Home Sinhala වන්නිනායක සහ සෝමරත්නගෙන් ශතක සබඳතා

වන්නිනායක සහ සෝමරත්නගෙන් ශතක සබඳතා

ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ එංගලන්ත සංචාරය 2022

765
Sri Lanka U19 tour of England 2022

ශ්‍රී ලංකා සහ එංගලන්ත 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර Chelmsford හිදී පැවැත්වෙන පළමු යොවුන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය තුල ශතකයක් ලබාගෙන දිනයේ වැඩි ගෞරවය ශ්‍රී ලංකාවට ලබා දීමට අසිත වන්නිනායක ඊයේ (22) සමත් වුනා.

දිනය ආරම්භ කරන විට පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 25ක් ලබාගෙන සිටි අතර දිනය නිමා වන විට ශ්‍රී ලංකාව පළමු ඉනිමට කඩුලු 4ක් දැවී ලකුණු 301ක් ලබාගෙන සිටින්නේ එංගලන්ත පළමු ඉනිමට වඩා තවත් ලකුණු 86ක් පසුපසින් සිටිමින්.

>> 2022 ThePapare Most Popular Schoolboy Cricketer මනාප පළ කිරීම සඳහා <<

දිනයේ ආරම්භයම ස්ථාවර කරමින් උපනායක ශෙවෝන් ඩැනියල් සහ වන්නිනායක එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් අර්ධ  ශතක සබඳතාවයක් ගොඩනැංවූ අතර එම සබඳතාවයට නැවතීමේ තිත තබමින් ලකුණු 22ක් ලබාගෙන සිටි ඩැනියල් කඩුල්ල මුවා කිරීමට හසුව දැවී ගියා.

ආරම්භක පිතිකරු වන්නිනායක සමඟින් එක්වුණු අංක 4 පිතිකරු පවන් පතිරාජ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 83ක සබඳතාවයක් ගොඩනැංවූවා. 4 පහර 5ක් සමඟ පන්දු 95ක් තුල ලකුණු 32ක් ලබා ගත් පතිරාජ Bertie Foremanගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව දැවී ගියා.

ලකුණු 133/3ක් ලෙස ශ්‍රී ලංකා ලකුණු සටහන දැක්වෙද්දී ශ්‍රී ලංකා මැදපෙළ තවදුරටත් ස්ථාවර කරමින් රනුද සෝමරත්න සහ වන්නිනායක එංගලන්ත පන්දු යවන්නන්ට විශාල හිසරදයක් බවට පත්වුණු අතර ඔවුන් දෙදෙනා එක්ව 4 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 137ක අගනා සබඳතාවයක් ගොඩනැංවූවා.

පන්දු 246ක් තුල වාර්තා වුනු එම ශතක සබඳතාවය දිනයේ වැඩි ගෞරවය සහ තරගයේ වැඩි ගෞරවය දිනා ගන්නට ශ්‍රී ලංකාවට විශාල සවියක් වුනා.

මනරම් 4 පහර 8ක් එල්ල කරමින් පන්දු 114ක් තුල ලකුණු 65ක් ලබා ගත් සෝමරත්න, ශ්‍රී ලංකා මුල් ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගිය අතර 16 හැවිරිදි Eddie Jack සෝමරත්නගේ කඩුල්ල දවා ගත්තා.

තරගයේ දෙවැනි දිනය අවසන් වන විට දෙවැනි දිනය පුරාවටම කඩුල්ලේ නොදැවී සිටිමින් ක්‍රීඩා කරන වන්නිනායක පන්දු 307ක් තුල ලකුණු 132*ක් ලබාගෙන තිබෙනවා. ඔහුගේ මේ ඉනිමට 4 පහර 19ක් ඇතුළත් අතර ඔහු පසුගිය දා පැවති තෙදින පුහුණු තරගයේ දී ද ශතකයක් ලබාගෙන දස්කම් දැක්වූවා.

නායක රවීන් ද සිල්වා නොදැවී ලකුණු 19*යි. ආරම්භක වේගපන්දු යවන ක්‍රීඩක Benjamin Cliff ලකුණු 57කට කඩුලු 2යි.

Result


England U19
387/10 (78.3) & 292/10 (75.5)

Sri Lanka U19
407/10 (141.1) & 276/7 (57.1)

Batsmen R B 4s 6s SR
Harry Singh c Lahiru Dewatage b Duvindu Ranatunga 27 46 2 0 58.70
Ben McKinney c Vinuja Ranpul b Dulaj Samuditha 33 34 6 0 97.06
Ross Whitfield c Wanuja Sahan b Vinuja Ranpul 86 106 8 1 81.13
George Bell c Dulaj Samuditha b Vinuja Ranpul 107 96 16 0 111.46
Matthew Hurst c Duvindu Ranatunga b Vinuja Ranpul 8 18 1 0 44.44
Alex Horton c & b Wanuja Sahan 0 5 0 0 0.00
Dominic Kelly st Lahiru Dewatage b Raveen de Silva 14 42 1 0 33.33
George Thomas c Vinuja Ranpul b Dulaj Samuditha 19 24 2 0 79.17
Bertie Foreman not out 58 56 4 2 103.57
Eddie Jack c Lahiru Dewatage b Shevon Daniel 8 23 1 0 34.78
Benjamin Cliff c Pawan Pathiraja b Wanuja Sahan 18 21 3 0 85.71


