19න් පහළ ක්‍රිකට් නේවාසික පුහුණුව ඇරඹෙයි

855

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ නේවාසික පුහුණු කඳවුර ඊයේ (15) මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුනා

දින 3ක නිරෝධායන කාලයක් අවසන් කරමින් මේ පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් 75 දෙනා 19න් පහළ නේවාසික පුහුණු කඳවුරේ ජෛව ආරක්ෂිත බුබුලක් සඳහා ඇතුළත් කළ අතර දින 21ක කාලයක් පැවැත්වෙන මේ නේවාසික පුහුණු කඳවුර අගෝස්තු 1 වැනිදා දක්වා පැවැත්වෙනවා.

මෙහි මූලික අරමුණ බවට පත්ව තිබෙන්නේ 2022 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් හිදී පැවැත්වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී (UAE) පැවැත්වීමට නියමිත යොවුන් ආසියානු කුසලානය ඇතුළු ඉදිරියේ දී පැවැත්වෙන යොවුන් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩකයින් 30 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික යොවුන් සංචිතයක් තෝරාගැනීමයි.

තවත් ක්‍රිකට් පුවත්: 

එසේම මෙහි දී ඒ ඒ ක්‍රීඩකයින් දක්වන දස්කම් අනුව මේ වසර අවසානයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය (LPL) නියෝජනය කිරීමේ අවස්ථාව ද මේ යොවුන් ක්‍රීඩකයින්ට හිමිවනු ඇත.

මේ සඳහා සහභාගී වන යොවුන් පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් 75 දෙනා බස්නාහිර උතුර, බස්නාහිර දකුණ, දඹුල්ල, දකුණ සහ මහනුවර යන ලෙස කණ්ඩායම් 5කට, එක් සංචිතයකට ක්‍රීඩකයින් 15 දෙනෙකු වන බැගින් වර්ගීකරණය කොට තිබෙනවා. මේ නේවාසික පුහුණු කඳවුර සඳහා විස්සයි විස්ස තරග 4ක් සහ එක්දින තරග 10ක් ඇතුළත් වෙනවා. තරග සියල්ලම පැවැත්වෙන්නේ මහනුවර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සහ අස්ගිරිය ක්‍රීඩාංගණයේ දීයි.

එසේම මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වන ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන IPL ක්‍රිකට් තරගාවලිය අවසන් වූ වහාම දිවයිනට පැමිණ, ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකා වයස අවුරුදු  19න් පහළ සංචිතයේ උපදේශක පුහුණුකරුවෙකු ලෙස වැඩ කිරීමට නියමිතව තිබෙනවා.

බස්නාහිර උතුර – සාහිල් ඩයස් (වෙස්ලි විද්‍යාලය), බවන්ත ජයසිංහ (තර්ස්ටන් විද්‍යාලය), සදීෂ ජයවර්ධන (සාන්ත ජෝසප් විද්‍යාලය), සිතිජ හේවාවිතාරණ (ගුරුකුල විද්‍යාලය), ශෙවෝන් ඩැනියල් (සාන්ත ජෝසප් විද්‍යාලය), විනුජ රන්පුල් (නාලන්දා විද්‍යාලය), මිනෙත් ප්‍රේමරත්න (ආනන්ද විද්‍යාලය), දුනිත් වෙල්ලාලගේ (සාන්ත ජෝසප් විද්‍යාලය), රවීන් ද සිල්වා (නාලන්දා විද්‍යාලය), ඉරෝෂ සිල්වා (කඳාන ද මැසනොඩ් විද්‍යාලය), නිපුන් ප්‍රේමරත්න (තර්ස්ටන් විද්‍යාලය), සවිඳු පෙරේරා (මීගමුව මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය), ලිසුර සිගේරා (නාලන්දා විද්‍යාලය), සෙනාෂ් ප්‍රනාන්දු (කඳාන ද මැසනොඩ් විද්‍යාලය), හංසජ ජයසිංහ (ආනන්ද විද්‍යාලය)

