යං දෝ නොයං දෝ යැයි දෙගිඩියාවෙන් පසු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම 2009 වසරේ එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 10කට පසුව දීර්ඝ තරගාවලියක් සඳහා පාකිස්තානයට සංචාරය කර අවසන්.
මෙම තරගාවලිය සඳහා එක්දින හා විස්සයි විස්ස තරග තුනක් අන්තර්ගත වන අතර පළමුව පැවැත්වෙන එක්දින තරගාවලියට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කෙසේ ද?
චන්දිමාල් යුද හමුදාවට!
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු ……..
මුහුණට මුහුණ
1975 වසරේ සිට පැවත එන පාකිස්තාන – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරග ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික එක්දින ක්‍රිකට් තරග 154ක දී ඔවුනොවුන් එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 58ක ජය ශ්‍රී ලංකා කණ්ඩායම සතු වෙද්දී පාකිස්තාන කණ්ඩායම තරග 90ක් ජයග්‍රහණය කර සිටී. එක් තරගයක් ලකුණු සමවීමෙන් අවසන් වන විට තවත් තරග 5ක් ප්‍රතිඵලයක් රහිතව අවසන් වී ඇත.
සැඟවුණු හා වැදගත් දත්ත කිහිපයක්
ශ්‍රී ලංකා – පාකිස්තාන මිතුදම ඉතාමත් ඉපැරණි තරග ඉතිහාසයකට හිමිකම් කියන අතර ඔවුනොවුන් සහභාගී වී ඇති එක්දින තරග ප්‍රමාණය තුල මෙතෙක් වැඩිම ලකුණු ලබාගෙන ඇති ක්‍රීඩකයා වන්නේ ශ්‍රී ලංකාවේ සනත් ජයසූරියයි. ඔහු පාකිස්තානයට එරෙහිව එක්දින තරග 82ක් ක්‍රීඩා කරමින් ලකුණු 2517ක් ලබාගෙන ඇත්තේ 32.68ක දල සාමාන්‍යයක් රඳවා ගනිමිනි.
වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගෙන ඇත්තේ මුත්තයියා මුරලිදරන් විසින් වන අතර ඔහු පාකිස්තානය සමඟින් එක්දින තරග 65කට සහභාගී වෙමින් කඩුලු 96ක් දවාගෙන ඇත.
ප්‍රහාරාත්මක පිතිකරුවන්
ලහිරු තිරිමාන්න

ඒ නිසාවෙන් ඔහු මේ තරගාවලියේ ශ්‍රී ලංකා නායකයා ලෙස සිය වගකීම ඉටු කරනු ඇත. බොහෝ දුරට තිරිමාන්න අංක 5 ස්ථානයේ පිතිකරණයේ නිරත වනු ඇති අතර පාකිස්තාන පන්දු යවන්නන්ට විරුද්ධව ඉනිම් 19ක දී ලකුණු 663ක් ලබාගෙන ඇත්තේ ලකුණු 41.43ක ඉතාමත් හොඳ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් ද රඳවා ගනිමිනි. ඒ අතරට ශතක 2ක් හා අර්ධ ශතක 4ක් ඇතුළත්.
බාබර් අසාම්

ජාත්‍යන්තර එක්දින තරග 72ක් තුළ ඔහු විසින් ලකුණු 3113ක් ලබාගෙන ඇත්තේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය ලකුණු 53.55ක් වැනි හොඳ මට්ටමක පවත්වා ගනිමිනි. බාබර් එක්දින ශතක 10කින් සහ අර්ධ ශතක 15කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත.
ඔහු විසින් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින තරග 8ක දී ලකුණු 350ක් ලබාගෙන තිබෙන්නේ 58.33ක පමණ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ වේගයක් රඳවා ගෙනයි. දෙකක් හා අර්ධ ශතකයක් ඇතුලත්ය.
පාකිස්තානෙට යන්න කොළ එළි වැටෙයි
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය නියමිත ……..
අවිශ්ක ප්‍රනාන්දු

අවිශ්කගේ ඒ ලකුණු අතරට අර්ධ ශතක 2ක් සහ ශතකයක් ඇතුළත්ව ඇත. දකුණතින් පිත්ත හසුරුවන ඔහු පාකිස්තානයට එරෙහිව තවමත් එක්දින ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර නොමැත.
ෆකාර් සමාන්

වමතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව තරග 6ක් ක්‍රීඩා කරමින් ලකුණු අතරට පැමිණ තිබෙන නිසා මේ තරගාවලිය තුල ද හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකිය. ඔහු නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ඉතාමත් හොඳින් දස්කම් අතරට පැමිණෙන ලදි.
තර්ජනාත්මක පන්දු යවන්නන්
වනිඳු හසරංග

