දුලිත් – දිල්මිනගේ වික්‍රමයෙන් සාන්ත තෝමස් විද්‍යාලය අවසන් හතරට

253

සාන්ත තෝමස් විද්‍යාලය හා ගුරුකුල විද්‍යාලය අතර අද (25) පැවැත්වූ වයස අවුරුදු 19න් පහළ පළමුපෙළ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරගය ලකුණු 98කින් ජයග්‍රහණය කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය එහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නා ලදි.

දුලාජ්ගේ අර්ධ ශතකය සමඟින් එක්දින තරගයේ ජය ධර්මරාජයට

මහනුවර ධර්මරාජ විද්‍යාලය හා මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය අතර පැවැත්වූ 112 වන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය අද (25) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමාව…

බම්බලපිටිය සාන්ත පීතර පිටියේ ක්‍රියාත්මක වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ සාන්ත තෝමස් විද්‍යාල නායකයා වන ඩෙලන් පීරිස් ගුරුකුල විද්‍යාලයට එදිරිව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය වෙනුවෙන් වමතින් පිතිකරණයේ නිරත වන දුලිත් ගුණරත්නගේ දැකුම්කළු ලකුණු 94 හා මැදපෙළ පිතිකරුවෙක් වන කිශාන් මුණසිංහගේ ලකුණු 44 නිසාවෙන් සාන්ත තෝමස් විද්‍යාලය පන්දුවාර 48යි එක් පන්දුවක් තුළ සියල්ලන්ම දැවී ලකුණු 244ක් වැනි හොඳ ලකුණු මට්ටමකට පිවිසියේය. පන්දු යැවීමේ දී පෘථිවි රූසර ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් කඩුලු 4ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

ගුරුකුල විද්‍යාලයට මෙහි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට නම් මෙම තරගයේ දී ප්‍රබල සාන්ත තෝමස් විද්‍යාල පන්දු යවන්නන් හමුවේ ලකුණු 245ක් රැස්කර ගැනීමට අවශ්‍යව තිබුණි.

රුහුණු නිල් මහා සටනේ දෙපිලේම ක්‍රීඩකයෝ අවසන් නිමේෂයේ දී බේරෙති

118 වැනි රුහුණු නිල් මහා සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ අවසානයක් දැක දැක තිබිය දී ජය පරාජයෙන් තොරව තරගය අවසන් වූයේ ජයග්‍රහණය දෙපිළේම ක්‍රීඩකයන් වෙත…

නමුත් ගුරුකුල විද්‍යාලයට එම ලකුණ වෙතට ළඟා වීමට නොහැකි විය. කෙසේ වෙතත් ගුරුකුල විද්‍යාලය වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූ රූසර පිත්තෙන් ද ලකුණු 28ක් ලබාගෙන ඔවුන්ගේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය. අවසානයේ ගුරුකුල විද්‍යාලය පන්දුවාර 37යි එක් පන්දුවක් තුළ සියල්ලන්ම දැවී රැස්කර ගත්තේ ලකුණු 146ක් පමණි.

පන්දු යැවීමේ දී දක්ෂ ලෙස පන්දු යවමින් සාන්ත තෝමස් විද්‍යාල ජය තවදුරටත් තහවුරු කළ දිල්මින් රත්නායක ලකුණු 39ක් තුළ ගුරුකුල විද්‍යාලය කඩුලු 5ක් දවා ගනිමින් දස්කම් දක්වන ලදි.

සාන්ත තෝමස් විද්‍යාලය – 244 (48.1): දුලිත් ගුණරත්න 94, කිශාන් මුණසිංහ 44, ශලින් ද මෙල් 32, පෘථිවි රූසර 4/30, ලික්ශාන් සසංග 2/26.

ගුරුකුල විද්‍යාලය – 146 (37.1): පෘථිවි රූසර 28, කෙමිර නයනතරු 25, ලික්ශාන් සසංග 22, දිල්මින් රත්නායක 5/39, ශැනොන් ප්‍රනාන්දු 2/14, ඩෙලොන් පීරිස් 2/23.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<