“නායකයෙකුගේ දැක්ම පසුපස බැලීම නොව ඉදිරිය බැලීමයි” – තිසර

1135
As leader im always think about forward thisara perera article

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී ඊයේ (30) පස්වරුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී, එළඹෙන ඉන්දීය සංචාරයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දක්වන ලදි.

මෙහි දී මූලිකවම සිදු වූයේ ඉන්දීය සංචාරයේ එක්දින හා විස්සයි විස්ස තරගාවලිය සඳහා  ශ්‍රී ලංකා කණ්ඩායමට නායකයෙක් පත්කිරීම වන අතර, ඒ අනුව තිසර පෙරේරා නායකයා ලෙස පත්විය.

තරංගගේ ඔටුන්න වෙනත් අයෙක්ට

දෙසැම්බර් මස 10 වනදා ආරම්භ වන ඉන්දු ශ්‍රී ලංකා එක්දින හා විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකා..

“ලොකු සතුටක් දැනෙනවා. පොඩි කාලේ ඉදන් ක්‍රිකට් තමයි ආසාවෙන් කළේ, මම දැන් වසර 9ක් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරලා තියෙනවා. ජාතික කණ්ඩායමට පැමිණි පසුව මගේ හිතේ ඊළඟට තිබුණේ ජාතික කණ්ඩායමේ නායකයා වෙන එකයි.”

“මේ තනතුර මට බාරදුන්නේ මා ගැන ලොකු විශ්වාසයක් තියලා. මට ලොකු වගකීමක් තියෙනවා. මගේ රටට සියයට දෙසීයකන් වගකීම ඉටු කරන්න තමයි මගේ බලාපොරොත්තුව.” 

එහි දී නායක තිසර පෙරේරා මාධ්‍යයට අදහස් දක්වමින් පවසා සිටියේය.

“ඕනෑම කණ්ඩායමක් පසුබෑම්වලට ලක්වෙන්න පුළුවන්, පසුබෑම කියන එක ගැන කිසිවෙක්ට වගකීමෙන් කියන්න බෑ. ඔයා අද හොඳට කරනවා හෙට හොඳට කරනවා කියලා කාටවත් කියන්න බෑ. පසුගිය කාලේ වෙච්ච දේවල් අමතක කරලා වැටිලා ඉන්න වළෙන් ගොඩට එන්න තමයි අපි උත්සාහ කරන්නේ.”

නායකත්වය ලැබීමට පෙර තමන්ට කණ්ඩායම තුල ස්ථාවර වීමට හැකි වූ බවත් තිසර එම හමුවේ දී ප්‍රකාශ කළේය.

“නායකයා කණ්ඩායමේ නිත්‍ය ක්‍රීඩකයෙක් වෙනවා. ඒක තමයි නායකයාට ලැබෙන හොඳම අවස්ථාව. මම පසුගිය කාලේ යම් පසුබෑමකට ලක්වුණා. නමුත් නැවතත් ඉහළට ආවා. ඒ අතරතුර මම කණ්ඩායමට එනවා යනවා. දැන් නායකයා හැටියට මම නිත්‍ය ක්‍රීඩකයෙක්. ඒ නිසා මට ඉදිරියේ දී ලොකු දෙයක කරන්න පුළුවන් වෙයි.”

“මම නායකයෙක්, නායකයෙක්ගේ දැක්ම වෙන්න ඕන පසුපස බැලීම නොව ඉදිරිය බැලීමයි. පසුගිය දේවල් අමතක කරලා කණ්ඩායමක් විදිහට ඉදිරියට යන්න තමයි බලාපොරොත්තුව.”

ඉන්දීය පිලට එරෙහිව ඉදිරියේ පැවැත්වෙන එක්දින තරගාවලිය පිළිබඳව හා චන්දික හතුරුසිංහ මහතා ප්‍රධාන පුහුණුකරු ධූරයට පත්කිරීම සම්බන්ධව තිසර මෙසේ සිය අදහස් දක්වන ලදි.

“ඉන්දීය කණ්ඩායම කියන්නේ ඕනෑම කණ්ඩායමකට අභියෝගයක්. ඔවුන් තමයි දැනට ලෝකේ ඉන්න හොඳම කණ්ඩායම. අපි අපේ උපරිමයෙන් ක්‍රීඩා කළොත් ඉන්දීය කණ්ඩායම පරාජය කරන්න පුළුවන්. මගේ පළමු ඉලක්කය එක තරගයක් හෝ ජයග්‍රහණය කිරීමයි.”

“හතුරුසිංහ මහතා වගේ ක්‍රිකට් දැනුමෙන් පිරුණු පුද්ගලයෙක් පුහුණුකරු වෙනවා නම් මටත් එය ලොකු සතුටක්.”

එහි දී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, උපුල් තරංග නායකයා ලෙස ක්‍රීඩා කරනවාට වඩා වැඩි දස්කම් ඔහු සාමාන්‍ය ක්‍රීඩකයෙක් ලෙස ක්‍රීඩා කරන විට ඔහුගෙන්  ලබා ගැනීමට හැකි බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින තරගය ලබන 10 වනදා ඉන්දියාවේ ධර්මසාලා හිදී පැවැත්වෙන අතර, ඒ සඳහා තරග වදිනු ලබන ශ්‍රී ලංකා සංචිතය අද (30) නිල වශයෙන් නිකුත් වීමට ඉඩකඩක් ඇත. එම සංචිතය සඳහා අසේල ගුණරත්න, කුසල් ජනිත් හා ධනුෂ්ක ගුණතිලක කැඳවීමට වැඩි ඉඩකඩක් ඇත.

  >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<