චීනයට ගිය ශ්‍රී ලංකා පිහිනුම් කණ්ඩායමට අවාසනාවන්ත ආරම්භයක්

204

චීනයේ Hangzhou හිදී ආරම්භ වූ 14 වැනි FINA ලෝක පිහිනුම් ශූරතාවලියේ පළමු වටයේ තේරීම් තරගවලට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනාගෙන් තරගකරුවන් තිදෙනෙක්ම අවාසනාවන්ත ලෙස මූලික වටයෙන් ඉවතට වූයේ ඔවුන්ට සැලකිය යුතු දස්කම් පෙන්වීමට නොහැකි වූ නිසයි.    

ලෝක පිහිනුම් ශූරතාවලියට ශ්‍රී ලංකාවෙන් 4ක්

මෙම වසරේ පැවැත්වෙන අවසාන ජාත්‍යන්තර මට්ටමේ පිහිනුම් තරගාවලිය….

කණ්ඩායමට ක්‍රීඩකයින් දෙදෙනෙක් හා ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ඇතුළත් වී තිබුණි. චෙරන්ත ද සිල්වා, තිමාලි බණ්ඩාර සහ සවින්දී ජයවීර පළමු දිනයේ දී තටාකයට පිවිසුණු නමුත් ඔවුන් කිසිවෙකුටත් දෙවන වටය දක්වා යෑමට වාසනාව හිමි වූයේ නැත.

චෙරන්ත මෙවර ශ්‍රී ලංකාව වෙනුවෙන් FINA ලෝක ශූරතාවලිය ආරම්භ කළේ මීටර 100 සමනළ ආර ඉසව්වෙනි. ඔහු  තත්පර 54.21කින් ඉසව්ව නිමා කළ අතර අවසන් ස්ථානයට පත් වීම නිසා ඔහුට අවසන් පූර්ව වටයට පිවිසීමට තිබූ අවස්ථාව අහිමි විය. ඔහු සිය දෙවන ඉසව්ව සඳහා දෙසැම්බර් 14 වැනිදා මීටර 50 සමනළ ආර ඉසව්වෙන් තටාකයට පිවිසීමට නියමිතයි.

මහමායා ආධිපත්‍ය බිඳ වැටේ; විශාඛා, Killer Whaleට ජාතික ශූරතා

මහනුවර මහමායා බාලිකා විද්‍යාලය පරාජය කරමින් කොළඹ විශාකා….

සවින්දී ජයවීර මීටර 100 නිදහස් ආර ඉසව්වට සහභාගී වූ අතර ඇය එහි දී සිය හොඳම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කිරීම විශේෂත්වයකි. ඇය 1:00.07කින් ඉසව්ව නිමා කළේ ප්‍රසාද ලකුණු 585ක් තමන් සතු කර ගනිමිනි. කෙසේ වෙතත් තරගකරුවන් 90ක් සහභාගී වුණු එම ඉසව්වෙන් ඉදිරියට යෑමට අවාසනාවන්ත ලෙස ඇයට වරම් අහිමි විය. ජයවීර සිය දෙවන ඉසව්ව වන මීටර 50 නිදහස් ආර ඉසව්ව සඳහා එළඹෙන දෙසැම්බර් 15 දා සහභාගී වීම නියමිතයි.

සිය ඉසව්ව 02:14.83කින් නිමා කර සිය තේරීම් තරගයෙන් සිව්වැනි ස්ථානය දිනා ගැනීමට තිමාලි බණ්ඩාර සමත් විය. ඇය මීටර 100ක දුර 01:05.24කින් අවසන් කළ නමුත් ඇයටත් දෙවන වටයට යෑමට අවස්ථාව හිමි වූයේ නැත.

තරගාවලියේ තවත් තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<