වයස අවුරුදු 22ක් වන වනිඳු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ තවමත් අත්දැකීම් ගවේෂණය කරන පන්දු යවන්නෙක් ලෙස හඳුන්වා දිය හැකිය.
ඉමාඩ් වසීම්

නුවන් ප්‍රදීප්

නුවන් ප්‍රදීප් ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් තරග 40ක දී කඩුලු 52ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් 6.00ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන්ට ලබා දී ඇත.
වයස අවුරුදු 32ක් වන මොහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දිය හැකි නමුත් පාකිස්තානය සමඟ එක්දින ක්‍රිකට් තරග 4ක් ක්‍රීඩා කර කඩුලු 4ක් දවාගෙන තිබේ.
>>ශ්‍රී ලංකා – පාකිස්තාන ක්‍රිකට් තරගාවලිය <<
මොහොමඩ් අමීර්

කරච්චි තණතීරුව හා අවට කාලගුණය

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කරච්චි පිටියේ මේ දක්වා එක්දින තරග 8ක් පවත්වා තිබෙන අතර ශ්‍රී ලංකාව ඉන් තරග 3ක් ජයගෙන තිබේ. සත්කාරක පාකිස්තානය තරග 5ක් ජයගෙන කරච්චි පිටියේ වාසිය දිනාගෙන ඉදිරියෙන් සිටියි.
යම් හෙයකින් ශ්‍රී ලංකාව කාසියේ වාසිය දිනා ගතහොත් පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වනු ඇත.
කාලගුණය දෙස බැලීමේ දී මේ තරගාවලිය පුරාවට ඉතාමත් හොඳ කාලගුණ තත්වයක් අපේක්ෂා කළ හැකි අතර පිතිකරුවන්ගේ පිතිකරණ පාරාදීසයක් ලෙස මේ තණතීරුව හැසිරෙනු ඇත. එසේම තරගාවලිය පැවැත්වෙන කාලය අතරතුර සෙල්සියස් අංශක 26-32 අතර උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
අවසන් නිගමනය
ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව පාකිස්තාන කණ්ඩායම 6 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 4756ක් සමඟ ප්‍රසාද ලකුණු 97ක් දිනා ගෙන වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම එම ලැයිස්තුවේ 8 වැනි ස්ථානය දිනා ගෙන සිටින්නේ ලකුණු 4425ක් සමඟ ප්‍රසාද ලකුණු 82ක් දිනා ගෙනයි.
ශ්‍රේණිගත කිරීම්වලින් ද පාකිස්තානය පෙරමුණේ පසුවන නමුත් තරගය ජයග්‍රහණය කිරීම සඳහා වැදගත් වන්නේ ශ්‍රේණිගත කිරීම් හෝ ඉතිහාසයේ ලබා ගත් ජයග්‍රහණ නොව ඒ ඒ දිනය තුල හැකි උපරිමයෙන් මෙන්ම හොඳින් ක්‍රීඩා කිරීමයි. එසේ සිදු කළහොත් ශ්‍රී ලංකාවට මේ තරගාවලිය සාර්ථකව අවසන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.
එක්දින සංචිතයන්
ශ්‍රී ලංකාව – ලහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන කසුන් රාජිත, ලහිරු කුමාර.
පාකිස්තානය – සෆ්රාස් අහමඩ් (නායක), බාබර් අසාම්, අබීඩ් අලී, අසීෆ් අලී, ෆකර් සමාන්, හැරිස් සොහේයිල්, මොහොමඩ් හස්නයින්, ඉෆ්තිකර් අහ්මඩ්, ඉමාඩ් වසීම්, ඉමාම් උල් හක්, මොහොමඩ් අමීර්, මොහොමඩ් නවාස්, උස්මාන් ඛාන් ශින්වාරි, වහාබ් රියාස්
තරග කාලසටහන
- පළමු එක්දින තරගය – සැප්තැම්බර් 27 වැනිදා කරච්චි නුවර දී
- දෙවැනි එක්දින තරගය – සැප්තැම්බර් 29 වැනිදා කරච්චි නුවර දී
- තෙවැනි එක්දින තරගය – ඔක්තෝබර් 2 වැනිදා කරච්චි නුවර දී
- පළමු විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 5 වැනිදා ලාහෝර් නුවර දී
- දෙවන විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 7 වැනිදා ලාහෝර් නුවර දී
- තෙවැනි විස්සයි විස්ස තරගය – ඔක්තෝබර් 9 වැනිදා ලාහෝර් නුවර දී
තරගාවලියේ උණුසුම් තතු, සියලුම තරග වාර්තා, විශේෂාංග ලිපි හා විශේෂ වීඩියෝ ඇතුළු තවත් බොහෝ දෑ ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. රැඳී සිටින්න ThePapare.com සමඟම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