Extras 9 (b 4 , lb 4 , nb 0, w 1, pen 0)
Total 387/10 (78.3 Overs, RR: 4.93)
Bowling O M R W Econ
Dulaj Samuditha 17 1 105 2 6.18
Vinuja Ranpul 10 0 62 0 6.20
Wanuja Sahan 18.3 5 56 2 3.06
Duvindu Ranatunga 17 1 100 4 5.88
Raveen De Silva 9 1 31 1 3.44
Sadisha Rajapaksa 1 0 6 0 6.00
Shevon Daniel 6 0 19 1 3.17
Batsmen R B 4s 6s SR
Sadisha Rajapaksa c Alex Horton b Benjamin Cliff 11 24 2 0 45.83
Asitha Wanninayake b Thomas Aspinwall 132 315 19 0 41.90
Shevon Daniel lbw b Benjamin Cliff 22 33 3 0 66.67
Pawan Pathiraja lbw b Bertie Foreman 32 95 5 0 33.68
Ranuda Somarathne c Bertie Foreman b Eddie Jack 65 114 6 0 57.02
Raveen de Silva b Eddie Jack 62 135 7 0 45.93
Lahiru Dewatage lbw b Thomas Aspinwall 0 1 0 0 0.00
Vinuja Ranpul c Thomas Aspinwall b Bertie Foreman 42 85 4 2 49.41
Wanuja Sahan b Bertie Foreman 13 29 2 0 44.83
Duvindu Ranatunga lbw b Bertie Foreman 1 13 0 0 7.69
Dulaj Samuditha not out 0 4 0 0 0.00


Extras 27 (b 11 , lb 9 , nb 1, w 6, pen 0)
Total 407/10 (141.1 Overs, RR: 2.88)
Bowling O M R W Econ
Benjamin Cliff 28 5 68 2 2.43
Thomas Aspinwall 31 8 98 2 3.16
Dominic Kelly 23 6 65 0 2.83
Eddie Jack 23 6 62 2 2.70
Bertie Foreman 36.1 11 94 4 2.60
Batsmen R B 4s 6s SR
Harry Singh lbw b Wanuja Sahan 2 8 0 0 25.00
Ben McKinney c Lahiru Dewatage b Wanuja Sahan 56 99 3 0 56.57
Ross Whitfield b Vinuja Ranpul 110 134 12 1 82.09
George Bell c Duvindu Ranatunga b Wanuja Sahan 29 27 3 1 107.41
Matthew Hurst b Duvindu Ranatunga 39 105 0 1 37.14
Alex Horton c Wanuja Sahan b Raveen De Silva 14 18 2 0 77.78
Dominic Kelly b Wanuja Sahan 3 11 0 0 27.27
Thomas Aspinwall c Shevon Daniel b Raveen De Silva 13 22 2 0 59.09
Bertie Foreman c Vinuja Ranpul b Duvindu Ranatunga 12 14 2 0 85.71
Eddie Jack c Vinuja Ranpul b Duvindu Ranatunga 7 16 1 0 43.75
Benjamin Cliff not out 1 1 0 0 100.00


Extras 6 (b 0 , lb 5 , nb 0, w 1, pen 0)
Total 292/10 (75.5 Overs, RR: 3.85)
Bowling O M R W Econ
Dulaj Samuditha 3 0 16 0 5.33
Wanuja Sahan 27 2 89 4 3.30
Sadisha Rajapaksa 6 1 15 0 2.50
Vinuja Ranpul 11 1 45 1 4.09
Duvindu Ranatunga 7.5 0 34 3 4.53
Asitha Wanninayake 4 0 13 0 3.25
Raveen De Silva 16 0 70 2 4.38
Shevon Daniel 1 0 5 0 5.00


Batsmen R B 4s 6s SR
Sadisha Rajapaksa b Thomas Aspinwall 4 9 1 0 44.44
Asitha Wanninayake c Ben McKinney b Dominic Kelly 22 51 3 0 43.14
Shevon Daniel b Thomas Aspinwall 6 13 1 0 46.15
Pawan Pathiraja lbw b Thomas Aspinwall 4 14 0 0 28.57
Ranuda Somarathne not out 120 115 12 1 104.35
Raveen De Silva lbw b Ben McKinney 22 38 3 0 57.89
Lahiru Dewatage lbw b Dominic Kelly 49 49 8 0 100.00
Vinuja Ranpul c Harry Singh b Thomas Aspinwall 18 31 1 0 58.06
Wanuja Sahan not out 23 23 1 0 100.00


Extras 8 (b 0 , lb 6 , nb 0, w 2, pen 0)
Total 276/7 (57.1 Overs, RR: 4.83)
Bowling O M R W Econ
Benjamin Cliff 10.1 0 43 0 4.26
Thomas Aspinwall 16 3 67 4 4.19
Dominic Kelly 11 1 52 2 4.73
Eddie Jack 4 0 13 0 3.25
Bertie Foreman 13 0 74 0 5.69
Ben McKinney 3 0 21 1 7.00



තරගයේ තෙවැනි දිනය අද (23) ක්‍රියාත්මක වීමට නියමිතයි. තරගාවලියේ සියලුම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<