Home Sinhala ශ්‍රී ලංකා යෞවනයින් හමුවේ බංග්ලාදේශයට 5-0ක පරාජයක්

ශ්‍රී ලංකා යෞවනයින් හමුවේ බංග්ලාදේශයට 5-0ක පරාජයක්

බංග්ලාදේශ 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය 2021

238

ශ්‍රී ලංකා – බංග්ලාදේශ 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවති තරග 5කින් සමන්විත යොවුන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි සහ අවසන් තරගය ද ලකුණු 4කින් ජය ගැනීමට ශ්‍රී ලංකාව අද (25) සමත් වුනා.

ඒ අනුව එක්දින තරගාවලියෙන් 5-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකියාව ලැබුණා.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර හරිඳු ජයසේකර, ලහිරු දවටගේ සහ රයන් ප්‍රනාන්දු වෙනුවට කඩුලු රකින පිතිකරු සදීෂ් ජයවර්ධන, සදීෂ රාජපක්ෂ සහ චමිඳු  වික්‍රමසිංහ අද තරගය සඳහා කැඳවා තිබුණා.

  • ශ්‍රී ලංකාව – සදීෂ් ජයවර්ධන, චමිඳු වික්‍රමසිංහ, ශෙවෝන් ඩැනියල්, පවන් පතිරාජ, සදීෂ රාජපක්ෂ, දුනිත් වෙල්ලාලගේ (නායක), රවීන් ද සිල්වා, විනුජ රන්පුල්, වනුජ සහන්, සසංක නිර්මාල්, දනාල් හේමානන්ද.
  • බංග්ලාදේශය – Mahfijul Islam, Iftikher Hossain, Prantik Nawrose Nabil, Aich Mollah, SM Meherob, Ariful Islam, Tahjibul Islam, Ahosan Habib, Ripon Mondol, Mushfik Hasan, Naimur Rohman

ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ තරග අවසන් කරන්නෙක් ලෙස මුල් තරග කිහිපයේ දී ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණි චමිඳු අද පිතිකරණ ලැයිස්තුවේ උසස් වීමක් ලබාගෙන සදීෂ් සමඟ ඉනිම ආරම්භ කළා. නමුත් ඔවුන් දෙදෙනාට සාර්ථක ආරම්භයක් ගොඩනංවා ගැනීමට Mushfik Hasan අවස්ථාව ලබා දුන්නේ නැහැ.

අනතුරුව චමිඳු සමඟ එක්වුණු වමතින් පිතිකරණයේ නිරත වන ශෙවෝන් දෙවැනි කඩුල්ල සඳහා පන්දු 182ක් තුල ලකුණු 154ක සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකාවට හොඳ ලකුණු මට්ටමක් දක්වා යාමට අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළා.

තරගාවලිය පුරාවට ඉතාමත් හොඳින් ලකුණු අතරට පිවිසි ශෙවෝන් තරගාවලිය තුල ලබා ගත් දෙවැනි අර්ධ ශතකය ලබා ගනිමින් පන්දු 85ක් සඳහා මුහුණ දෙමින් 4 පහර 3ක් සහ 6 පහර 2ක් සමඟ ලකුණු 59ක් ලබා ගත්තා.

Ahosanගේ පන්දුවක් හමුවේ ශෙවෝන් දැවී ගිය පසුව තරගාවලිය පුරාවට හොඳින් ලකුණු ලබා ගත් පතිරාජගේ වටිනා කඩුල්ල ද ලකුණු 16කට දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වුනා.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් තරගාවලිය තුල වාර්තා වූ එකම ශතකයේ හිමිකරු බවට පත්වුණු චමිඳු පන්දු 123ක් තුල 4 පහර 10ක් සහ 6 පහර 3ක් එල්ල කරමින් ඉතාමත් මනරම් පිතිකරණයක නිරත වුනු අතර ඔහුගේ ඉනිම ලකුණු 102කට සීමා කිරීමට Ahosan සමත් වුනා.

ඒ එන විට ශ්‍රී ලංකාව පන්දුවාර 38කුත් පන්දු 4ක් අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 191ක් ලබාගෙන ඉතාමත් හොඳ මට්ටමක සිටි අතර අවසන් පෙළ කඩුලු අතර දිගු සබඳතා නොමැති වුවත් සටන්කාමී ලකුණු පුවරුවක් වෙත ශ්‍රී ලංකා ලකුණු සටහන රැගෙන යන්නට ඔවුන්ට හැකියාව ලැබුණා.

අවසානයේ දී නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 240ක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ, මෙවර තරගාවලිය තුල කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාව ද ඔවුන් සතු කරගෙනයි.

බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථක වූ Hasan නැවත වතාවක් කඩුලු 3ක් දවා ගන්නා විට, Mondol සහ Ahosan කඩුලු දෙක බැගින් දවා ගත්තා.

