිඩේ 113, අයුෂ් බදෝනි 107*, නීල් වේඩර් 81*, අනුජ් රාවට්  63, කලණ පෙරේරා 2/93, කල්හාර සේනාරත්න 2/114.

තරගය තෙවන දිනයට හෙටත් (19) පැවැත්වෙන අතර තරගාවලියේ සියලුම තරග ඩයලොග් TV නාලිකා අංක 1 හා ThePapare.com වෙබ් අඩවිය හරහා සජීවීව විකාශය කරනු ඇත. සියලුම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<