Home Sinhala අවිශ්ක, ශානක සහ ලහිරුගේ දස්කම්වලින් ශ්‍රී ලංකාව පෙරමුණට

අවිශ්ක, ශානක සහ ලහිරුගේ දස්කම්වලින් ශ්‍රී ලංකාව පෙරමුණට

ශ්‍රී ලංකා කණ්ඩායමේ ඕමාන තරග සංචාරය 2021

2253

ශ්‍රී ලංකා සහ ඕමාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (7) ඕමානයේ මස්කට් හිදී නිමා වුනේ ශ්‍රී ලංකාවට ලකුණු 19ක ජයක් හිමිකර දෙමින්. ඒ සමඟ 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණ දිනා ගැනීමට ද ශ්‍රී ලංකාවට හැකි වුනා.

Al Amerat ක්‍රීඩාංගණයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඕමානයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 4ක් දැවී ලකුණු 162ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම දියත් කළ ඕමානය නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත්තේ ලකුණු 143ක් පමණයි.

නිමා වූ දකුණු අප්‍රිකානු සහ ඉන්දීය තරගාවලිවල දී ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුව හා සසඳා බැලීමේ දී මේ තරගයේ දී ශ්‍රී ලංකා පිතිකරණ අනුපිළිවෙළ සැලකිය යුතු මට්ටමකින් වෙනස් වී තිබුණා.

එම අත්හදා බැලීමට විශාල හේතුවක් වුනේ ශ්‍රී ලංකා මැදපෙළ තිබූ දුර්වලතාවයයි. ඒ අනුව ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ පිළිවෙළ වෙනස්කරමින් ඒ සඳහා යම් අත්හදා බැලීමක් මේ තරගයේ දී සිදු කර තිබුණු අතර, එහි ප්‍රතිඵලයක් ලෙස අංක 4 ස්ථානයෙන් ක්‍රීඩා කළ අවිශ්ක ප්‍රනාන්දු සුපිරි අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වුනා.

පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම්,

ශ්‍රී ලංකාව – Pathum Nissanka, Dinesh Chandimal (WK), Kamindu Mendis, Avishka Fernando, Bhanuka Rajapaksa, Dasun Shanaka (C), Chamika Karunaratne, Maheesh Theekshana, Nuwan Pradeep, Lahiru Kumara, Akila Dananjaya

ඕමානය – Zeeshan Maqsood (C), Naseem Khushi (WK), Jatinder Singh, Aqib Ilyas, Mohammad Nadeem, Ayan Khan, Sandeep Goud, Kaleemullah, Kashyap Prajapati, Fayyaz Butt, Khawar Ali

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් කඩුලු රකින පිතිකරු දිනේෂ් චන්දිමාල් සහ පැතුම් නිස්සංක පිටියට පිවිසි අතර ඔවුන් දෙදෙනා හට සාර්ථක වීමට ඕමාන් ආරම්භක පන්දු යවන්නන් අවස්ථාව ලබා දුන්නේ නැහැ. චන්දිමාල් ලකුණු නොලබාම පිටියෙන් ඉවත් වන විට නිස්සංකට ලබා ගැනීමට හැකි වුනේ ලකුණු 8ක් පමණයි.

ලකුණු 21කට කඩුලු 3ක් බිඳ වැටී ඉතාමත් අසීරු තත්වයක තිබුණු ශ්‍රී ලංකා ඉනිම යම් මට්ටමකට ඔසවා තැබීම සඳහා අවශ්‍ය මූලික අඩිතාලම සකස් කළේ භානුක රාජපක්ෂ සහ අවිශ්ක ප්‍රනාන්දුයි. ඔවුන් දෙදෙනා එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 30 සබඳතාවයක් ගොඩනැංවූවා.

ලකුණු 15ක් ලබාගෙන සිටි භානුකගේ දැවී යාමට පසුව අවිශ්ක සමඟ පිටියේ එකතු වුනු නායක  දසුන් ශානක නැවතත් සිය සුපුරුදු රිද්යමට පිවිසෙමින් ශ්‍රී ලංකා ලකුණු සටහනට සාර්ථක අවසානයක් කරා යාමට අවශ්‍ය ජවය සහ සවිය ලබා දුන්නා.

ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ලට පන්දු 56ක දී ලකුණු 111*ක නොදැවුණු සුපිරි සබඳතාවයක් ගොඩනංවමින් ශ්‍රී ලංකා ලකුණු සටහන නොසිතූ මට්ටමකට රැගෙන ගියා. එසේම මේ තරගයේ දී ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුනු 6 පහර 10ම අවසන් පන්දුවාර 7 තුල වාර්තා වීම කැපී පෙනුණා.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 59ක් තුල නොදැවී ලකුණු 83*ක් ලබා ගනිමින් ඉතාමත් හොඳින් පිතිකරණයෙන් දස්කමක් පෙන්නුම් කළ අතර 4 පහර 3ක් සහ 6 පහර 5ක් ඔහුගේ එම සුපිරි ඉනිමට ඇතුළත් වුනා.

