ශ්‍රී ලංකාව 23 වැනිදා කොදෙව් දේශයට

3938

ක්‍රිකට් ක්‍රීඩාවේ සියලුම ආකෘතීන් හෙවත් ටෙස්ට්, එක්දින සහ විස්සයි-විස්ස තරග අංශ ආවරණය පරිදි බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට නියමිත තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පෙබරවාරි මස 23 වැනිදා අලුයම කොදෙව් දූපත් බලා පිටත්ව යනු ඇත.

මෙම තරග සංචාරය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම ඇන්ටිගුවාහි ජෛව ආරක්ෂිත පරිසරයක් යටතේ විස්සයි-විස්ස තරග 3කට, එක්දින තරග 3කට සහ ටෙස්ට් තරග 2කට සහභාගී වනු ඇත. දින 31ක කාලයක් පුරා විහිදෙන තරගාවලියේ පළමු තරගය මාර්තු 03 වැනිදා ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු විස්සයි-විස්ස තරගයෙන් ආරම්භ වනු ඇත. 

මාර්තු 03 සහ 05 දෙවැනි සහ තෙවැනි විස්සයි-විස්ස තරග පැවැත්වෙන අතර එම තරග සියල්ලම ඇන්ටිගුවාහි කූලිජ් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. කූලිජ් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන විස්සයි-විස්ස තරග 3ට අමතරව පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලිය සහ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලිය ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනු ඇත. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

එක්දින තරගාවලිය මාර්තු 10 වැනිදා ඇරඹෙන අතර දෙවැනි තරගය 12 වැනිදාත්, තෙවැනි තරගය 14 වැනිදාත් පැවැත්වෙනු ඇත. මෙම තරගාවලිය යටතේ පැවැත්වෙන එකම දිවා/රාත්‍රී තරගය වන්නේ තෙවැනි එක්දින තරගය පමණි. 

අවසන් අදියර වන ටෙස්ට් තරගාවලියට පෙර ශ්‍රී ලංකාව මාර්තු 17 සහ 18 දිනවල දී දෙදින පුහුණු තරගයකට සහභාගී වීමට නියමිතව තිබේ. එම තරගයෙන් පසු දින 3ක කාලයකින් හෙවත් මාර්තු 21 වැනිදා පළමු ටෙස්ට් තරගයට ද, මාර්තු 29 වැනිදා දෙවැනි ටෙස්ට් තරගයට ද ශ්‍රී ලංකාව ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් ක්‍රීඩාංගණයේ දී සහභාගී වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<