රුමේශ් තරංග ජාත්‍යන්තර තරග වාර්තාවක් බිඳ හෙළමින් සුවිශේෂී දක්ෂතා දක්වයි

Kip Keino Classic 2026

4
Rumesh Tharanga

කෙන්යාවේ නයිරෝබි හිදි පැවැත්වෙන Kip Keino Classic 2026 මලල ක්‍රීඩා උළෙලේ දී පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වෙන් අති විශිෂ්ට දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාවේ රුමේශ් තරංග සමත් වුනා.

මෙහි දී පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්වට සහභාගී වූ රුමේෂ් විසින් සිය පළමු උත්සාහයේ දී මීටර් 81.15ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වූ අතර, ඉන් පසුව ඔහු ලබාගත් දෙවැනි අවස්ථාවේ දී මීටර් 89.28ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වුනා.

මෙය ඔහු මීටර් 89 සීමාව තරණය කළ දෙවැනි අවස්ථාව වන අතර, එම දක්ෂතා ද්විත්වයම මසකට අඩු කාලයක් තුළ සම්පූර්ණ කිරීමට ඔහුට හැකි වීම සුවිශේෂී සිදුවීමක් ලෙස සැලකිය හැකි.

මේ අතරම ඔහු විසින් මෙම ඉසව්වේ දී 2016 ඔලිම්පික් රන් පදක්කම් ලාභී Thomas Rohler දෙවැනි තැනට ඇද දැමීමට ද සමත් වූ අතර, මෙම මීටර් 89.28ක දක්ෂතාව නව තරග වාර්තාවක් ලෙස ද සටහන් වුනා.

එම දක්ෂතාවෙන් පසුව ලැබුණු අවස්ථාවල දී රුමේෂ් විසින් පිළිවලින් මීටර් 83.12, 84.42ක් සහ 84.87ක දක්ෂතා දැක්වීමට සමත් වුනා.

මෙම ඉසව්වට කෙන්යාවේ Julius Yego ද සහභාගී වූ අතර, ඔහුට සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට සිදුවීමත් සුවිශේෂී සිදුවීමක්.

දෙස්, විදෙස් මලල ක්‍රීඩාවේ සියළු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>>තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<