16න් පහළ පාපන්දු කණ්ඩායමට සුදුස්සන් සොයයි

222

ශ්‍රී ලංකා 16න් පහළ බාලක පාපන්දු සංචිතය සඳහා ක්‍රීඩකයින් තෝරාගැනීමේ තරග අද (25) සහ හෙට (26) කොළඹ සිටි පාපන්දු සංකීර්ණයේ දී සිදුවන්නේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සංවිධානත්වයෙනි. 

“අඩුපාඩු සියල්ල හදාගන්නවා” – නිසාම් අලී

2023 FIFA ලෝක කුසලානය සඳහා ආසියානු ……….

එළඹෙන සැප්තැම්බර් මස 14 වැනිදා ජොර්දානයේ දී පැවැත්වීමට නියමිත 2020 AFC වයස අවුරුදු 16න් පහළ ශූරයින්ගේ සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලිය ඉලක්ක කර ගනිමින් මෙම තේරීම් කටයුතු සිදු කරනු ලබයි. 

තේරීම් කටයුතු කොටස් දෙකකින් සිදුකිරීමට නියමිත අතර 2004 සහ 2005 වසරේ දී උපත ලද ක්‍රීඩකයින් තේරීම් තරග සඳහා සුදුස්සන් වේ. තේරීම් කටයුතු උදෑසන 7ට ආරම්භ වීමට නියමිතයි.

  • ජුනි 25 – කොළඹ දිස්ත්‍රික්කයේ ක්‍රීඩකයින්
  • ජුනි 26 – පිටපළාත්වල ක්‍රීඩකයින්

ශ්‍රී ලංකාව A කාණ්ඩයෙන් තරගාවලිය සඳහා තරග කරන අතර සත්කාරක ජෝර්දානය, ටජිකිස්තානය, නේපාලය සහ කුවේට් තරගාවලියේ ක්‍රීඩා කරන අනෙක් රටවල් වේ. තරගාවලිය සැප්තැම්බර් 14 වැනිදා සිට 22 වැනිදා දක්වා පැවැත්වේ.

තේරීම් කටයුතු පිළිබඳ වැඩි විස්තර සඳහා අමතන්න 011 269 6179

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<