ශ්‍රී ලංකා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු තරග සංචාරයේ දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකාව විසින් දකුණු අප්‍රිකානු පළමු ඉනිමට පිළිතුරු සපයමින් ඉතා හොඳ ස්ථාවරයක් ගොඩ නගා ගැනීමට සමත් වී තිබුණා.
තරගයේ දෙවැනි දිනය ආරම්භ වන විට දකුණු අප්‍රිකාව සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7ක් දැවී ලකුණු 269ක් ලබා ගැනීමට සමත් වී සිටි අතර, ඊයේ (06) දිනයේ දී ඔවුන් සිය ලකුණු පුවරුව ලකුණු 358ක් කරා රැගෙන යාමට සමත් වුනා.
මෙහි දී දකුණු අප්‍රිකානු ඉනිමේ දෙවැනි ශතක ලාභියා බවට පත් වීමට සමත් වූ Kyle Verreynne නොදැවී ලකුණු 105ක් ලබා ගත්තා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ලහිරු කුමාර කඩුලු 4ක් බිඳ හෙළනා අතරේ, අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් සහ විශ්ව ප්‍රනාන්දු කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වීම විශේෂත්වයක්.
දකුණු අප්‍රිකානු පළමු ඉනිමේ නිමාවෙන් පසුව ශ්‍රී ලංකා පිතිකරුවන් සිය පළමු ඉනිම ආරම්භ කළා. මෙහි දී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න සහ පැතුම් නිස්සංක පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 41ක් එක් කිරීමට සමත් වූ අතර, දිමුත් ඉන් ලකුණු 20ක හිමි කරු බවට පත් වුනා.
දිමුත් පිටියෙන් ඉවත් වීමෙන් පසුව දිනේෂ් චන්දිමාල් කඩුල්ලට පිවිසුණු අතර, ඔහු සහ කමිඳු අතරේ ලකුණු 109ක සබඳතාවක් ගොඩ නැගුණා. මෙහි දී චන්දිමාලගේ පිත්තෙන් ලකුණු 44ක දායකත්වයක් හිමි වූ අතර, ඔහුගෙන් පසුව කඩුල්ලට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් සහ පැතුම් අතරේ ලකුණු 49ක් එක් වුනා.
- වනිඳු සහ මහීෂ් රාජස්තානයට
- වනිඳු ඉවතට; දුශාන් එක් දින සංචිතයට
- චරිත් සහ දුනිත් ශ්‍රී ලංකාවේ ජය තහවුරු කරයි
- පාකිස්තානය දවා ගැනීමට විශ්වගෙන් වැඩි දායකත්වයක්
- කමිඳු තවත් ශතකයක් කරා; පළමු දිනයේ වැඩි වාසි ශ්‍රී ලංකාවට
කෙසේ වෙතත් මේ දක්වා විශිෂ්ට ඉනිමක් දියත් කරමින් සිටි පැතුම් නිස්සංකගේ කඩුල්ල දවා ගැනීමට Keshav Maharaj විසින් සමත් වූ අතර, ඒ වන විට පැතුම් පන්දු 157ක් වැය කරමින් ලකුණු 89ක් ලබා ගැනීමට සමත් වී සිටියා.
පැතුම්ගේ දැවීයාමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් සමඟ කමිඳු මෙන්ඩිස් කඩුල්ලේ එක් වූ අතර, ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 43ක නොබිඳුණු සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.
ඒ අනුව දිනය නිමා වන විට ශ්‍රී ලංකා පළමු ඉනිම කඩුලු 3ක් දැවී ලකුණු 243ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ වන විට ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 40ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 30ක් ලබා ගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටීමට සමත් වී සිටියා.
ශ්‍රී ලංකාව තවමත් දකුණු අප්‍රිකානු පළමු ඉනිමට වඩා ලකුණු 116ක් පසුපසිනුයි සිටින්නේ.
තරගයේ තෙවැනි දිනය අද (07) ක්‍රියාත්මක වීමට නියමිතයි.
