Ganguly ඉල්ලා අස්වන කටකතාව ඇත්ත ද?

125
moneycontrol
 

සිය ධුරයෙන් තමන් ඉවත් වේ යැයි මිනිසුන් සිතීම ගැන තමන් පුදුමයට පත් වන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධානි Sourav Ganguly පවසා සිටිනවා. ඔහු ඊයේ (1) Twitter ඔස්සේ තැබූ පණිවිඩයක් නිසා ඔහු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉවත් වේ යැයි දැඩි කතා බහක් ඇති වුනා.

“1992 වසරේ මගේ ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමෙන් අනතුරුව 2022 වසරට මම ක්‍රීඩාවේ වසර 30ක් සම්පුර්ණ කරනවා. එතැන් පටන් ක්‍රිකට් ක්‍රීඩාව මට ගොඩක් දේවල් ලබා දුන්නා. විශේෂයෙන්ම ක්‍රීඩාව නිසා මට ඔබේ සහය ලැබුණා. මට අවශ්‍යයි මාව මේ තැනට ගේන්න මගේ ගමනට සහය දුන් සියලු දෙනාටම ස්තූති කරන්න”, ඔහු Twitter ඔස්සේ පණිවිඩයක් තබා තිබුණා.

අද මම අලුත් දෙයක් ආරම්භ කරන්න සැලසුම් කරනවා. මම හිතනවා ගොඩක් දෙනෙක්ට ඒකෙන් උදව් ලැබෙයි කියලා. මම විශ්වාස කරනවා මේ අලුත් සංධිස්ථානයේ දීත් ඔබේ සහය මට ලැබේවි කියලා”, එම පණිවිඩයේ තවදුරටත් සඳහන් වී තිබුණා.

Ganguly පසුව පවසා සිටියේ එම පණිවිඩය ඔහුගේ නව ව්‍යාපාරයක් පිළිබඳව බවයි. “මම නව අධ්‍යාපනික යෙදවුමක් (app) ආරම්භ කළා. ඒක සරල tweet පණිවිඩයක්. මට පුදුම හිතුණා. එහි ඉවත් වීමක් ගැන සඳහන් වන්නේ නැහැ.”

Ganguly එම පැහැදිලි කිරීම කරන්නට පෙර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් මාධ්‍ය අමතමින් සඳහන් කර සිටියේ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති සිය ධුරයෙන් ඉල්ලා අස් නොවන බවයි.

“Sourav Ganguly ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉවත්ව යන බවට තිබෙන කටකතාව අසත්‍යයක්”, Jay Shah පවසා තිබුණා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<