බංග්ලාදේශ ආරම්භක පිතිකරු Mahfijul නැවත වතාවක් දස්කම් ප්‍රදර්ශනය කරමින් 4 පහර 5ක් සහ 6 පහරක් සමඟ ලකුණු 62ක් ලබා ගත් අතර  Aich Mollah ඔවුන්ගේ මැදපෙළ සවිමත් කරමින් ලකුණු 55ක් ලබා ගත්තා.

කෙසේ නමුත් විනුජ සහ දුනිත් ඇතුළු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දස්කම් සහ පන්දු රකින්නන්ගේ දස්කම් නිසාවෙන් බංග්ලාදේශ ඉනිමේ බොහෝමයක් ලකුණු කපා හැරුණා.

කණ්ඩායම් දෙකම එක හා සමාන දස්කම්වලින් යුක්ත නමුත්, දක්ෂ නායකත්වය, උපායශීලී ලෙස පිටිය සැකසීම සහ පීඩනය කළමනාකරණය කිරීම ඇතුළු අවශ්‍යම හැකියාවන් අතින් ශ්‍රී ලංකාව බංග්ලාදේශය වඩා  පියවර කිහිපයක් ඉදිරියෙන් සිටීමේ ප්‍රතිඵලයක් ලෙස මේ තරගයෙන් ද ලකුණු 4ක සුපිරි සහ තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වුනා.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව – 240/9 (50): Chamindu Wickramasinghe 102, ශෙවෝන් ඩැනියල් 59, Mushfik Hasan 3/37, Ripon Mondol 2/43, Ahosan Habib 2/56.

බංග්ලාදේශය – 236 (50): Mahfijul Islam  62, Aich Mollah 55, Prantik Nawrose Nabil 33, විනුජ රන්පුල් 2/21, දුනිත් වෙල්ලාලගේ 2/38.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<


Result


Sri Lanka U19
240/10 (50)

Bangladesh U19
236/10 (50)

Batsmen R B 4s 6s SR
Sadeesh Jayawardena c Ariful Islam b Musfik Hasan 2 9 0 0 22.22
Chamindu Wickramasinghe b Ahosan Leon 102 123 10 3 82.93
Shevon Daniel c SM Meherob b Ahosan Leon 59 85 3 2 69.41
Pawan Pathiraja c Tahjibul Islam b Musfik Hasan 4 4 1 0 100.00
Sadisha Rajapaksa c Prantik Nawrose Nabil b Naimur Rahman 16 18 2 0 88.89
Dunith Wellalage c Mahfijul Islam b Ripon Mondol 20 25 0 1 80.00
Raveen De Silva c SM Meherob b Ripon Mondol 13 23 0 0 56.52
Vinuja Rampo c Naimur Rohman b Ripon Mondol 1 3 0 0 33.33
Wanuja Sahan c Naimur Rahman b Musfik Hasan 1 3 0 0 33.33
Sasanka Nirmal run out () 1 5 0 0 20.00
Danal Hemananda not out 2 2 0 0 100.00


Extras 19 (b 10 , lb 1 , nb 0, w 8, pen 0)
Total 240/10 (50 Overs, RR: 4.8)
Bowling O M R W Econ
Musfik Hasan 10 1 37 3 3.70
Ripon Mondol 10 0 43 2 4.30
SM Meherob 4 0 15 0 3.75
Ahosan Leon 10 0 56 2 5.60
Aich Mollah 6 0 29 0 4.83
Naimur Rohman 8 0 36 1 4.50
Ariful Islam 2 0 13 0 6.50


Batsmen R B 4s 6s SR
Mahfijul Islam c Sadisha Rajapaksa b Sasanka Nirmal 62 85 5 1 72.94
Iftikher Hossain c Sadisha Rajapaksa b Raveen De Silva 32 50 3 0 64.00
Prantik Nawrose Nabil c Sadisha Rajapaksa b Wanuja Sahan 33 43 3 0 76.74
Aich Mollah c Sadisha Rajapaksa b Vinuja Rampo 55 63 4 0 87.30
SM Meherob c Chamindu Wickramasinghe b Shevon Daniel 11 19 0 0 57.89
Ariful Islam run out () 21 32 0 0 65.62
Tahjibul Islam c Sadeesh Jayawardena b Vinuja Rampo 6 4 1 0 150.00
Ahosan Leon not out 2 2 0 0 100.00
Ripon Mondol b Dulith Wellalage 0 1 0 0 0.00
Musfik Hasan c Vinuja Rampo b Dulith Wellalage 2 2 0 0 100.00
Naimur Rahman run out () 0 1 0 0 0.00


Extras 12 (b 0 , lb 0 , nb 2, w 10, pen 0)
Total 236/10 (50 Overs, RR: 4.72)
Bowling O M R W Econ
Vinuja Rampo 5 1 21 2 4.20
Danal Hemananda 5 0 36 0 7.20
Sasanka Nirmal 7 0 33 1 4.71
Wanuja Sahan 10 0 40 1 4.00
Shevon Daniel 8 0 38 1 4.75
Dulith Wellalage 10 0 38 2 3.80
Raveen De Silva 5 0 30 1 6.00