බස්නාහිර දකුණ – අභිෂේක් ලියනාරච්චි (ඩී. එස්. සේනානායක විද්‍යාලය), සකුණ ලියනගේ (ලුම්බිණි විද්‍යාලය), රයන් ප්‍රනාන්දු (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), තරිඳු අමරසිංහ (වේල්ස් කුමර විද්‍යාලය), ඔමේෂ් මෙන්ඩිස් (වේල්ස් කුමර විද්‍යාලය), ලහිරු දවටගේ (සාන්ත පීතර විද්‍යාලය), එරංග ජයකොඩි (නාලන්දා විද්‍යාලය), ඉඳුවර ද අල්විස් (මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලය), ගිශාන් බාලසූරිය (රාජකීය විද්‍යාලය), යසිරු රොද්‍රිගෝ (ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය), දනාල් හේමානන්ද (සාන්ත පීතර විද්‍යාලය), සදීෂ රාජපක්ෂ (රාජකීය විද්‍යාලය), වනුජ සහන් (සාන්ත පීතර විද්‍යාලය), විහඟ දීමන්ත (ලුම්බිණි විද්‍යාලය), චාරුක පීරිස් (පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලය)

ගාල්ල – පවන් සංදේශ් (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), හරිඳු ජයසේකර (මාතර සාන්ත තෝමස් විද්‍යාලය), බනුක මනෝහර (රිච්මන්ඩ් විද්‍යාලය), විශාර රශ්මික (රිච්මන්ඩ් විද්‍යාලය), ජීවක ශෂීන් (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), කවිඳු නිර්මාණ (රිච්මන්ඩ් විද්‍යාලය), නිපුන රුචිර (මාතර සාන්ත තෝමස් විද්‍යාලය), සසංක නිර්මාල් (රත්ගම දේවපතිරාජ විද්‍යාලය), කුෂාන් මධූශ (ගාල්ල මහින්ද විද්‍යාලය), මිහිරංග ද සිල්වා (සාන්ත ඇලෝසියස් විද්‍යාලය),  දුලාජ් සමුදිත (වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය), හංසමාන ද සිල්වා (රිච්මන්ඩ් විද්‍යාලය), මල්ෂ තරුපති (මාදම්පේ මධ්‍ය මහා විද්‍යාලය), ධනුජ ජයවීර (ගාල්ල මහින්ද විද්‍යාලය), ඉරුෂික තිමිර (රත්ගම දේවපතිරාජ විද්‍යාලය)

මහනුවර – රනුද සෝමරත්න (ත්‍රිත්ව විද්‍යාලය), චන්දිමාල් හේරත් (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), යසිරු ගමාරච්චි (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), පවන් පතිරාජ (ත්‍රිත්ව විද්‍යාලය), විභවිත් ඇහැලේපොල (ත්‍රිත්ව විද්‍යාලය), අක්රම් මුතාලිබ් (ත්‍රිත්ව විද්‍යාලය), අංජල බණ්ඩාර (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), අසිත වන්නිනායක (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), මලීෂ සිල්වා (මහනුවර සාන්ත සිල්වෙස්ටර් විද්‍යාලය), මතීෂ පතිරණ (ත්‍රිත්ව විද්‍යාලය), දිව්යේෂ් රාමයියා (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), චමිඳු වික්‍රමසිංහ (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), ට්‍රෙවින් මැතිව්ස් (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), ලහිරු අබේසිංහ (මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය), මලීෂ සේනානායක (කෑගල්ල සාන්ත මරියා විද්‍යාලය)

දඹුල්ල – ප්‍රබුද්ධ ප්‍රේමලාල් (ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලය), මතීෂ වීරසිංහ (කුරුණෑගල මලියදේව විද්‍යාලය), එස්. සරනගන් (යාපනය මධ්‍ය මහා විද්‍යාලය), නෙත්මල් ද සොයිසා (වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), රිශී අධිෂ්ඨාන් (කුරුණෑගල මලියදේව විද්‍යාලය), හරිත කවීශ්වර (පොලොන්නරුව රාජකීය විද්‍යාලය), දිල්හාර දේශබන්ධු (කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය), සකිඳු විජේරත්න (කුරුණෑගල මලියදේව විද්‍යාලය), මනාන් මුසම්මිල් (කුරුණෑගල සාන්ත ආනා විද්‍යාලය), මලීෂ තිලකරත්න (කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය), ඒ. දේශ්වින් (යාපනය සාන්ත පැට්‍රික්ස් විද්‍යාලය), හසින්ත කෞශාන් (වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය), විශ්ව රාජපක්ෂ (මොරටු මහා විද්‍යාලය), පසිඳු තෙන්නකෝන් (කුරුණෑගල මලියදේව විද්‍යාලය), ධනුක නිර්මාල් (වෙන්නපුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය)

තවත් දෙස් විදෙස් ක්‍රීඩා පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<