නව IPL නීතිවලින් පිටියේ විනිසුරුවන්ගේ තටු කැපෙයි?

195
(DNAindia)

ක්‍රිකට් පිටියේ යම්කිසි තීරණයක් තුන්වැනි විනිසුරුට යොමු කිරීමට පෙර පිටියේ විනිසුරුවන් විසින් ලබා දෙන soft signals පිළිබඳ ක්‍රිකට් පිටියේ කතාබහක් ඇතිව තිබෙනවා. ඒ ඉන්දීය නායක Virat Kohli විසින් ඒ පිළිබඳව සිය අප්‍රසාදය පළ කිරීමත් සමඟයි. 

කෙසේ වෙතත් 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සඳහා පිටියේ විනිසුරුවන්ගේ soft signals භාවිතා නොකිරීමට ද IPL බලධාරීන් තීරණය කර තිබෙනවා.

2021 IPL තරගාවලියේ නීති සංශෝධනයට අනුව, “පිටියේ විනිසුරුවන් තුන්වැනි විනිසුරුට තීරණයක් යොමු කරන විට ලබා දෙන Soft Signals අදාළ නොවේ” යනුවෙන් සඳහන්.

තෙවැනි විනිසුරුට, පිටියේ විනිසුරුවරුන්ගේ තීරණය ගැන නොසිතා ස්වාධීනව තීරණයක් ගැනීමට ඉඩ සැලැස්වීම මෙහි අරමුණ වී තිබෙනවා. ANI වාර්තා කරන අන්දමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සඳහන් කර ඇත්තේ පිටියේ විනිසුරුවන්ට soft signals ලබා දීම තහනම් කර ඇති බවයි. මේ පිළිබඳව IPL නීති රීති මාලාවේ D ඇමුණුමේ 2.2.2 වගන්තියේ සඳහන් කර තිබෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

IPL තරගාවලියේ short run අවස්ථා සඳහා යොදා ගත් නීති රීති ද වෙනස් කර තිබෙනවා. එවන් අවස්ථාවක දී තෙවැනි විනිසුරුට එය පරික්ෂා කළ හැකි අතර පිටියේ විනිසුරුගේ තීරණය වෙනස් කිරීමට ද තෙවැනි විනිසුරුට අවසර තිබෙනවා.

“short run අවස්ථාවක දී තුන්වැනි විනිසුරුට එය පරික්ෂා කර පිටියේ විනිසුරුවන්ගේ තීරණය වෙනස් කිරීමේ අවකාශය තිබෙනවා” යැයි IPL 2021 නව නීති රීති මාලාවේ සඳහන්.

short-run අවස්ථා පිළිබඳව දැඩි කතා බහක් පසුගිය වසරේ IPL තරගාවලියේ දී ඇති වුනා. ඒ Kings XI Punjab හා Delhi Capitals අතර තරගයක දී. තරගය පරාජය වුණු Kings XI Punjab කණ්ඩායම ඒ පිළිබඳව පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබුණා. තරග කාලසීමා නිසි ලෙස නිර්ණය කිරීමේ අරමුණින් 20 වැනි පන්දුවාරයත් නියමිත මිනිත්තු 90 තුළට ඇතුළත් කර තිබෙනවා. මිට පෙර 20 වැනි පන්දුවාරය 90 වැනි මිනිත්තුවේ හෝ ඊට පෙර ආරම්භ කිරීමේ අවකාශය පැවතුණා.

නව නීති වලට අනුව තුන්වැනි විනිසුරුට පිටියේ විනිසුරුවන් ලබා දෙන නිපන්දු අවස්ථා වෙනස් කිරීමට ද අවකාශය තිබෙනවා. එමෙන්ම සුපිරි පන්දුවාරයක් ක්‍රීඩා කරන්නේ නම් තරගය සම සමව නිමා වීමේ සිට පැයක් කාලයක් තුළ සුපිරි පන්දුවාරය ක්‍රීඩා කිරීමට ද ඉඩකඩ ලබා දී තිබෙනවා.

Hindustan Times ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<