Result
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Aiden Markram | b Lahiru Kumara | 20 | 35 | 4 | 0 | 57.14 |
Tony de Zorzi | lbw b Vishwa Fernando | 0 | 1 | 0 | 0 | 0.00 |
Ryan Rickelton | c Pathum Nissanka b Lahiru Kumara | 101 | 250 | 11 | 0 | 40.40 |
Tristan Stubbs | c Kamindu Mendis b Lahiru Kumara | 4 | 18 | 0 | 0 | 22.22 |
Temba Bavuma | c Kamindu Mendis b Asitha Fernando | 78 | 109 | 8 | 1 | 71.56 |
David Bedingham | b Prabath Jayasuriya | 6 | 19 | 0 | 0 | 31.58 |
Kyle Verreynne | not out | 105 | 133 | 12 | 3 | 78.95 |
Marco Jansen | b Vishwa Fernando | 4 | 5 | 1 | 0 | 80.00 |
Keshav Maharaj | c Dimuth Karunaratne b Vishwa Fernando | 0 | 4 | 0 | 0 | 0.00 |
Kagiso Rabada | b Asitha Fernando | 23 | 40 | 5 | 0 | 57.50 |
Dane Paterson | c Kusal Mendis b Lahiru Kumara | 9 | 10 | 2 | 0 | 90.00 |
Extras | 8 (b 1 , lb 1 , nb 2, w 4, pen 0) |
Total | 358/10 (102.4 Overs, RR: 3.49) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 22 | 6 | 65 | 2 | 2.95 | |
Asitha Fernando | 23 | 2 | 102 | 3 | 4.43 | |
Lahiru Kumara | 17.4 | 3 | 79 | 4 | 4.54 | |
Prabath Jayasuriya | 31 | 4 | 84 | 1 | 2.71 | |
Dhananjaya de Silva | 9 | 1 | 26 | 0 | 2.89 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | b Keshav Maharaj | 89 | 157 | 11 | 1 | 56.69 |
Dimuth Karunaratne | c Kyle Verreynne b Kagiso Rabada | 20 | 43 | 4 | 0 | 46.51 |
Dinesh Chandimal | c Kyle Verreynne b Dane Paterson | 44 | 97 | 5 | 0 | 45.36 |
Angelo Mathews | c Kyle Verreynne b Marco Jansen | 44 | 90 | 6 | 0 | 48.89 |
Kamindu Mendis | c Aiden Markram b Marco Jansen | 48 | 92 | 4 | 0 | 52.17 |
Dhananjaya de Silva | c Aiden Markram b Dane Paterson | 14 | 27 | 1 | 0 | 51.85 |
Kusal Mendis | b Dane Paterson | 16 | 28 | 3 | 0 | 57.14 |
Prabath Jayasuriya | st Kyle Verreynne b Keshav Maharaj | 24 | 32 | 4 | 0 | 75.00 |
Lahiru Kumara | c Marco Jansen b Dane Paterson | 0 | 2 | 0 | 0 | 0.00 |
Vishwa Fernando | c Kyle Verreynne b Dane Paterson | 2 | 31 | 0 | 0 | 6.45 |
Asitha Fernando | not out | 0 | 2 | 0 | 0 | 0.00 |
Extras | 27 (b 13 , lb 8 , nb 5, w 1, pen 0) |
Total | 328/10 (99.2 Overs, RR: 3.3) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kagiso Rabada | 24 | 7 | 56 | 1 | 2.33 | |
Marco Jansen | 25 | 4 | 100 | 2 | 4.00 | |
Dane Paterson | 22 | 4 | 71 | 5 | 3.23 | |
Keshav Maharaj | 24.2 | 5 | 65 | 1 | 2.69 | |
Aiden Markram | 4 | 0 | 15 | 0 | 3.75 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Tony de Zorzi | b Prabath Jayasuriya | 19 | 38 | 2 | 0 | 50.00 |
