මේව දැකල අලිත් හිනා වෙනව ඇති

137

තවත් දින දෙක තුනකින් ලංකාවේදීම පැවැත්වෙන ශ්‍රී ලංකා-පාකිස්තාන් විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇති ලසිත් මාලිංග පසුගිය ඉරිදා සූරියවැවදී පැවැති අවසන් හා 5 වැනි එක් දින තරගයෙන් ඉවත් කර තිබිණි.

මාලිංග එක් දින තරග පිටියට ආ දින සිට ගත්කල ආබාධයක් නිසා හෝ ඔහුගේම ඉල්ලීමක් මත හෝ හැර ඔහු එක් දින කණ්ඩායමෙන් ඉවත් කීරීමක් අප දුටුවේ ප්‍රථම වතාවටය. එසේ ගත් තීරණය නිවැරැදි බව සනාථ කරමින් ඔහු වෙනුවට ක්‍රීඩා කළ ළහිරු ගමගේ නම් වේග පන්දු යවන්නා දක්‍ෂ ලෙස ක්‍රීඩා කළ අතර මෙවන් තීරණ මින් පෙර ගත්තේ නම් එක් දින තරගාවලියේ ප්‍රතිඵලද වෙනස් වන්නට ඉඩ තිබුණ බවද මත පළවී ඇත.

කෙසේ වෙතත් ගෙවී ගිය එක් දින තරගාවලියේදී දක්‍ෂ ලෙස ක්‍රීඩා කළ චන්දිමාල් එළැඹෙන විස්සයි-20 තරග දෙකෙන් කපා හැර සිටියදී චන්දිමාල් ක්‍රීඩා කරන තරගයක් නරඹමින් ඊට වතුර අදින ක්‍රීඩකයකු ලෙස සැලැස්වීම විස්සෙ රටාවේ තරගාවලියකට නායකත්වය දෙන මාලිංගටද කරනා මානසික අසාධාරණයකි. මෙවන් අච්චාරු තීරණ ගන්නා ක්‍රිකට් තේරීම් කමිටුවේ මහත්වරුන් ගැන විවිධ දේ සිතන්නට සිදුවේ. පෙර වාර්තා වූ පරිදි මාලිංගගේ ඉල්ලීමට අනුව ගත් තීරණවලට පිටුපා සිටින්නට බැරිකමද එක්කෝ නැත්නම් නොතේරෙන කමදැයි සිතාගන්නට බැරිය. විස්සෙ කැප්ටන් කම දුන්නා නම් අන්තිම එකෙන් කැපුවේ ඇයි දැයි පාකිස්තාන් කැප්ටන් අසාර් අලිටද හිනා යන ප්‍රශ්නයක් මතුවන්නට ඇත.