බ්‍රත්වෙයිට්ගේ නායකකම ගැලවෙයි

86

2020 වසරේ පැවැත්වීමට නියමිත කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායම 2019 වසරේ සිටි ක්‍රීඩක සංචිතයෙන් ක්‍රීඩකයින් 8 දෙනෙකුගේ කොන්ත්‍රාත්තු නැවතත් අලුත් කිරීමට පියවර ගෙන ඇත. පසුගිය වර ඔවුන්ගේ කණ්ඩායමේ නායකත්වය දැරූ කිරන් පොලාර්ඩ් ද ඒ අතර සිටියි.

ඕස්ට්‍රේලියානු ක්‍රීඩා ඇමති ලෝක කුසලානය ගැන දෙගිඩියාවෙන්

කොරෝනා වයිරසය ගෝලීය වසංගතයක් ලෙස නම් කිරීමත් සමඟම ලොව පුරා සියලු ක්‍රීඩා තරග..

ඊට අමතරව සුනිල් නාරයින්, ඩ්වේන් බ්‍රාවෝ, ඩැරන් බ්‍රාවෝ යන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් බහුල ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ද ඒ කොන්ත්‍රාත්තු අලුත් කළ ක්‍රීඩකයින් අට දෙනා අතර වේ.

ගියවර තරග වාරයේ දී ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩකයා ලෙස කටයුතු කළ දිනේෂ් රාම්ඩීන්ගේ ක්‍රීඩක ගිවිසුම අලුත් නොකර තිබෙන නිසාවෙන් සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස් (St Kitts & Nevis Patriots) කණ්ඩායම සිය ක්‍රීඩක සංචිතය සඳහා ඔහුව රැගෙන තිබේ. 

ඊට අමතරව සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස් කණ්ඩායම එවින් ලෙවිස්, ෆේබියන් ඇලන් වැනි දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ව තව දුරටත් සිය කණ්ඩායම තුල රඳවා ගැනීමට තීරණය කර තිබේ. 

ගියවර තරගාවලියේ දී ඒ කණ්ඩායම මෙහෙය වූ කාර්ලොස් බ්‍රත්වෙයිට්ව රඳවා ගැනීමට ඔවුන් තීරණය කර නොමැත. ඒ අනුව රයාද් එම්රිත් සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස් කණ්ඩායමේ නව නායකයා ලෙස කටයුතු කරනු ඇත.

“මම ඉතාමත් සතුටට පත් වෙනවා සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස් කණ්ඩායමේ නායකත්වය සඳහා මාව තෝරා ගැනීම පිළිබඳව. මම මේ කණ්ඩායම සඳහා ක්‍රීඩා කරන දෙවන වසර මෙයයි. අපේ නව පුහුණුකරු වන සීමන් හෙල්මොට් මහතා එක්ක අපේ කණ්ඩායම හොඳ තැනකට රැගෙන යන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒකට අපේ අනික් ක්‍රීඩකයිනුත් සහය දෙයි කියලා මම හිතනවා.” යැයි සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස් කණ්ඩායමේ නව නායක එම්රිත් ජත්‍යන්තර මාධ්‍ය වෙත සිය අදහස් පවසා තිබේ.

සාන්ත කිට්ස් හා නෙවිස් පෙට්‍රියේට්ස්: එවින් ලෙවිස් (රඳවා තබා ඇත), ෆේබියන් ඇලන් (රඳවා තබා ඇත), ශෙල්ඩන් කොට්ට්‍රල් (රඳවා තබා ඇත), දිනේෂ් රාම්ඩීන් (නව කොන්ත්‍රාත්තු), රයාද් එම්රිත් (රඳවා තබා ඇත), අල්සාරී ජෝසප් (රඳවා තබා ඇත), ඩොමිනික් ඩාර්කස් (නැගී එන ක්‍රීඩක)

ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස්: ඩ්වේන් බ්‍රාවෝ (රඳවා තබා ඇත), කිරන් පොලාර්ඩ් (රඳවා තබා ඇත) , සුනිල් නාරයින් (රඳවා තබා ඇත) , ඩැරන් බ්‍රාවෝ (රඳවා තබා ඇත) , ලෙන්ඩල් සිමන්ස් (රඳවා තබා ඇත) , කාරී පෙරී (රඳවා තබා ඇත) , ජේඩ්න් සීල්ස් (නැගී එන ක්‍රීඩක), අම්රි ජන්ගෝ (නැගී එන ක්‍රීඩක), ටියෝන් වෙබ්ස්ටර් (රඳවා තබා ඇත), අකීල් හුසේන් (රඳවා තබා ඇත)

සංගගේ සභාපති ධූරය වසරකින් දීර්ඝ කරන්න යයි

පසුගිය වසරේ ඔක්තෝබර් 19 වැනිදා වසර දෙකක කාලයක් සඳහා එංගලන්තයේ මාලිබෝන් ..

CPL හි ක්‍රීඩක වෙන්දේසියේ දී 2020 වාරය සඳහා, 2019 සංචිතවලින් ක්‍රීඩකයින් ප්‍රමාණයක් තමන්ට අවශ්‍ය පරිදි රඳවා ගැනීමේ අවස්ථාව ඒ ඒ කණ්ඩායම් සියල්ලම වෙත ලබා දී ඇත. ඔවුන් සතුව එතෙක් සිටි ක්‍රීඩකයන් ඉවත් කළ නැගී එන තරුණ ක්‍රීඩකයින් වුවද සංචිතයන් සඳහා ඇතුළත් කර ගැනීමට හැකියාව තිබේ. 

‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ ක්‍රිකට් තරගාවලියේ 8 වැනි අදියර මෙම වසරේ අගෝස්තු මස 19 වැනිදා සිට සැප්තැම්බර් මස 26 වැනිදා දක්වා පැවැත්වීමට දැනට කටයුතු සූදානම් කර තිබේ. 

කෙසේ නමුත් ලොව පුරා වේගයෙන් පැතිර යන COVID-19 වසංගත තත්වය නිසාවෙන් මෙම තරගාවලියට විදෙස් ක්‍රීඩකයින් ගෙන්වා ගන්නවා ද, පැවැත්වෙන දින වකවානු වෙනස් වෙනවා ද සහ තරගාවලිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳව ඉදිරියේ දී තීරණය කිරීමට බලාපොරොත්තු වන බව ‘කැරිබියන් ප්‍රිමියර් ලීග්’ තරගාවලියේ සංවිධායක කමිටුව ජාත්‍යන්තර මාධ්‍ය වෙත අදහස් දක්වා ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<