Aiden Markram | c Kusal Mendis b Vishwa Fernando | 55 | 75 | 5 | 0 | 73.33 |
Ryan Rickelton | lbw b Prabath Jayasuriya | 24 | 45 | 3 | 0 | 53.33 |
Tristan Stubbs | run out (Dimuth Karunaratne) | 47 | 112 | 2 | 0 | 41.96 |
Temba Bavuma | b Prabath Jayasuriya | 66 | 116 | 3 | 2 | 56.90 |
David Bedingham | c Dhananjaya de Silva b Prabath Jayasuriya | 35 | 55 | 3 | 0 | 63.64 |
Kyle Verreynne | c Kusal Mendis b Vishwa Fernando | 9 | 27 | 1 | 0 | 33.33 |
Marco Jansen | c Asitha Fernando b Prabath Jayasuriya | 8 | 11 | 1 | 0 | 72.73 |
Keshav Maharaj | not out | 14 | 22 | 1 | 1 | 63.64 |
Kagiso Rabada | c Kusal Mendis b Lahiru Kumara | 8 | 8 | 2 | 0 | 100.00 |
Dane Paterson | b Asitha Fernando | 14 | 8 | 2 | 1 | 175.00 |
Extras | 18 (b 1 , lb 7 , nb 1, w 9, pen 0) |
Total | 317/10 (86 Overs, RR: 3.69) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Vishwa Fernando | 19 | 4 | 47 | 2 | 2.47 | |
Asitha Fernando | 14 | 2 | 52 | 1 | 3.71 | |
Lahiru Kumara | 16 | 0 | 71 | 1 | 4.44 | |
Prabath Jayasuriya | 34 | 2 | 129 | 5 | 3.79 | |
Dhananjaya de Silva | 3 | 0 | 10 | 0 | 3.33 |
Batsmen | R | B | 4s | 6s | SR | |
---|---|---|---|---|---|---|
Pathum Nissanka | c Kyle Verreynne b Dane Paterson | 18 | 44 | 4 | 0 | 40.91 |
Dimuth Karunaratne | lbw b Kagiso Rabada | 1 | 3 | 0 | 0 | 33.33 |
Dinesh Chandimal | lbw b Dane Paterson | 29 | 57 | 5 | 0 | 50.88 |
Angelo Mathews | b Keshav Maharaj | 32 | 59 | 4 | 1 | 54.24 |
Kamindu Mendis | c Kyle Verreynne b Keshav Maharaj | 35 | 35 | 4 | 1 | 100.00 |
Dhananjaya de Silva | c Kyle Verreynne b Kagiso Rabada | 50 | 92 | 7 | 0 | 54.35 |
Kusal Mendis | c Aiden Markram b Keshav Maharaj | 46 | 76 | 3 | 2 | 60.53 |
Prabath Jayasuriya | c Temba Bavuma b Keshav Maharaj | 9 | 19 | 1 | 0 | 47.37 |
Vishwa Fernando | c Marco Jansen b Keshav Maharaj | 5 | 24 | 0 | 0 | 20.83 |
Lahiru Kumara | c Ryan Rickelton b Marco Jansen | 1 | 11 | 0 | 0 | 9.09 |
Asitha Fernando | not out | 0 | 1 | 0 | 0 | 0.00 |
Extras | 12 (b 5 , lb 1 , nb 6, w 0, pen 0) |
Total | 238/10 (69.1 Overs, RR: 3.44) |
Bowling | O | M | R | W | Econ | |
---|---|---|---|---|---|---|
Kagiso Rabada | 21 | 3 | 63 | 2 | 3.00 | |
Marco Jansen | 10.1 | 1 | 54 | 1 | 5.35 | |
Keshav Maharaj | 25 | 3 | 76 | 5 | 3.04 | |
Dane Paterson | 12 | 3 | 33 | 2 | 2.75 | |
Aiden Markram | 1 | 0 | 6 | 0 | 6.00 |
තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<