Home Sinhala ආරම්භක සබඳතාවය සවිමත් වුවත් ප්‍රතිඵලය අවාසනාවන්ත වෙයි

ආරම්භක සබඳතාවය සවිමත් වුවත් ප්‍රතිඵලය අවාසනාවන්ත වෙයි

ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය 2021

55

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින තරගාවලියේ පළමු එක්දින තරගය අද (11) අවසන් වුනා. සර් විවියන් රිචර්ඩ්ස් පිටියේ දී පැවති එම තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් ලබා ගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුනේ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ ලබා ගෙනයි.

කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරුවන් ලෙස පන්දුවට පහර දීමට නායක දිමුත් සහ දනුෂ්ක ගුණතිලක සාර්ථක ආරම්භයක් ලබා දුන්නේ පළමු කඩුල්ල සඳහා ලකුණු 105ක් සබඳතාවක් එක් කරමින්.

තවත් ක්‍රිකට් පුවත්:

නායකත්වයේ ඉනිමක් දියත් කරමින් ශ්‍රී ලංකාව ඉනිම සවිමත් කළ දිමුත් පන්දු 61ක දී ලකුණු 52ක් ලබා ගත් අතර 20 වැනි පන්දුවාරය යැවූ Kieron Pollard විසින් දිමුත් දවා ගැනීමට සමත් වීමත් සමඟ පළමු කඩුල්ලේ සබඳතාව අවසන් වුනා. 

22 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Kieron Pollardගේ පන්දුවාරයේ දී දනුෂ්ක ගුණතිලක අවාසනාවන්ත ලෙස දැවී ගියේ ක්‍රිකට් නීති පොතේ “පන්දු රැකීමට බාධා කිරීම” (Obstructing the Field) හේතුවෙන්. දනුෂ්ක දුවද්දී දවා ගැනීමට තිබූ අවස්ථාවක් අවහිර කිරීම හේතුවෙන් කොදෙව් ක්‍රීඩකයන් ඉල්ලීමක් කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස දනුෂ්කගේ ඉනිම අවසන් වුනා. දනුෂ්ක පන්දු 61ක දී ලකුණු 55ක් ලබා ගැනීමට සමත් වුනා.

ආරම්භක පිතිකරුවන්ගේ දැවී යාමෙන් පසු මැදපෙළ පිතිකරුවන් වූ ඇන්ජලෝ මැතිව්ස්, පැතුම් නිස්සංක සහ දිනේෂ් චන්දිමාල්ට ලකුණු අතරට පැමිණීමට අවස්ථාව නොලැබුණු අතර එහි දී පැතුම් සහ ඇන්ජලෝ දෙදෙනාම දුවද්දී දැවී යාම විශේෂ සිදුවීමක් වුනා. ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 5ක් ලකුණු 151ක් තුල බිඳ වැටුණු අතර යොවුන් පිතිකරු අශේන් බණ්ඩාර ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් ගෙනෙමින් පන්දු 60ක දී ලකුණු 50ක් වාර්තා කිරීමට සමත් වුනා. ශ්‍රී ලංකාවට පන්දුවාර 49ක දී  සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 232ක් පමණයි. පන්දු යැවීමේ දී Jason Holder සහ Jason Mohammed කඩුලු 2 බැගින් බිඳ හෙලුවා.

ලකුණු 233ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි කොදෙව් කණ්ඩායමේ ආරම්භයට ලකුණු 143ක් එක් කිරීමට Evin Lewis  සහ Shai Hope සමත් වුනා. Evin Lewis පන්දු 90ක දී ලකුණු 65ක් වාර්තා කළ අතර Lewisගේ කඩුල්ල දවා ගැනීමට දුෂ්මන්ත චමීර සමත් වුනා. Lewisගේ කඩුල්ල දැවී ගිය ද Darren Bravo සමඟ එක්වෙමින් ජයග්‍රාහී ඉලක්කය වෙත ළඟා වීමට Shai Hope සමත් වුනා.

සිය එක්දින දිවියේ දසවැනි ශතකය වාර්තා කිරීමට Shai Hope සමත් වුනා. හෝප් පන්දු 133ක දී ලකුණු 110ක් ලබා ගත්තේ හතරේ පහර 12ක් සහ එක් හයේ පහරකින්. දුෂ්මන්ත චමීර Hopeගේ කඩුල්ල දවා ගත්ත ද එය කොදෙව්වන්ගේ ජයග්‍රහණය වැළැක්වීමට සමත් වුනේ නැහැ. පන්දුවාර 47ක් අවසානයේ කොදෙව්වන් කඩුලු දෙකක් පමණක් දැවී ඉලක්කය සම්පුර්ණ කිරීමට සමත් වුනා. පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු දෙකක් බිඳ හෙලුවා. තරගයේ වීරයා ලෙස Shai Hope සම්මාන ලැබුවා.

Result


Sri Lanka
232/10 (49)

West Indies
236/2 (47)

Batsmen R B 4s 6s SR
Danushka Gunathilaka obstructing the field b 55 61 7 0 90.16
Dimuth Karunarathne c & b Kieron Pollard 52 61 4 0 85.25
Pathum Nissanka run out () 8 16 1 0 50.00
Angelo Mathews run out () 5 7 0 0 71.43
Dinesh Chandimal c Hayden Walsh b Fabian Allen 12 24 0 0 50.00
Ashen Bandara c Akeal Hosein b Jason Holder 50 60 4 0 83.33
Kamindu Mendis c Jason Holder b Jason Mohammed 9 21 0 0 42.86
Wanindu Hasaranga c Jason Holder b Jason Mohammed 3 5 0 0 60.00
Dushmantha Chameera c Shai Hope b Jason Holder 8 15 1 0 53.33
Lakshan Sandakan b 16 20 2 0 80.00
Nuwan Pradeep c Romario Shepherd b Alzarri Joseph 1 4 0 0 25.00


Extras 13 (b 0 , lb 5 , nb 0, w 8, pen 0)
Total 232/10 (49 Overs, RR: 4.73)
Bowling O M R W Econ
Alzarri Joseph 10 0 49 1 4.90
Jason Holder 10 1 39 2 3.90
Akeal Hosein 8 0 44 0 5.50
Romario Shepherd 5 0 30 0 6.00
Jason Holder 4 1 12 2 3.00
Kieron Pollard 5 0 15 1 3.00
Fabian Allen 7 0 38 1 5.43


Batsmen R B 4s 6s SR
Evin Lewis b Dushmantha Chameera 65 90 4 2 72.22
Shai Hope b Dushmantha Chameera 110 133 12 1 82.71
Darren Bravo, not out 37 47 0 0 78.72
Jason Mohammed not out 13 15 0 0 86.67


Extras 11 (b 0 , lb 3 , nb 3, w 5, pen 0)
Total 236/2 (47 Overs, RR: 5.02)
Bowling O M R W Econ
Nuwan Pradeep 8 1 46 0 5.75
Dushmantha Chameera 10 0 50 2 5.00
Kamindu Mendis 3 0 21 0 7.00
Wanindu Hasaranga 10 1 26 0 2.60
Danushka Gunathilaka 5 0 25 0 5.00
Lakshan Sandakan 10 0 57 0 5.70
Ashen Bandara 1 0 8 0 8.00



>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<