පන්දු 24ක දී වර්ණවත් වුනු ශානකගේ මනරම් ඉනිමට 4 පහර 2ක් සහ 6 පහර 5ක් ඇතුළත් වුනා. එසේම මේ තරගයේ දී ඕමාන කණ්ඩායමේ පන්දු රැකීම ද තරමක් දුර්වල මට්ටමක තිබුණා. පන්දු යැවීමේ දී Fayyaz Butt කඩුලු 2ක් දවා ගන්නා විට, Kaleemullah සහ Khawar Ali අතරේ එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

ලකුණු 163ක තරගකාරී ඉලක්කයක් හඹා ගිය ඕමාන කණ්ඩායමේ පළමු කඩුලු 5 ලකුණු 54ක් තුල දවා ගැනිමට ලහිරු කුමාර ප්‍රමුඛ ශ්‍රී ලංකා වේගපන්දු යවන්නන් සමත් වුනා. පසුව ඕමාන් කණ්ඩායමේ මැදපෙළ සහ පසුපෙළ පිතිකරුවන් එක්ව ශ්‍රී ලංකාවට ඉතාමත් හොඳ පීඩනයක් එල්ල කරමින් පන්දුවට පහර දුන් අතර, දක්ෂ පිතිකරණයක නිරත වුනු දකුණතින් පිත්ත හසුරුවන Khushi පන්දු 22ක දී වේගවත් ලකුණු 40ක් ලබා ගත්තා.

ඔහුගේ එම ප්‍රවේගකාරී ඉනිමට 4 පහර දෙකක් සහ 6 පහර 4ක් අන්තර්ගත වුනා. ඔහුට හොඳ සවියක් ලබා දුන් Mohammad Nadeem ලකුණු 32ක් ලබාගෙන සිටිය දී දවා ගැනීමට ලහිරු සමත් වුනා.

නුවන් ප්‍රදීප් පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කළ පසුව පාදයේ කලවා ආශ්‍රිත මස්පිඩු ඇදීමක් නිසා පිටියෙන් ඉවත්ව ගියත්, ඔහු එම පන්දුවාර දෙක තුල ලකුණු 7කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා. ලහිරු ලකුණු 30කට කඩුලු 4ක් දවාගෙන දස්කම් දක්වද්දී, චාමික කරුණාරත්න ද කඩුලු 2ක් දවා ගත්තා.

Result

Sri Lanka
162/4 (20)

Oman
143/8 (20)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c & b Kaleemullah 8 14 0 0 57.14
Dinesh Chandimal c Naseem Khushi b Fayyaz Butt 0 1 0 0 0.00
Kamindu Mendis lbw b Fayyaz Butt 0 1 0 0 0.00
Avishka Fernando not out 83 59 3 5 140.68
Bhanuka Rajapaksa c Sandeep Goud b Khawar Ali 15 21 1 0 71.43
Dasun Shanaka not out 51 24 2 5 212.50


Extras 5 (b 3 , lb 0 , nb 0, w 2, pen 0)
Total 162/4 (20 Overs, RR: 8.1)
Fall of Wickets 1-7 (1.5) Dinesh Chandimal, 2-7 (1.6) Kamindu Mendis, 3-21 (4.2) Pathum Nissanka, 4-51 (10.4) Bhanuka Rajapaksa,

Bowling O M R W Econ
Kaleemullah 4 0 18 1 4.50
Fayyaz Butt 4 0 42 2 10.50
Zeeshan Maqsood 3 0 22 0 7.33
Mohammad Nadeem 4 0 42 0 10.50
Aqib Ilyas 2 0 17 0 8.50
Khawar Ali 3 0 18 1 6.00


Batsmen R B 4s 6s SR
Kashyap Prajapati c Dinesh Chandimal b Nuwan Pradeep 0 4 0 0 0.00
Jatinder Singh c Dinesh Chandimal b Lahiru Kumara 7 10 1 0 70.00
Aqib Ilyas c Lahiru Kumara b Nuwan Pradeep 3 7 0 0 42.86
Zeeshan Maqsood c Dhananjaya de Silva b Lahiru Kumara 9 7 0 0 128.57
Mohammad Nadeem c Dinesh Chandimal b Lahiru Kumara 32 32 0 0 100.00
Ayaan Khan c Avishka Fernando b Chamika Karunaratne 23 25 1 0 92.00
Sandeep Goud c Dinesh Chandimal b Lahiru Kumara 17 13 0 0 130.77
Naseem Khushi c Bhanuka Rajapaksa b Chamika Karunaratne 40 22 0 0 181.82
Kaleemullah not out 1 1 0 0 100.00


Extras 11 (b 0 , lb 1 , nb 1, w 9, pen 0)
Total 143/8 (20 Overs, RR: 7.15)
Fall of Wickets 1-1 (0.4) Kashyap Prajapati, 2-10 (2.3) Aqib Ilyas, 3-20 (4.1) Jatinder Singh, 4-23 (4.6) Zeeshan Maqsood, 5-54 (11.1) Ayaan Khan, 6-87 (14.4) Sandeep Goud, 7-133 (18.6) Mohammad Nadeem, 8-143 (19.6) Naseem Khushi,

Bowling O M R W Econ
Nuwan Pradeep 2 0 7 2 3.50
Lahiru Kumara 4 0 30 4 7.50
Maheesh Theekshana 4 0 20 0 5.00
Chamika Karunaratne 4 0 27 1 6.75
Dasun Shanaka 4 0 41 0 10.25
Akila Dananjaya 2 0 16 0 8.00



දෙරට අතර පැවැත්වෙන මීළඟ විස්සයි විස්ස ක්‍රිකට් තරගය  එළඹෙන 9 වැනිදා Al Amerat ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි. එසේම මේ තරගාවලිය විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක් නොවන අතර මෙය සාමාන්‍ය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ලෙස සැලකෙනවා.

ලොව පුරා දෙස් විදෙස් කෙළිබිමේ තතු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<